The Leader News
BREAKING
Top Ad
පුවත්

දෙමළ මහවිරු සමරු සංවිධායකයන්ගෙන් පොලිසියට කැඳවයි

T

The Leader Desk

January 10, 2023 • 1:29 PM

දෙමළ මහවිරු සමරු සංවිධායකයන්ගෙන් පොලිසියට කැඳවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංඡන ප්‍රදර්ශනය වන අයුරින් මහවිරු සමරුවක් සංවිධානය කිරීමේ
  • ප්‍රසාන්ත්, බාස්කරන් වනජන් ගෙන් ජනවාරි 9 වැනි සදුදා මුල්ලියාවේලි පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගත් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • ඔවුන් හය දෙනාගේ නිවෙස් වෙත ජනවාරි 8 වැනිදා ගිය පොලීසිය දැනුම් දී ඇත්තේ ප්‍රකාශ සටහන් කරගැනීම සදහා ජනවාරි 9 වැනි දින මුල්ලියාවේලි පොලීසිය වෙත පැමිණෙන ලෙසයි.
  • නොවැම්බර් 27 දාට යෙදී තිබු දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය වෙනුවෙන් නොවැම්බර් 26 වැනිදා මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ පිවිසුම අසල ඉදිකළ තොරණ සැරසීම සදහා ඊලම් සිතියම සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ගිනි අවි අත දරා සිටින සේයා රූ ඇතුලත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝදනා යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ සංවිධායක කමිටු සාමාජිකයන් හය දෙනකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති කමලනාදන් විජින්දන්, එම ප්‍රාදේශිය සභාවේ සාමාජිකයන් වන එස්.ලෝගේෂ්වරන්, ටී. රවීන්ද්‍රන්, ටී.අමලන්, සහ සමාජ ක්‍රියාකාරීන් වන ජී.ජේ. ප්‍රසාන්ත්, බාස්කරන් වනජන් ගෙන් ජනවාරි 9 වැනි සදුදා මුල්ලියාවේලි පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගත් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

ඔවුන් හය දෙනාගේ නිවෙස් වෙත ජනවාරි 8 වැනිදා ගිය පොලීසිය දැනුම් දී ඇත්තේ ප්‍රකාශ සටහන් කරගැනීම සදහා ජනවාරි 9 වැනි දින මුල්ලියාවේලි පොලීසිය වෙත පැමිණෙන ලෙසයි.

නොවැම්බර් 27 දාට යෙදී තිබු දෙමළ මහවිරුවන් සැමරීමේ සංවත්සරය වෙනුවෙන් නොවැම්බර් 26 වැනිදා මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ පිවිසුම අසල ඉදිකළ තොරණ සැරසීම සදහා ඊලම් සිතියම සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ගිනි අවි අත දරා සිටින සේයා රූ ඇතුලත් කර තිබේ.

නොවැම්බර් 26 වැනිදා සවස එම ස්ථානයට පැමිණි පොලීසිය සංවිධායකයන්ට දැනුම් දී ඇත්තේ එම සංකේත වහාම ඉවත් කරන ලෙසයි.

පසුදා උදෑසන එම සංකේත ඉවත් කිරීමට තමන් තිරණය කර තිබුනද ඊට පෙර එම ස්ථානයට පැමිණි පොලීසිය ඒවා ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසියට ප්‍රකාශ ලබාදුන් මුල්ලියාවේලි මහවිරු සුසාන භුමියේ සංවිධායක කමිටු සාමාජිකයන් පවසන්නේ.

පොලීසිය විසින් තමන්ට එරෙහිව ගොනු කළ නඩුවක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විභාග වෙමින් පවතින අතර ඊට අදාලව පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත් බව ඔවුන් පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබේ.

දෙමළ මහවිරුවන් සැමරීම පසුගිය වසරේ නොවැම්බර් 27 දා උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන රැසකම සිදු කළ අතර යුද්ධයේදී ඝාතනයට ලක්වු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ නම් ඇතුලත් ඵලක කිහිපයක් විවෘත කරමින් යාපනයේදී මහවිරු සැමරුම් සතිය ද පවත්වා තිබුනි.

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...