The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

පොලිසිය උතුරේදී වෙඩි තබා මැරූ නමයක් වෙනුවෙන් අනුස්මරණයක්

T

The Leader Desk

January 10, 2023 • 1:45 PM

 පොලිසිය උතුරේදී වෙඩි තබා මැරූ නමයක් වෙනුවෙන් අනුස්මරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ නම දෙනකු දෙමළ ජනතා නියෝජිතයන් විසින් අනුස්මරණය කර තිබේ.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 වසරේදී ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකිරීම සදහා යාපනය වීරසිංහම් ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධියට මලින් පහනින් උපහාර දැක්වීමට දෙමළ ජනතා නායකයන් කටයුතු කළ බවයි.
  • ජනවාරි 10 වැනි අගහරුවාදා පෙරවරුවේ පැවැති අනුස්මරණ උත්සවය සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.
  • ශ්‍රීධරන්, දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන සී.වී.කේ ශිවඥානම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ නම දෙනකු දෙමළ ජනතා නියෝජිතයන් විසින් අනුස්මරණය කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 වසරේදී ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකිරීම සදහා යාපනය වීරසිංහම් ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධියට මලින් පහනින් උපහාර දැක්වීමට දෙමළ ජනතා නායකයන් කටයුතු කළ බවයි.

ජනවාරි 10 වැනි අගහරුවාදා පෙරවරුවේ පැවැති අනුස්මරණ උත්සවය සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන සී.වී.කේ ශිවඥානම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ හිටපු  සභාපති ද වූ  සී.වී.කේ ශිවඥානම් අවධාරණය කර ඇත්තේ, මේ ආකාරයට අනුස්මරණ සිදු කිරීම මගින් මෙවැනි ඝාතන වලට ඇති අකමැත්ත ජාතිවාදී රජයට ලබා දෙන අතර ඝාතනයට ලක් වු ජනතාවගේ ආත්මයන්ට ශාන්තිය ප්‍රාර්ථනා කරන බවයි.

Jaffna 2023 4

Jaffna 2023 3

Jaffna 2023 2
Jaffna 2023 1



50 ට වැඩි පිරිසකට තුවාල

දෙස් විදෙස් උගතුන්ගේ දායකත්වයෙන් 1974 ජනවාරි 3 දායින් ඇරැඹී පුරා සතියක් තිස්සේ පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ දී නොදන්වාම සම්මේලන භූමියට ඇතුල්වූ යාපනයේ සහකාර පොලිස් අධිකාරි එස්. කේ චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත් පොලිස් භට කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද්දේ කීර්තිමත් තමිල්නාඩු විද්වතකු වූ මහාචාර්ය නයිනා මොහමඩ් සිය දෙසුම පවත්වමින් සිටියදීය.

සමුළුව කොළඹ පවත්වන ලෙස බල කරමින් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කළ බාධා නොතකා යාපනයේම එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධායකයෝ සමත් වී සිටියහ.

ජීප්රථ සහ වෑන්රථ වලින් පැමිණි පොලිස් භට පිරිස් යාපනයේ වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින් පහර දෙමින් වෙඩි තැබූ බව සමුළුවට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පසුව පවසා තිබුනි.

පොලිසිය වෙඩි තැබීමෙන් කඩා වැටුනු විදුලි රැහැන් ද ප්‍රහාරයෙන් බේරීමට පලා යන පිරිස් මත ඇද වැටී තිබේ.

පොලිස් ප්‍රහාරයෙන් නම දෙනකු මරා දමන ලද අතර නගරය අවට දේපල විනාශ වී තවත් 50 කට වැඩි ගණනක් බරපතල තුවාල ලැබුහ.


පොලිසිය සේවයක් මිස බලකායක් නොවේ


සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වල්ඩ් ලෙස්ලි ද ක්‍රෙස්ටර් ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසම තීන්දු කර තිබුනේ පොලිසිය තම රාජකාරිය නිසි පරිදි අවබෝධ කර නොගෙන දියත් කළ ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැකි බවයි.

“තමන්ගේ රාජකාරිය ඇත්තේ පොලිස් සේවයක මිස පොලිස් බලකායක නොවන බව පොලිස් නිලධාරීන් වටහා ගත යුතුයි,” යනුවෙන් ‘ජනවාරි 10 ඛේදවාචකය’ නම් කොමිසන් වාර්තාව පවසයි.

xdgfstg

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී මානික්කවාසගර් සහ යාපනයේ හිටපු අගරදගුරු සබාපති කුලේන්ද්‍රන් සාමාජිකත්වය දැරූ කොමිසම 1974 පෙබරවාරි 18 දින ප්‍රකාශයට පත් කළ වාර්තාවේ මෙසේද දැක්වේ.

“නිරායුද පුරවැසියන්ට මේ රාත්‍රියේ (1974 ජනවාරි 10) ප්‍රචණ්ඩ සහ අනවශ්‍ය ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය වරදකාරී වන බව අප විසින් එළැඹි නොවැලැක්විය හැකි නිගමනයයි. ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා කල්පනාකාරීව කටයතු කිරීමට බැඳී සිටින සිවිල් පොලිස් බලකායකින් අපේක්ෂා කෙරෙන නිවැරදි විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම අපේ බලවත් කනස්සල්ලට හේතු වෙයි. ශාරීරික හානි සහ දේපල හානි සිදුවූයේද, ජීවිත හානි සිදුවූයේද, පොලිස් නිලධාරියකු විසින් ගන්නා ලද මුළුමනින්ම වැරදි සහගත සහ අමනෝඥ තීරණයකින් දියත් වුනු සිද්ධි දාමයකට අහිංසකයන් බිලි වීමෙනි. අනාරක්ෂිත සහ අහිංසක පුරවැසියන් මත්තේ මුදාහරින ලද පොලිස් ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැක.”

 

 
 

JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...