leader s

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනවාරි 27 දා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමටත් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය  යළි පෙබරවාරි 08 ආරම්භ කිරීමටත් ජනාධිපති රනිල්

වික්‍රමසිංහ තීරණය කර ඇත.

පෙබරවාරි 08 දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

අද (16) පැවති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඔහු එබව සඳහන් කර ඇත්තේ, කෝප් සහ කෝපා පාර්ලිමේන්තු මුදල් කමිටු සදහා මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් ‌කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමිනි.

මෙසේ ලබන 27 වැනිදා පාර්ලිමේන්තුව කල් තැබීමත් සමග දැනට පවතින කෝප් සහ කෝපා කමිටු අහෝසි වී යනු ඇත.

මෙම කාල සීමාව තුළ යෝජනා හෝ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ සභාගත කළ නො හැකි අතර පාර්ලිමේන්තුව මගින් කලින් ගන්නා ලද ක්‍රියාමාර්ග වලංගු ව පවතී. පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම රජයේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කෙරෙහි කිසිදු බලපෑමක් නොමැත.

ඉදිරි 25 වසර සඳහා වූ රාජ්‍ය ප්‍රතිපතිමය වැඩපිළිවෙලසම්බන්ධයෙන් වූ සටහනක් ද ජනාධිපතිවරයා විසින් අද දින පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අවධානයට යොමුකර ඇති අතර එහි පිටපතක් පහත පළවේ. 

Next 25  

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්