BREAKING
Top Ad
පුවත්

සිරිමාවෝ : අනෝමාට ජාත්‍යන්තර සම්මානයක්

T

The Leader

January 23, 2023 • 11:25 PM

සිරිමාවෝ : අනෝමාට ජාත්‍යන්තර සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය.
  •   1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.
  • 23) සවස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.
  • 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබේ.

 

327186494 3324591524450051 2586199401522475711 n

1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ යෙදුණු සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමාපටය නිපදවා තිබේ.

2016 වසරේ සිට වසර 5ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා වැයකර තිබූ අතර ඒ සඳහා සිරිමා මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් සහ විමුක්ති සහ යශෝදරා යන මුනුබුරු මිනිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබේ.

අනෝමා රාජකරුණා ඊයේ (ජන. 23) සවස බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටියහ.


327130568 2177903385745331 7802270070862628546 n327245183 707536720752326 6630472114386589534 n

 

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...