BREAKING
Top Ad
පුවත්

අනතුරු නොතකා සේවයේ යෙදෙන 'මෑන් පවර්' කම්කරුවන් ගැන නිර්දේශයක්

T

The Leader

March 17, 2023 • 3:01 AM

අනතුරු නොතකා සේවයේ යෙදෙන 'මෑන් පවර්' කම්කරුවන් ගැන නිර්දේශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මෑන් පවර්'' කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කම්කරු කොමසාරිස් යටතේ ලියා පදිංචි කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
  • අදාළ පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ කෙතරම් දුෂ්කර වැඩ කොන්දේසි යටතේ වුවද කම්කරුවන් ''මෑන් පවර්'' සේවයට යොමුවන්නේ නිවාඩු ගැනීමේ නිදහස වෙනුවෙන් බවයි.
  • කර්මාන්ත ශාලාවල ස්ථිර කම්කරුවන් යෙදීමට ප්‍රතික්ෂේප කරන අන්තරායකාරී වැඩ වලට මේ ''මෑන් පවර්'' කම්කරුවන් යොදවා ගැනේ.
  • ඔවුන් ලබන දෛනික වැටුපෙන් සියයට විසි පහක් හෝ තිහක්  රැකියා ඒජන්සිකරුවන් විසින් ලබා ගන්නා නමුත් අතිකාල දීමනා ඇතුළු වෙනත් කිසිදු දීමනාවක් ''මෑන් පවර්'' කම්කරුවනට හිමි නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):



බියගම, කටුනායක සහ වතුපිටිවල නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන් අතර ''අයුක්තියේ නුල් පොට - Threads of Injustice'' නමින් කරනු ලැබූ පර්යේෂණයක් මගින් හෙළිදරව් වී ඇත්තේ ''මෑන් පවර්'' කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකියා ඒජන්සිකරුවන් විසින් උල්ලංඝණය කරන බවයි.

''ෆෝරම් ඒෂියා'' නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ දේශීය නියෝජිතයා වන නීතිය හා සමාජ භාරය මගින් සිදු කර තිබෙන මෙම පර්යේෂණය මගින්  ''මෑන් පවර්'' කම්කරුවන්ගේ සේවා අයිතීන් රැක ගැනීම සදහා ආණ්ඩුවට සහ කර්මාන්ත ශාලා පාලකයින්ට නිදේශ කිහිපයක්ද මේ මගින් ඉදිරිපත් කර තිබේ.

මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ පමණක් වැඩකරන ''මෑන් පවර්'' කම්කරුවන් ප්‍රමාණය මිලියන දෙකකි. අදාළ පර්යේෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ කෙතරම් දුෂ්කර වැඩ කොන්දේසි යටතේ වුවද කම්කරුවන් ''මෑන් පවර්'' සේවයට යොමුවන්නේ නිවාඩු ගැනීමේ නිදහස වෙනුවෙන් බවයි.

කර්මාන්ත ශාලාවල ස්ථිර කම්කරුවන් යෙදීමට ප්‍රතික්ෂේප කරන අන්තරායකාරී වැඩ වලට මේ ''මෑන් පවර්'' කම්කරුවන් යොදවා ගැනේ.

ඔවුන් ලබන දෛනික වැටුපෙන් සියයට විසි පහක් හෝ තිහක්  රැකියා ඒජන්සිකරුවන් විසින් ලබා ගන්නා නමුත් අතිකාල දීමනා ඇතුළු වෙනත් කිසිදු දීමනාවක් ''මෑන් පවර්'' කම්කරුවනට හිමි නොවේ.


තවත් නිර්දේශ


නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීම වෙනුවෙන් වෙනම කම්කරු මහ ලේකම් කාර්යාලයක් පිහිටු වීම, සෑම නිදහස් වෙළඳ කාලපයක් ආසන්නයේම කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් පිහිටුවමින්  විශේෂයෙන්ම ''මෑන් පවර්'' කම්කරුවන් ඒ යටතේ ලියාපදිංචි කිරීම ආණ්ඩුවට යෝජනා කරන එම සංවිධානය ඇඟළුම් කර්මාන්ත පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලුම කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට ගරුකරමින් පවතින ආර්ථික උද්ධමනයට අනුව වැටුපක් ලබා දෙන ලෙසයි.

නිතිය හා සමාජ භාරය විසින් එළිදක්වා ඇති මෙම පර්යේෂණ වාර්තාව මගින් ඇඟළුම් කර්මාන්තයේ නිරත ස්ථිර සේවකයන් මුහුණ දෙන ගැටළු ගැන ද සඳහන් කර ඇත.

සේවා ස්ථානයන් හි ලිංගික හිංසනය, වැඩ සුරක්ෂිතතාවය, නිෂ්පාදන ඉලක්ක ලබා දීමේදී ඉදිරිපත් කරන දුෂ්කර වැඩ කොන්දේසි, කම්කරුවන්ට සාමකාමී රැස්වීමේ නිදහස හා වෘත්තීය සමිති වෙත යොමු වීමේ අවස්ථාද ඇඟළුම් පාලකයන් විසින් අහිමි කර ඇති බවට මේ මගින් හෙළිදරව් කරයි.



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...