නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් අද (21) පරාජයට පත්විය.



ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

පොහොට්ටු පක්ෂයෙන් ගාලු දිස්ත්‍රික්කට නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඔහු මේවනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට ගැසට් නිවේදනයක් මීට පෙර නිකුත් කර තිබිණ.

පාර්ශව ගණනාවක් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ, ඒ තුළින් විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවන බැවින් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි.

ඒ සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්