BREAKING
Top Ad
පුවත්

නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාවට චන්දිම තනිවම හිටගනී

T

The Leader

March 21, 2023 • 1:27 AM

නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාවට චන්දිම තනිවම හිටගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් අද (21) පරාජයට පත්විය.
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.
  • පොහොට්ටු පක්ෂයෙන් ගාලු දිස්ත්‍රික්කට නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
  • ඔහු මේවනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

පොහොට්ටු පක්ෂයෙන් ගාලු දිස්ත්‍රික්කට නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. ඔහු මේවනවිට පාර්ලිමේන්තුව තුළ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට ගැසට් නිවේදනයක් මීට පෙර නිකුත් කර තිබිණ.

පාර්ශව ගණනාවක් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ, ඒ තුළින් විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවන බැවින් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි.

ඒ සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...