BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය : සාරා ජෙස්මින් ගැන පොලිස් නිවේදනයක්

T

The Leader

March 29, 2023 • 11:11 AM

පාස්කු ප්‍රහාරය : සාරා ජෙස්මින් ගැන පොලිස් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ
  • පොලීසිය සඳහන් කරන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් එබව තහවුරු වී ඇති බවය.
  • ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී ය.
  • ඇය සයින්දමරදුහි නිවෙසක සිදුවූ පිපිරීමෙන් මියගිය බව පැවසුන ද, එය තහවුරුව නොතිබුන තත්වයක් තුළ ඇය මියගියා ද, තවමත් ජීවතුන් අතර ද, නැතහොත් ඉන්දියාවට පලාගියා ද යන අභිරහසක්ව පැවතින.
අකුරු ප්‍රමාණය (Font Size):

මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් මියගිය තැනැත්තන් අතර සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් ද සිට ඇති බව තහවරු වී ඇතැයි පොලිසිය පවසයි.


පොලීසිය සඳහන් කරන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් එබව තහවුරු වී ඇති බවය.

ඒ තුන්වන වරට ලබාගන්නා ලද සියුම් සාම්පල සම්බන්ධව සිදුකරන ලද DNA පරීක්ෂාවේ දී ය.



පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් "සාරා ජෙස්මින්" යනු කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් හස්තුන්ගේ බිරිඳ යි. ඇය සයින්දමරදුහි නිවෙසක සිදුවූ පිපිරීමෙන් මියගිය බව පැවසුන ද, එය තහවුරුව නොතිබුන තත්වයක් තුළ ඇය මියගියා ද, තවමත් ජීවතුන් අතර ද, නැතහොත් ඉන්දියාවට පලාගියා ද යන අභිරහසක්ව පැවතින.



අද දිනයේ නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙන්නේ, පුලස්තිනී මහේන්ද්‍රන්ගේ මවගෙන් ලබාගන්නා DNA සාම්පල සමග බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානයේදී සොයාගන්නා ලද අස්ථි කොටස්වල DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවත් එය සියයට අනූනවයයි දශම නවයයි නවයක් බවට තහවුරු වී ඇති බවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් තහවුරු වන බවය.

kjbzkf

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...