ප්‍රතිත්‍රස්ත පනත පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් ඊයේ දිනයේ (06) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමු වී ඒ පිළිබඳව කරුණු දක්වමින් විශේෂ සාකච්ජාවක නිරත විය.



මෙම සාකච්ජාවේදී මතු වූ කරුණු පිළිබව තම අවධානය යොමු කරන බව පැවසු අමාත්‍යවරයා අවසන් තීරණය ගනු ලබන්නේ සියළු පාර්ශවයන්ට සවන්දීමෙන් පසුව බව සඳහන් කළේය.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය, සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රැසක් සමඟ පසුගිය සති කිහිපය තුළ සිදුකර ඇති සාකච්ජාවන්හි දි බලවත් අවධානයට ලක් වූ කරුණු රැසක් පදනම් කරගනිමින් 'සාධාරණ  සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම අවස්ථාව ලබා දී තිබුණි.

 

මෙම සාකච්ජාවේදි විශේෂයෙන් ම අවධානයට ලක් වූයේ පනතේ ඇතැම් විධිවිධාන හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මහජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල විය හැකි තර්ජනයන් පිළිඳවය. එමෙන් ම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවට පැහැදිලි සාධක පවතින ඇතැම් බලධරයන් වෙත ප්‍රශ්න කිරීමට නොහැකි අන්දමේ අධික බලතල ලබා දීම තුළ මෙම පනතේ විධිවිධාන අවභාවිතා කිරීමට හැකි විභවයක් නිර්මාණය වී තිබීම පිළිබඳවද එම නියෝජිත පිරිස අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි.

 

එමෙන්ම වෘත්තීය සමිති හා මාධ්‍ය නිදහස පිළිබව සැළකීමේදී අවධානයට යොමු විය යුතු කරුණු ගණනාවක් පිළිබවද එහිදි සාකච්ජාවට ලක් විය.‍

අමාත්‍යවරයා සමග සිදුකරන ලද මෙම සාකච්ජාවට මහාචාර්ය රොහාන් සමරජීව, ජ්‍යෙෂ්ඨ නීතීඥ ජාවේඩ් යූසුෆ්, ආචාර්ය ජෙහාන් පෙරේරා, ආචාර්ය නිමල්කා පුනාන්දු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු ලසන්ත ද සිල්වා, නීතීඥ අකලංක හෙට්ටිආරච්චී ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


''ත්‍රස්තවාදී ක්‍රියාවක් ඔප්පු වුණොත් අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ. නැතිනම් ආණ්ඩුවක් වැඩක් නැහැනේ''- අධිකරණ ඇමති

 91a73950 d2c1 11ed 9b9f 439b7db451e9

 

ප්‍රතිත්‍රස්ත පනත තමා හෝ ආණ්ඩුව වෙනුවෙන් ගෙනෙන පනතක් නොව රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙනඑන පනතක් බව අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ බීබීසී සිංහල සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියි.

 

නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට පක්ෂව හා විපක්ෂව ඇති කරුණූ මෙන්ම විවේචන සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී අදහස් දක්වයි.


"යමෙකු ජනමාධ්‍ය හරි, සමාජ මාධ්‍ය හරි වෙන කුමන මාධ්‍යයක් හරි භාවිත කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවකට නම් ත්‍රස්තවාදී පනතට අහුවෙනවා. එක අපේ රටේ විතරක් නෙමේ ත්‍රස්තවාදය පිළිබඳ ලෝකයේ නීති පනවපු හැම රටේම තිබෙනවා" අමාත්‍යවරයා එම  සාකච්ඡාවේදී පැවසීය.

ආණ්ඩු විරෝධී මත පළ කරන මාධ්‍ය ආයතන තහනම් කිරීමට හැකියාවක් ඇති බවට පළවන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ "ත්‍රස්තවාදී ක්‍රියාවක් ඔප්පු වුණොත් අනිවාර්යෙන් එහෙම කරන්න ඕනේ. එහෙම නොකරන රටක් නැහැ. එහෙම නැතිනම් ආණ්ඩුවක් වැඩක් නැහැනේ"

මෙම පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ "මගේ ස්ථාවරය මම පක්ෂයක් වෙනුවෙන් හෝ නායකයෙක් වෙනුවෙන් කවදාවත් වෙනස් නොකරපු දේශපාලනඥයෙක්. මේක රටට ගැලපෙන හැමෝටම පිළිගන්න පුළුවන් සාධනීය පනත් කෙටුම්පතක්. අවසාන වශයෙන්, මගේ තීරණය ම නෙමේ පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ." ඔහු පෙන්වා දුන්නේය.

"මේක මේ මං වෙනුවෙන්වත් ආණ්ඩුව වෙනුවෙන්වත් ගේන එකක් නෙමේ. මේක තව දීර්ඝ කාලයක් තිස්සේ රටේ ජාතික ආරක්ෂාව බළලා ගේන එකක්."
අමාත්‍ය විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නේ "ඔය විවේචනය ඉදිරිපත් කරන අය ඔය ඔක්කොම ආපහු යම් අවස්ථාවක පාස්කු ප්‍රහාරයක් වගේ දෙයක් සිද්ධවුණොත් ආපහු වැඳගෙන ඇවිල්ලා කියනවා ත්‍රස්ත පනත කරුණාකරලා ක්‍රියාත්මක කරන්න කියලා, ඔය කණ්ඩායම ම . මේක විවේචනය කරන අයගේ ජීවිත ආරක්ෂා කරන්න යි මේක තියෙන්නේ."





සබැඳි පුවත් :

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)
 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්