leader s

ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත්, යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක් හඳුන්වා දෙන බවට ලබා දුන් පොරොන්දුව කඩ වන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය පවසයි.



ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බලධාරීන්ට බලය ලැබෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර සිටියි.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත රජය ඉවත් කර ගත යුතු බවත් ඉදිරියේදී සම්මත කිරීමට අදහස් කරන ඕනෑම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව උපදේශන ලබා ගනිමින් සහතික කරගත යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කර සිටියි.

රජය පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කළා යැයි පවසමින් එල්ල වූ දේශීය සහ ජාත්‍යන්තර විවේචන හේතුවෙන් එම විවේචන ආමන්ත්‍රණය කරමින් ඊට වඩා හොඳ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය පොරොන්දු වූ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිහිපත් කරයි.

පවතින පනතෙන් මතුවූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම පසෙකලා නව පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය තවත් පුළුල් කර ඇති බවත් දේපළ හානි, සොරකම හෝ මංකොල්ල කෑම වැනි අපරාධ නව පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇති බවත් සාමකාමීව රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසද නව පනත් කෙටුම්පත මගින් සීමා කර ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත.

නව පනත් කෙටුම්පතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නොමැති ධනාත්මක කරුණු කීපයක් තිබෙන නමුත්, නව පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලබා දෙන විධිවිධාන ඇතුලත් වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

(උපුටා ගැනීම - lankadeepa.lk)



මුලාශ්‍රය :
Sri Lanka: Reject New Counterterrorism Bill


සබැඳි පුවත් :

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)


JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්