ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට මුවා වී රට අස්ථාවර කිරීමට ඉඩ දිය නොහැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ප්‍රකාශ කරයි.



ජනතාවටත්, රටේ අනාගතයටත් බාධාවක් වන ලෙස කටයුතු කරන ඕනෑ ම ව්‍යාපාරයකට එරෙහිව නීතිමය පියවර ගැනීම  රජයේ වගකීම වන බව ඔහු අවධාරණය කර සිටියි.

ඉකුත් වසරට, සාපේක්ෂව රටේ සියළු අංශවල සාධනීය ප්‍රගතියක් මේ වන විට අත්පත් කර ගෙන ඇති බව අවධාරණය කරන කනක හේරත් අමාත්‍යවරයා, ඇතැම් ආණ්ඩු විරෝධී කණ්ඩායම්වලට මෙම පරිවර්තනය දරාගත නොහැකි වී ඇති බව ද කියා සිටියි.

රජයේ නිලධාරීන් තම වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම්, එයින් ජනතාවගේ ගර්හාවට ලක්වනේ දේශපාලඥයින් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු එම කාරනා සඳහන් කර සිටියේ, පසුගියදා රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ දී පැවැති අඩු ආදායම් ලාභී ජනතාවට සහල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහ පින්නවල, වාගොල්ල දිස්ත්‍රික් කෘෂි පුහුණු පරිශ්‍රයේ ඉදිකළ Agri Fresh-  Sabaragamuwa වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 11148 කට සහල් කිලෝ  10 බැගින් ප්‍රදානය කෙරිනි.

 

වර්තමානයේ ත්‍රස්ත මර්දන පනත ගැන කතාබහක් ඇති වී තිබෙන බව මෙම රැස්වීමේදී පැවසු රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, මේ පනත රටේත් ජනතාවගේත් සුරක්ෂිත භාවය සඳහා ගෙන එන පනතක් බවත්, ඒ සඳහා කිසිවෙක් හෝ කණ්ඩායමක් විරුද්ධ වන්නේ නම් ඒ ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් මිස රටට ජනතාවට ආදරය කරන පිරිසක් නොවන බවත් අවධාරණය කළේය.

 

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් තවදුරටත් මෙසේ අදහස් දැක්විය.


''සමහර නිලධාරීන්ගේ වැඩ නිසා ගර්හාවට ලක්වන්නේ දේශපාලඥයින්''


'' මේ වන විට ජීවන වියදම ඉකුත් වසරට සාපේක්ෂව සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කරනවා. ඉන්ධන, ගැස් මිල  අඩුවෙලා, අලුත් අවුරුදු  සමයේ රජය  ජනතාව වෙනුවෙන් විශාල වශයෙන් සහන ලබා දී තිබෙනවා, ඒත් එහි වාසිය ජනතාවට ලැබෙනවා ද යන්න ගැටලුවක් තිබෙනවා. පාරිභෝගික කටයුතු  අධිකාරිය සතු වගකීම වන්නේ පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳ ව්‍යාපාර වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

අද ඕනෑ ම ගැටලුවක දී, සමාජය ඇඟිල්ල දිගු කරන්නේ දේශපාලඥයන්ට. රජයේ නිලධාරීන් තම වගකීම නිසි ලෙස ඉටු නොකරන්නේ නම්, එයින් ජනතාවගේ ගර්හාවට ලක්වන්නේ දේශපාලඥයින් බව අපි තේරුම් ගත යුතුයි.

දේශපාලකයාගේ සහ ජනතාවගේ ආකල්පමය වෙනසක් විය යුතු බවට සමාජය පෙන්වා දුන්නද, රාජ්‍ය නිලධාරියාද, ආකල්පමය වෙනසකට පරිවර්තනය විය යුතුයි. අමාත්‍යාංශ නිලධාරීන් අදාල අමාත්‍යාංශයේ ඇමැති වරයාට අවශ්‍ය සහාය නිසි පරිදි ලබා නොදෙන්නේ නම් ජනතාව ගේ අවශ්‍යතා ඉටුකිරීමේදී එය  ප්‍රධාන බාධාවක්. 

 

ජනතාව තුළ අනවශ්‍ය පීඩනයක් ඇතිවන්නේ නිලධාරීන් නිසි වෙලාවේදී, නිසි ක්‍රියා මාර්ග නොගැනීමේ ප්‍රතිඵලයක් නිසා බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය වරයා,  අප කටයුතු  කළ යුත්තේ ජනතාව ගේ අවශ්‍යතා ඉටුකිරීමට මිස, රට අස්ථාවර කරන කුමන්ත්‍රණ කරුවන්ගේ න්‍යාය පත්‍රවලට නොවන බව ද කීය.

 

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. 

 

PHOTO 2023 04 12 12 54 01PHOTO 2023 04 12 12 54 01 1PHOTO 2023 04 12 12 54 01 2


 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්