ත්‍රස්තවිරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එය සිදුකිරීමේදී එයට අදාළ සියළු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' පවසයි.



යෝජිත ත්‍රස්තවිරෝධී පනත පිළිබඳ තම සංවිධානයේ ස්ථාවරය හා ඊට අදාළ යෝජනා අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සුනිල් ජයසේකර එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි අන්තර්ගත ඇතැම් අගතිදායක කරුණු පිළිබඳව බලවත් අවධානය යොමු කර ඇති සිවිල් සමාජ සංවිධාන ගණනාවක නායකත්ව මණ්ඩලයක් පසුගිය 06 වෙනිදා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හමු වී ඒ පිළිබඳව කරුණු දක්වමින් විශේෂ සාකච්ජාවක නිරත විය.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය, සිවිල් හා දේශපාලන ක්‍රියාධරයන් රැසක් සමඟ පසුගිය සති කිහිපය තුළ සිදුකර ඇති සාකච්ජාවන්හි දි බලවත් අවධානයට ලක් වූ කරුණු රැසක් පදනම් කරගනිමින් 'සාධාරණ  සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යවරයා විසින් එම සාකච්ජාව අවස්ථාව ලබා දී තිබුණි.

කෙසේවුවද ඉන් අනතුරුව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ද කරුණු ගෙනහැර දක්වමින් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ප්‍රධාන ලේකම් සුනිල් ජයසේකර ඊයේ (12) දිනයේ නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.


''ත්‍රස්තවාදයට එරෙහි නව නීති පැනවීමේ අවශ්‍යතාවය ද අපි පිළිගන්නෙමු''


මේ වන විට කෙටුම්පත් කර ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත මේ වන විට  ලිඛිතව යොමුකර තිබේ. එසේ කටයුතු කර ඇත්තේ අප සංවිධානයේ නියෝජිත පිරිසක් හා සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් සැදුම් ලත් කණ්ඩායමක් අමාත්‍යවරයා හමුවී කරනු ලැබූ සාකච්ඡාවේදී සිදුකරණ ලද කරුණු දැක්වීමට අමතරවය.

 

'සාධාරණ  සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' ඒ මගින් පෙන්වා දී ඇති මූලිකම කරුණ වී ඇත්තේ මෙවැනි පනතක් සම්මත කරගැනීමේදී ත්‍රස්වාදය පිළිබදව පැහැදිළි ලෙස නිර්වචනය කර ඊට අදාළ විධිවිධාන පැනවීම සිදුකල යුතුව ඇති බවය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති භාෂණයේ, සංවිධානය වීමේ හා රැස්වීමේ මූලික හා සිවිල් අයිතිවාසිකම්වලට ඒ මගින් සීමාවන් ඇති නොකල යුතුව ඇත. එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි චෝදනාවකට සම්බන්ධව කෙරෙන රඳවා ගැනීම් පිළිබඳ අධිකරණය සතු වගකීම පූර්ණ වශයෙන් සහතික කිරීම අත්‍යවශ්‍ය බවද ඒ මගින් පෙන්වා දී තිබේ.

 

මීට අමතරව, ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පතේ X කොටස මගින් මහජන ආරක්‍ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ සකස් කර ඇති හදිසි නීති රෙගුලාසි මගින් පමණක් දැනට කළ හැකි සංවිධාන තහනම් කිරීම, ස්ථාන "තහනම් ස්ථාන" ලෙස ප්‍රකාශ කිරීම යනාදිය විධායකයට කළ හැකි ය. අපගේ යෝජනාව වන්නේ එම කොටස ඉවත් කර, දැන් මෙන් හදිසි නීති යටතේ එම ක්‍රියාවන් පාර්ලි‌‌මේන්තුවේ සංවරණ සහ තුලනයන්ට යටත්ව කරන ලෙසයි.

 

මූලික කරුණු තුනක්


මෙහිදී මෙම කරුණට අදාළව අපගේ ස්ථාවරයද අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදි අප  නියෝජිත කණ්ඩායම විසින් සඳහන් කරන ලදී. ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පිළිගැනීම මූලික  කරුණු තුනක් යටතේ සඳහන් කරන ලදී.

එනම් දනට බලාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කල යුතුව තිබේ. එමෙන්ම ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් මේ වන විට සමස්ථ ලෝකය මුහුණ දෙමින් සිටින ත්‍රස්තවාදී අභියෝගයන් ද සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදයට එරෙහි නව නීති පැනවීමේ අවශ්‍යතාවය ද අපි පිළිගන්නෙමු. එහෙත් ඒ සඳහා මේ වන කෙටුම්පත් කර ඇති ත්‍රස්තවිරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එය සිදුකිරීමේදී එයට අදාළ සියළු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇත.''



සබැඳි පුවත් :

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදය ද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්