1200 x 80 DMirror

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා නිලධාරිවාදයෙන් එල්ලවන තර්ජන හමුවේ තුවක්කු පෙන්නීමට සිදුවනු ඇතැයි 'සමබිම' පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.



සමබිම පක්ෂ නායක  දීප්ති කුමාර ගුණරත්න එබව කියා සිටියේ, අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන 'එක්සත් මහජන පක්ෂය' (UPP) විසින් මැයි 26 දා ශ්‍රී ලංකා පදනම් ආයතනය තුලදී සංවිධානයකර තිබු අධ්‍යාපනික වැඩමුළුවක සම්පත් දායකයකු ලෙස සහභාගී වෙමිනි.

උසස් පෙළ විභාගය කඩිනමින් නතර කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

 

මේ වන විට අධ්‍යාපනය පුහුණු කිරීමක් බවට පත්ව ඇති බවත්, එම අධ්‍යාපන ක්‍රමයෙන් ඵලදායී පුරවැසියෙක් බිහි කළ නොහැකි බව උයන්ගොඩ වාර්තාව පාදක කරගනිමින් ඔහු පෙන්වා දුන්නේය.

 

කිසිදු දේශපාලන ව්‍යාපාරයක් ස්පර්ශ නොකරන “රාජ්‍ය ප්‍රතිසංස්කරන” වලට එරෙහිව ඇති එහි යටිපෙලත්, ඒ හා බැදුනු ආත්මීය බාධාවන් පිළිබඳවත් දේශපාලන හා සමාජ විශ්ලේෂකයකු වන දීප්ති කුමාර ගුණරත්න මෙම වැඩමුළුවේදී පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කළේය.

ලංකාවේ අධ්‍යාපනය හා එහි ප්‍රතිසංස්කරණ පිළිබඳවත්, ඒවා ගිලගෙන ඇති නිලධාරිවාදයත් පිළිබඳව කරන පහත වීඩියෝව බලන්න.

ලංකාව වෙනස් කලහැකි දේශපාලනය යනු කුමක්දැයි යන්න පිලිබදව ඔහු මෙහි දී ඉඟි පළකර තිබේ.

සිය වසර 30 ක න්‍යායික හැදෑරීම් සාමන්‍ය මිනිසුන් හා ගැහැනුන්ට තේරෙන භාෂාවකට කැටි කරමින් එය ඉදිරිපත් කිරීමත් දේශපාලනික වශයෙන් වැදගත් බව වැඩමුළුවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ අදහස වී තිබිණ.


.


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය