The Leader News
BREAKING
දීර්ඝකාලීන තනිකම මොළයේ මතක කලාප හැකිළීමට හේතුවෙයි●නොවැම්බර් 30 බදු අවසන් දිනය: කලබලයට පෙර ඔබේ මූල්‍ය ශක්තිය මැනගන්න●බදු ගහන්නේ කාටද: පොඩි මිනිහාටද? කෝටිපතියන්ටද?●කලාප 18ක කාර්මීකරණ සිහිනය සහ ආයෝජක විශ්වාසයේ අභියෝගය●භාණ්ඩාගාරයේ රුපියල් පිරුණත් තෙල් බිලෙන් ඩොලර් සංචිතයට තර්ජනයක්●චීන වෙළෙඳපොළ දොරටු ඇරෙයි: ලංකාවේ ව්‍යාපාරික සූදානම ප්‍රමාණවත්ද?●ග්‍රීන් ලයිෆ් ගිණුම් අත්හිටුවීමෙන් කෘෂි ව්‍යාපෘති රැසක් අර්බුදයක●සිරගෙදර දින පනහ, මැතිවරණ පොරොන්දු සහ නාමල්ගේ දේශපාලන කියවීම●වසර 30 ට පසු කාවන්තිස්ස සජිත්ට යළි දුන් දේ●මහනාහිමිවරුන්ගේ මැදිහත්වීමෙන් ඥානසාර හිමි මුදාගැනීමේ සත්‍යග්‍රහය නවතී●
Top Ad
පුවත්

'ආගමික පොලිසියක්' ගැන කතාව 'ප්ලාන්ට්' එකක් !

T

The Leader Desk

May 29, 2023 • 4:31 PM

'ආගමික පොලිසියක්' ගැන කතාව 'ප්ලාන්ට්' එකක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ඇතැම් මාධ්‍යවල පළ වී ඇති වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
  • මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ 'ආගමික පොලිසියක්' පිහිටුවන ලෙස ජනාධිපතිවරයා කිසිවකුට හෝ උපදෙස් දී නොමැති බවයි.
  • ඒ අනුව, ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ඇතැම් මාධ්‍යවල පළ වී ඇති වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන්  සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව 'ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්' කඩිනම් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ 'ආගමික පොලිසියක්' පිහිටුවන ලෙස ජනාධිපතිවරයා කිසිවකුට හෝ උපදෙස් දී නොමැති බවයි.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමේ දීම ආගමික සංහිදියාව බිද දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක වන  බවට ලැබුණු බුද්ධි තොරතුරවලට අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස අදාල බලධාරීන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස්දී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව, ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ. 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...