The Leader News
BREAKING
Top Ad
පුවත්

යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්

T

The Leader Desk

July 12, 2023 • 3:33 AM

  යාපනයේ තවත් සමූහ මිනී වලක් ගැන මැතිසබේ හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලතිව් දිස්ත්‍රික්කයෙන් බහුතරයක් කාන්තාවන් එකට වල දමා ඇති ස්ථානයක් හමුවී දින කිහිපයක් යත්ම රජයේ හමුදා විසින් මරා දැමුණු තරුණයන්ගේ සමුහ මිනි වලක් මණ්ඩතිව් දුපතේත් ඇති බවට පාර්ලිමේන්තුවේදී
  • අද වුනත් මේ ලිඳ සුද්ද පවිත්‍ර කළොත් ඒ තරුණයන්ගේ සිරුරු කොටස් හොයා ගන්න පුළුවන්.'' පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පවසන්නේ මෙසේ සමුහ මිනී වලවල් හමුවෙන නිසා රජයේ හමුදා ඒ ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවයි.
  • මණ්ඩතිව් හි සදාසිවන් සෙන්දිල්මනි, වෛරනාදන් මහේෂ්වරී වැනි ඉඩම් හිමියන්ගේ දේපොළ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති නිසා වෙනත් ප්‍රදේශවල ඔවුන් අනාථයන් ලෙස දිවි ගෙවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
  • යුද්ධයෙන්  පිඩාවට පත් හින්දු හා කතෝලික පවුල් 2500 ක් පමණ වෙසෙන මණ්ඩතිව් දුපත යාපනයට ආසන්නයේම පිහිටා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙළිදරව් වී තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, දින කිහිපයකට පෙර මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ මරා දැමුණු  කාන්තා සටන්කාමිනියන්ගේ සිරුරු කොටස් හමුවුවා සේ රට පුරාම කැනීම් කළහොත් දෙමළ සටන්කාමීන්ගේ වලදැමූ සිරරු කොටස් සොයා ගත හැකි බවයි.

 '' 1990 සැප්තැම්බර් මාසයේදී මාන්කුන්බාන්, අල්ලෙයිපිඩ්ඩි හා වේලනෛ ප්‍රදේශ වලින් හමුදාව අල්ලාගෙන ආපු අසූවකට වැඩි දෙමළ තරුණයන් මරා දමා මණ්ඩතිව් ශාන්ත තෝමස් දේවස්ථාන ඉදිරිපිට ලිඳට දමා තියෙනවා. අද වුනත් මේ ලිඳ සුද්ද පවිත්‍ර කළොත් ඒ තරුණයන්ගේ සිරුරු කොටස් හොයා ගන්න පුළුවන්.''


පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පවසන්නේ මෙසේ සමුහ මිනී වලවල් හමුවෙන නිසා රජයේ හමුදා ඒ ප්‍රදේශවල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා බවයි.

මණ්ඩතිව් හි සදාසිවන් සෙන්දිල්මනි, වෛරනාදන් මහේෂ්වරී වැනි ඉඩම් හිමියන්ගේ දේපොළ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති නිසා වෙනත් ප්‍රදේශවල ඔවුන් අනාථයන් ලෙස දිවි ගෙවන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

යුද්ධයෙන්  පිඩාවට පත් හින්දු හා කතෝලික පවුල් 2500 ක් පමණ වෙසෙන මණ්ඩතිව් දුපත යාපනයට ආසන්නයේම පිහිටා තිබේ.

 වසර ගණනාවක්ම මණ්ඩතිව් ඇතුළු උතුරේ දුපත් රැසක් පැවතියේ හමුදා හා නාවික හමුදා පාලනය යටතේයි.

ජලනළ එලීමට කානු හාරමින් සිටියදී අහඹු ලෙස හමුවූ මිනිස් ඇටසැකිලි කොටස් නිසා සොයාගත් කොක්කුතුඩුවායි සමුහ මිනී වලේ කැනීම් පසුගිය දා ඇරඹිණි.

 ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනමාධ්‍යවේදියෝ [JDS], ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය [ITJP], මානවහිමිකම් සංවර්ධන මධ්‍යස්ථානය [CHRD], අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව [FOD] ඇතුළු සංවිධාන එක්ව පසුගියදා නිකුත් කළ ''ශ්‍රි ලංකාවේ සමුහ සුසාන හා අසාර්ථක කැනීම්''  වාර්තාවට අනුව දකුණේ සිංහල තරුණයන් මරා දැමුණු සමුහ මිනී වලවල් වලට අමතරව උතුරු නැගෙනහිර පළාතේ මන්නාරමේ තිරුකේතිවරම් හා සතොස ගොඩනැගිල්ල, ගනේෂපුරම්, කිලිනොච්චි, මුලතිව්, පුදුකුඩියිරිප්පු, මිරුසුවිල්, චෙම්මනි, දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය සහ කළුවන්චිකුඩියේ මේ වනවිට සමූහ මිනී වලවල් හමුවී තිබේ.

එම වාර්තාව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුආර් පොන්නම්බලම් විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.  



සබැඳි පුවත් :

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...