සිව්වන කාර්මික විප්ලවය විසින් ඇතිකරන නව ලෝකය වැළඳ ගැනීමට උපාධිධාරීන් සූදානම් කිරීම

අවශ්‍ය බවත්, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය අනාගත අභියෝගවලට මුහුණදීමේ අරමුණින් ලෝක බැංකුව සහාය දීමට සූදානම් බවද ආචාර්ය හර්ෂ අතුරුපාන පැවසීය.

ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ අතුරුපාන එබව කියා සිටියේ, ELTA-ELSE උසස් අධ්‍යාපන ව්‍යාපෘතියේ සමාප්ති උළෙල උත්සව සභාව අමතමිනි.

උසස් අධ්‍යාපනයේ අනාගතයට AI (කෘතිම බුද්ධිය) සහ ඒ ආශ්‍රිත තාක්‍ෂණයේ නැගීම වැනි වර්ධනයන් ප්‍රබල ලෙස බලපානු ඇති බව ඔහු එහිදී අවධාරණය කර  සිටියේය.

කෘතිම බුද්ධිය සමඟ දැනට පවතින රැකියා අහෝසි වී යා හැකි පසුබිමක් පවතින ලෙසම ඒ සමඟ නව රැකියා ඉස්මතුවීමේ වාසිදායක හැකියාවක් පවතින බව ද අවධාරණය කළ ආචාර්ය හර්ෂ අතුරුපාන, මෙම ව්‍යාපෘතිය විසින් නව රැකියා වෙළඳපළ සඳහා අවශ්‍ය ආකල්ප, නිපුණතා සහ හැකියාවන් උපාධිධාරීන් තුළ ඇතිකර ඇති බව පැවසීය.

IMG 7438
IMG 7645

BMICH හි ලෝටස් ශාලාවේදී 2023 අගෝස්තු 9 වන දින AHEAD ව්‍යාපෘතියේ ELTA-ELSE ප්‍රතිඵල කලාප කාණ්ඩය විසින් තම ව්‍යාපෘති සමුළුවේ සමාප්ති උත්සවය පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග ය. 

විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඔප්නංවා ගැනීම වෙනුවෙන් ආධාර ලබා දෙන AHEAD (Accelerating Higher Education Expansion and Development Project) ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කිරීමයි.

මෙම සමුළුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගැන්වීම්, ඉගෙනුම් සහ ඇගයීම් ක්‍රියාවලිය පරිවර්තනය කිරීම සඳහා එහි සාර්ථකත්වය මේ ලැබූ ප්‍රතිඵල ඉතා හොඳින් ප්‍රදර්ශනය කළේය.



AHEAD ව්‍යාපෘතියේ මෙම ප්‍රතිඵල අනුව එහි මුලින් සැලසුම් කරන ලද සියලුම ඉලක්ක වෙත ළඟා විය හැකි බව අවධාරණය කරන ලද අතර එනම්, පසුගිය අභියෝගාත්මක වසර හතර තුළ උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ සමාජ-චිත්තවේගීය කුසලතා වර්ධනය කිරීම සහ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කිරීමෙන් උපාධිධාරීන්ට ඵලදායී රැකියාවක් ලැබෙනු ඇති බව සපත කර ඇත.




සමාප්ති උත්සවය අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් අපගේ උපාධි අපේක්ෂකයින්ගේ මානසිකත්වය වෙනස් කිරීමට පියවරක් තැබූ බවත්, එය දිගුකාලීන බලපෑමක් ඇති කරන බවත්ය. 

" ඉතාම සොච්චම් පොළියක් යටතේ ලබා ගත් ලෝක බැංකු ණය අපි අපේ උසස් අධ්‍යාපනයෙන් එළියට යන උපාධිධාරීන්ගේ මනස වෙනස් කිරීම සඳහා යොදාගත්තා,ඒ නිසා ඒ ණය අපි අපේ රටේ වැදගත්ම ක්ෂේත්‍රයක අභිවෘධිය සඳහා කරපු ආයෝජනයක් හැටියට සළකන්න ගන්න පුළුවන්"  යයි ද ඔහු පැවසිය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන පී උඩවත්ත ද මෙහිදී අදහස් දැක්වූහ. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කොමිෂන් සභා සාමාජිකයින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සියලුම ව්‍යාපෘති ජයග්‍රාහකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

AHEAD කණ්ඩායමේ නිරතුරු සහය මත මෙම සමුළුවේ සමස්ත කර්තව්‍යය සාර්ථකව නිම කර ගැනීමට හැකිවූ බව සංවිධායකයින් පැවසුහ.

{gallery}AHEAD{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image