The Leader News
BREAKING
Top Ad
පුවත්

අලුත්ම ජිනීවා වාර්තාවේ දෙමළ ඉල්ලීම් වලට ඉඩක් ලැබෙන බව එජා මානව හිමිකම් ලොක්කා කියයි

T

The Leader Desk

August 12, 2025 • 3:40 AM

 අලුත්ම ජිනීවා වාර්තාවේ දෙමළ ඉල්ලීම් වලට ඉඩක් ලැබෙන බව එජා මානව හිමිකම් ලොක්කා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගඋත්තරදායකත්වය සහතික කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් කරන ඉල්ලීම් කෙරේ අවධානය යොමු වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහතිකයක් දී තිබේ.
  • සැප්තැම්බරයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සම්බන්ධ අලුත් යෝජනාවක් සම්මත කරගැනීමට නියමිතය.
  • ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන ලෙසට.
  • පසුගිය වසර 16ක් තිස්සේ ලංකාව තුළ වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් කිසිදු පලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙන්වා දෙන දෙමළ ක්‍රියාකාරීන්ගේ ලිපිය මගින් ඉල්ලා තිබුනේ යුද සමයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වගඋත්තරදායකත්වය සහතික කිරීම සඳහා උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් කරන ඉල්ලීම් කෙරේ අවධානය යොමු වනු ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහතිකයක් දී තිබේ.

සැප්තැම්බරයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව සම්බන්ධ අලුත් යෝජනාවක් සම්මත කරගැනීමට නියමිතය.

දෙමළ දේශපාලන පක්ෂ, ආගමික නායකයන් සහ සිවිල් සමාජ සංවිධාන විසින් අගෝස්තු 04 වැනිදා යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා අවධාරණය කර ඇත්තේ එම ලිපිය මගින් මතුකර තිබු කාරනා තමන් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ නිරූපණය වී ඇති බව දකින්නට ලැබෙනු ඇති බවයි.


ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය හැර, දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුලු දෙමළ දේශපාලනඥයන් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ අත්සනින් අගෝස්තු 04 දාතමින් යොමු කර ඇති ලිපියට පිළිතුරු වශයෙන් අගෝස්තු 05 ලිපියක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මේ බව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන ලෙසට...


පසුගිය වසර 16ක් තිස්සේ ලංකාව තුළ වගඋත්තරදායකත්වය සම්බන්ධයෙන් කිසිදු පලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පෙන්වා දෙන දෙමළ ක්‍රියාකාරීන්ගේ ලිපිය මගින් ඉල්ලා තිබුනේ යුද සමයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පමුණුවන ලෙසයි.

එ‍සේම අභ්‍යන්තර යාන්ත්‍රණයන් ආරම්භ කරන්නේ යයි පවසමින් තවත් කල් මැරීමට වත්මන් රජයට ඉඩ නොතබන ලෙසටද මෙම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

“කිසිදු ආණ්ඩු මාරුවක් ශ්‍රී ලංකාවේ වගඋත්තරදායකත්වයට මග පාදන්නේ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ යතාර්ථය අවබෝධ කරගත යුතුය,” යි එම ලිපිය කියා සිටී.

මේ වන විටත්  කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 150 ට ආසන්න පිරිසකගේ අස්ථි මතුකරගෙන ඇති චෙම්මනි සමූහ සුසාන සංකීර්ණය පිළිබදවද මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කරන ලිපිය මගින් දෙමළ ජනතා නියෝජිතයන් ප්‍රමුඛ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්  පෙන්වා දී තිබුනේ මෙවැනි සමූහ මිනී වළවල්  තුලින් මතුවන සාක්ෂි වල ආරක්ෂාව මෙන්ම එවා සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර අධීක්ෂණය මෙන්ම තාක්ෂණික සහායත් අත්‍යාවශ්‍ය බවයි.

එසේම, හමුදාකරණය, සිංහල බෞද්ධකරණය, ඉඩම් මංකොල්ලකෑම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (OSA) අහෝසි කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම වින්දිත කණ්ඩායම් ඉලක්ක කර ආරක්ෂක අංශ වෙතින් එල්ල වන තර්ජන සහ සෝදිසි කිරීම්, රාජ්‍යයේ අධිපති මතවාදයට අභියෝග කරන කතිකාවන් නියාමනය සඳහා නීතිය භාවිත කිරීම ආදී කාරණා සම්බන්ධයෙන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව තුළ ප්‍රමාණවත් ඉඩක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබුනි.


මෙම කරුණු කාරණා ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත සිය වාර්තාව තුළ අන්තර්ගත බව දක්නට ලැබෙනු ඇති බවට සහතික කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් අගෝස්තු 05 වැනිදා සිය පිළිතුරු ලිපිය මගින් දැනුම් දී තිබේ.

මේ අතර, ජාත්‍යන්තර මානව හිමිකම් පරාමිතීන්ට අනුකූල, ස්වාධීන, සාධාරණ හා පලදායී වගවීමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමට පසුගිය ආණ්ඩු අපොහොසත් වී ඇති බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා, වින්දිතයන්ගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේත් විශ්වාසය දිනාගත හැකි සත්‍ය, යුක්තිය හා වගවීම සහතික කරන පුළුල් ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස වත්මන් රජය දිරිමත් කළ බව සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මහ කොමසාරිස්වරයා වින්දිතයින්ගේ දුක් ගැනවිලිවලට සවන් දෙමින්...
2025 ජුනි 23 වැනිදා සිට 26 වැනිදා තෙක් මෙරට නිල සංචාරයක නිතර වූ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ජුනි 25 වැනිදා චෙම්මනි, සමුහ සුසානය නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබුනි.

සුසානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහකොමසාරිස්වරයා, යුක්තිය සඳහා සඳහා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඇතුළු වගඋත්තරදායකත්වය සම්බන්ධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් චෙම්මනි සමූහ මිනීවලට නුදුරින් ‘ජනතා ක්‍රියාකාරිත්වයේ’ සංවිධානත්වයෙන් දල්වා තිබෙන ‘නොනිමෙන ප්‍රදීපය’ විරෝධතා භුමියට පැමිණ යුද්ධයේදී මළවුන් වෙනුවෙන් පුෂ්පාණුස්මරනයක් ද සිදු කළේය.

උතුරේ අලුතින්ම සොයාගත් සමූහ සුසානය නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ඉහළම මානව හිමිකම් නිලධාරියාට අවස්ථාව හිමිවුයේ එය අවහිර කිරීමට අවසාන මොහොත දක්වා ආණ්ඩුව දැරූ අසාර්ථක සැලසුම් සහගත වෑයම දෙමළ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකින් පරාජය කිරීමෙන් අනතුරුව බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් 2025 ජුනි 25 වැනිදා යාපනයේදී මාධ්‍ය හමුවක් කැදවමින් හෙළි කර තිබුනි.



සබැඳි ලිපි :

ශ්‍රී ලංකාව හමුවේ ඇති උගුල් දෙකක් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් කියපු කතාව

වසර 9කට පසු UN මානව හිමිකම් මහ කොමසාරිස් ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඇයි?

 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...