The Leader News
BREAKING
භික්ෂු බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය අවසන් අදියරට●රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●
Top Ad
පුවත්

රත්නපුර රෝහලේ වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක

T

The Leader Desk

September 2, 2025 • 3:36 AM

රත්නපුර රෝහලේ වෛද්‍යවරු අද සංකේත වැඩවර්ජනයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කෙරේ.
  • එම මාධ්‍ය නිවේදනයට අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ට ද බලපා ඇත.
  • මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සඳහන් කරන එම නිවේදනයේ මෙලෙස සටහන් කර ඇත.
  • එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති අතර, අධ්‍යක්ෂවරයාට ඇති චෝදනාවල සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල වෙමින් පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් කෙරේ.

එම මාධ්‍ය නිවේදනයට අනුව රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පීඩාකාරී සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි පීඩාවකට පත්ව සිටින අතර එය රෝහලේ රෝගී සත්කාර සේවාවන්ට ද බලපා ඇත.

අදාළ අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වා රෝහල් කාර්ය මණ්ඩලය මුහුණ දී ඇති ගැටළු විසඳමින්, ආරක්ෂිත වෘත්තීය පරිසරයක් රෝහල තුළ ඇතිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වීම හේතුවෙන් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කල්දැමුව ද, මෙතෙක් එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපොහොසත් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සඳහන් කරන එම නිවේදනයේ මෙලෙස සටහන් කර ඇත.

කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන

සෞඛ්‍ය අමාත්‍යංශ විමර්ශනය ආරම්භ වුව ද, අදාළ ප්‍රශ්නගත රෝහල් අධ්‍යක්ෂවරයා තනතුරේ සහ රෝහල තුළ සිටියදීම විමර්ශනය පැවැත්වීම පිළිගත නොහැකි තත්ත්වයකි. එය අදාළ විමර්ශනයේ අපක්ෂපාති සහ පාරදෘශ්‍ය බවට දැඩි බාධාවක් වී ඇති අතර, අධ්‍යක්ෂවරයාට ඇති චෝදනාවල සාක්ෂිකරුවන්ට ද බලපෑම් එල්ල වෙමින් පවතී. විමර්ශනයට අදාළ ලිපි ලේඛන වෙනස් කිරීම සහ අස්ථානගත වීමේ අවදානමක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇත.

එමෙන්ම බාහිර පුද්ගල කණ්ඩායම් විටින් විට රෝහල තුළට පැමිණෙමින් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට විවිධ තර්ජන සිදුකිරීම හේතුවෙන්, රෝහල් පරිශ්‍රය තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.

හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙස ම

මෙම ප්‍රවණතා සමාලෝචනය කරමින්, රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට සාධාරණ පාරදෘශ්‍ය විමර්ශනයක් පැවැත්වීමට බල කරමින්, එතෙක් ඔහු රෝහල් අධ්‍යක්ෂ තනතුරෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඉල්ලා සිටිමින් සහ රෝහල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඉල්ලා සිටිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර ශික්ෂණ රෝහල් ශාඛාව අද (02) උදෑසන 08.00 සිට ආරම්භ වන පරිදි පැය 24ක  සංකේත වැඩ වර්ජනයක් රත්නපුර ශික්‍ෂණ රෝහල තුළ ආරම්භ කරනු ඇත. මෙම වැඩ වර්ජන කාලසීමාව තුළ දී හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර, දෛනික ප්‍රතිකාර සේවාවන් සියල්ල අඩාල වනු ඇත.

මෙම වැඩවර්ජනයේ සම්පූර්ණණ වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා සහ එම ගැටලුව විසඳීමට ඕනෑ තරම් කල් ලබා දී තිබියදීත්, එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට අසමත් වූ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් භාරගත යුතු ය.

ස්තූතියි  

මාධ්‍ය ප්‍රකාශක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...