The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

මෙවර මානව හිමිකම් සැසියේදී ත්‍රස්ත පනත ගැන වැඩි අවධානයක්

T

The Leader Desk

September 3, 2025 • 5:01 AM

මෙවර මානව හිමිකම් සැසියේදී ත්‍රස්ත පනත ගැන වැඩි අවධානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.
  • එමෙන්ම ත්‍රසතවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත.
  • මෙරට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමාකරන නීති සහ යෝජිත නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.
  • මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 3 වනදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊට සහභාගී වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළයුතු බව මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

එමෙන්ම ත්‍රසතවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම සැකකරුවන් නිදහස් කරන ලෙසද මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර ඇත.

මෙරට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමකාමී එක්රැස්වීම හා භාෂණයට පවතින නිදහස අනිසි අන්දමින් සීමාකරන නීති සහ යෝජිත නීති අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස මානව හිමිකම් මහ කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් මස 8 වනදා සිට ඔක්තෝබර් මස 3 වනදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊට සහභාගී වීමට නියමිතය.

මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ නිර්දේශ මෙතනින් ...

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බරයේ අවසන්

මේ අතර නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව අගෝස්තු 27දා  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාතයංශයේ දී රැස්වූ අවස්ථාවේ දී ය.

මේ වන විට පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන සම්බන්ධයෙන් විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවද සභාපතිවරයා පැවසී ය.

මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබිනට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විද්වත් කමිටුවක් පත් කළ අතර, නව පනතක් හඳුන්වාදීම තුළින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගවලට මුහුණදීම, දේශිය සහ විදේශිය වශයෙන් පුද්ගලයින්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතිවල අනුගතවීම අදහස් කරයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...