මෙම ව්‍යාකූලතාවය හටගෙන ඇත්තේ දැනට ක්‍රියාත්මක වන සාක්ෂි ආඥා පනතේ 120 වැනි වගන්තිය අනුව සැමියාට එරෙහිව අපරාධ නඩුවකදි බිරිඳගේ සාක්ෂියක් භාවිතා කළ නොහැකි බවට නීතිමය ප්‍රතිපාදනයක් පැවතීමයි.
එම නීතිමය සිද්ධාන්තය උල්ලංඝනය කරමින් කජ්ජාගේ බිරිඳගේ සාක්ෂිය කජ්ජාට එරෙහිව ඉදිරිපත් කළ නොහැකි වීම නිසා කජ්ජාගේ බිරිඳ ලබාදුන් සාක්ෂිය අධිකරණයකදී භාවිතා කළ නොහැකි බවට තීන්දුවි ඇතැයි පැවසේ.
පසුගිය දවසේ පොලිසියට විශේෂ ප්‍රකාශයක් කරමින් කජ්ජාගේ බිරිඳ සඳහන් කර තිබුණේ 2012 මැයි මස 17 වැනි දින තාජුඩීන් ඝාතනය වූදා ඔහු ලුහුබැඳි වාහනයේ කජ්ජා සිටි බවයි. එබැවින් ඔහු මෙම අපරාධයට සම්බන්ධ බවට ඇය විසින් පොලිසියට අනාවරණය කර තිබිණ. එහෙත් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කල කජ්ජාගේ පුත්‍රයා, මව ඇතුළු සහෝදර සහෝදරියන් කියා තිබුණේ එදින එම වාහනයේ ගමන් කළේ කජ්ජා නොවන බවයි.
මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ යටකී නීතිමය බාධකයද පැනනැගීම හේතුවෙන් වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය සඳහා පොලිසියට අලුතෙන් සාක්ෂි සෙවීමට සිදුව ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.




