The Leader News
BREAKING
Top Ad
පුවත්

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම මේ වසරේ පළමු කාර්තුවේ දී අවසන්

T

The Leader Desk

January 12, 2026 • 5:14 PM

හම්බන්තොට සයිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම මේ වසරේ පළමු කාර්තුවේ දී අවසන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
  • මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කර තිබේ.
  • විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2027 වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට ද දෙපාර්ශ්වයම එකඟව වූ බවය.
  • ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවති සුහදත්වය සහ දශක හතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගුකාලීන මිත්‍රත්වය සහ කාලානුරූපී සහයෝගීතාවය අමාත්‍යවරුන් දෙදෙනාම නැවත තහවුරු කළ බව සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.

මෙරට කෙටි සංචාරයක නිරත වූ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර අද (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍ය විජිත හේරත්  මේ බව සඳහන් කර තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2027 වසරේ දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය ඒකාබද්ධව සැමරීමට ද දෙපාර්ශ්වයම එකඟව වූ බවය.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම මෙම රැස්වීමේ අරමුණ වී තිබේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක් පැවති සුහදත්වය සහ දශක හතකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු තහවුරු වූ දිගුකාලීන මිත්‍රත්වය සහ කාලානුරූපී සහයෝගීතාවය අමාත්‍යවරුන් දෙදෙනාම නැවත තහවුරු කළ බව සඳහන් වේ.

වෙළඳාම, ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක යන ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම කෙරෙහි ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇත.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වේගවත්ව යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාස කරන බවද චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසා ඇත.

cvzdsa

චීන විදේශ ඇමති ලංකාවේ ස්වභාවික සෞන්ධර්යය නරඹන්න ඇමති විජිත හා එක්වෙයි

අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර අද (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi  අමාත්‍ය විජිත හේරත් මුණ ගැසුණේ ය.

Wang Yi , අමාත්‍ය විජිත හේරත් සමඟ ස්වභාව සෞන්ධර්යය නැරඹීම සඳහා කෙටි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූවේ ය.

තමා ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්ධර්යයට දැඩිව ඇලුම් කරන බව ද මෙම කෙටි සංචාරය ශ්‍රී ලංකාව සංචාරය කිරීමට වඩාත් සුරක්ෂිත රටක් යන පණිවුඩය ලබා දෙන බව ද Wang Yi  ප්‍රකාශ කළේ ය.

මීට අමතරව විදේශ අමාත්‍යවරුන් දෙපල අතර නිල සාකච්ඡාක් ද පැවැත්විණි. එම සාකච්ඡාවෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බීජිං බලා විශේෂ ගුවන් යානයකින් පිටව ගියහ.

kjhv
මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi හමුව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත් හේරත් පළකර ඇති X සටහනක මෙසේ සඳහන් වේ.

''අද උදෑසන (12/01/26) මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා ශ්‍රී ලංකාවේ කළ කෙටි සංචාරය අතරතුර හමුවීමට ලැබීම පිළිබඳව සතුටු වෙමි.

අමාත්‍ය Wang Yi මහතා පිළිගනිමින්, දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ආපදා සහන වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට මගේ අවංක කෘතඥතාව පළ කළෙමි.

අප අතර පවත්වනු ලැබූ සාකච්ඡාවේ දී වෙළඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන් දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම ක්‍රියාවලිය කෙරෙහි ද සාකච්ඡාවේ අවධානය යොමු විය.

ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වූ හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන රජයේ සහාය විශේෂයෙන් ඉල්ලා සිටි අතර, අමාත්‍ය Wang Yi මහතා එම ඉල්ලීමට පෞද්ගලිකව මැදිහත් වන බවට සහතික වූයේ ය. ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාසය පළ කළ හැකි බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් නැවත තහවුරු කළේය.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...