The Leader News
BREAKING
Top Ad
පුවත්

ලක්ෂ 14ක රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නව සංවාද රාමුවක් සම්මතයි

Awara

Awara

November 26, 2026 • 10:20 AM

ලක්ෂ 14ක රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නව සංවාද රාමුවක් සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම උදෙසා ක්‍රියාත්මක වූ සමාජ සංවාද ව්‍යාපෘතිය සාර්ථකව නිම වෙයි.
  • මෙරට මහජනතාව අතර ඇති ගැටලු බෙදීම් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීමට සාකච්ඡාවෙන් සංවාදයෙන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් (Marc-André Franche) ප්‍රකාශ කළේය.
  • ආර්ථික පීඩනය හමුවේ කතිකාවත් ශක්තිමත් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ සාමය ඇතිකිරීම සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ඇත.
  • මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කරමින් ‘රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනය’ සම්මත කරගන්නා ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම උදෙසා ක්‍රියාත්මක වූ සමාජ සංවාද ව්‍යාපෘතිය සාර්ථකව නිම වෙයි. රාජ්‍ය සේවය සඳහා දකුණු ආසියානු ප්‍රථම ජාතික රාමුවත් සම්මත කරගනී.

මෙරට මහජනතාව අතර ඇති ගැටලු බෙදීම් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීමට සාකච්ඡාවෙන් සංවාදයෙන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් (Marc-André Franche) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම උදෙසා ක්‍රියාත්මක වූ සමාජ සංවාද ව්‍යාපෘතිය පසුගියදා (21) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. එහිදී රාජ්‍ය සේවය සඳහා දකුණු ආසියානු ප්‍රථම ජාතික රාමුවත් සම්මත කරගැනීමට සිදු කෙරිණි.

ආර්ථික පීඩනය හමුවේ කතිකාවත් ශක්තිමත් කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ සාමය ඇතිකිරීම සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ඇත. මෙරට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශයේ සේවා ස්ථාන සහ ප්‍රජාවන් අතර කතිකාවත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය හරහා සේවකයන්ට සහ ප්‍රජාවන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමටත්, තමන්ට බලපාන තීරණ හැඩගැස්වීමට දායක වීමටත් අවස්ථාව හිමි විය.

මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දකුණු ආසියාවේ රාජ්‍ය අංශයේ සංවාදය සඳහා වන පළමු ජාතික රාමුව ස්ථාපිත කරමින් ‘රාජ්‍ය සේවය තුළ සමාජ සංවාදය පිළිබඳ ප්‍රකාශනය’ සම්මත කරගන්නා ලදී. ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය බදු සහ භාණ්ඩ මිල ගණන්, පහත වැටුණු ක්‍රය ශක්තිය සහ අඛණ්ඩව පැවති දරිද්‍රතාව හේතුවෙන් පවුල් ඒකක වෙත එල්ල වූ පීඩනයන්ට පිළියම් සෙවීම සඳහා මෙම ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

රජය, සේවායෝජකයන්, සේවකයන් සහ ප්‍රජාවන් එකට එක්කරමින් ආරවුල් උත්සන්න වීම වැළැක්වීමට සහ වඩාත් සර්ව-සහභාගී ආර්ථික පුනර්ජීවනයකට සහාය වීමට මෙමගින් පියවර ගැනුණි.

මිලියන 1.4ක රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නව සංසද


රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ මිලියන 1.4ක් පමණ වන රාජ්‍ය සේවකයන් අතර සංවාදය සඳහා අවකාශ සැලසිණි. ඒ අනුව ජාතික රාජ්‍ය සේවා සංවාද සංසදය දියත් කිරීමට සමගාමීව සේවා ස්ථාන සංසද 87ක් සහ ආංශික සංසද 7ක් ස්ථාපිත කිරීමට හැකි විය.

ඊට අමතරව ලංකා සේව්‍ය සම්මේලනය (EFC), එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුති ශ්‍රී ලංකා ජාලය (UN Global Compact Network Sri Lanka), ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සහ ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) සමඟ ඇති කරගත් හවුල්කාරීත්වයන් හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය, සේවා ස්ථාන හිංසන වැළැක්වීම, දුක්ගැනවිලි විසඳීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සහ කාන්තා නායකත්වය බලගැන්වීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරිණි.

"ගැටලු බෙදීම් වීමට පෙර සංවාදය ප්‍රමුඛ විය යුතුයි"

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන අරමුණු අරමුදලේ (UN Sri Lanka SDG Fund) මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ඒකාබද්ධව මෙහෙයවන ලදී.

ව්‍යාපෘතියේ සමාප්ති උළෙලට රජයේ, පෞද්ගලික අංශයේ, සිවිල් සමාජයේ, ප්‍රජා සංවිධානවල සහ සංවර්ධන හවුල්කරුවන්ගේ නියෝජිතයන් එක්වූ අතර, මෙම සංවාද ක්‍රියාවලිය ව්‍යාපෘතියෙන් ඔබ්බටත් අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව එහිදී සාකච්ඡා විය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්ෂ් (Marc-André Franche) සඳහන් කළේ ගැටලු බෙදීම් බවට පත්වීමට පෙර ඒවා විසඳා ගැනීම සඳහා සංවාදය ප්‍රමුඛතාව බවට පත් කළ යුතු බවයි. ජනතාව ඉදිරිපත් කරන ගැටලු සම්බන්ධයෙන් සක්‍රීයව ක්‍රියාත්මක වීම තුළින් ජනතාව සහ ආයතන අතර විශ්වාසය තහවුරු වන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

(සටහන - ජේ. මුණසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...