The Leader News
BREAKING
චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්: යුක්රේන බුද්ධි අංශ සමඟ රුසියානු සෙවණැලි●ලිට්‍රෝ ඉහළ කළමනාකාරීත්වයේ වැටුප් තොරතුරු පුරවැසියාට අයිතිද?●ශ්‍රී ලංකාවේ ඉහළ යන මිල ගණන් සහ ජනතාවගේ ඉවසීම | ලයනල් බෝපගේ●ලංකාවේ මැණික් කලාව ලෝකයට ගෙනියන දැවැන්ත ප්‍රදර්ශනයක්●ජනපති සමාව සහ නීතියේ ආධිපත්‍යය ගැන පාඨලීගෙන් ප්‍රශ්න●
Top Ad
පුවත්

'ජනතාව සමග සමීපව කටයුතු කරන්න' - ටිරාන් පොලිසියට කියයි

T

The Leader Desk

January 22, 2024 • 3:41 PM

'ජනතාව සමග සමීපව කටයුතු කරන්න' - ටිරාන් පොලිසියට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශක්තිමත් කරගැනීමට කටයුතු කළ යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවදාරණය තිබේ.
  • රථ වාහන පොලිසිය ජනතාව සමග ඉතාම සමීප මෙහෙවරක නිරත කන්ඩායමක් බව ටිරාන් අලස් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) විවෘත කිරිමට එක්වෙමින් පවසා ඇත.
  • පොලිසිය හා ජනතාව තිබු සම්බන්ධතාවය දුරස්ව තිබු නමුත් යුක්තිය මෙහෙයුම හරහා මහජනතාව නැවතත් පොලිසිය සමඟ කිට්ටු සබඳතාවයකින් කටයුතු කිරීම ආරම්භ වු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
  • පසුගිය කාලය තුළ පොලිසියත් මහජනතාවත් සමඟ පැවති සබඳතාවයේ මඳ දුරස්ථභාවයක් දක්නට ලැබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශක්තිමත් කරගැනීමට කටයුතු කළ යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා අවදාරණය තිබේ.

රථ වාහන පොලිසිය ජනතාව සමග ඉතාම සමීප මෙහෙවරක නිරත කන්ඩායමක් බව ටිරාන් අලස් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් අභිනවයෙන් ස්ථාපනය කරන ලද පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාශය ( Police CCTV surveillance Division) විවෘත කිරිමට එක්වෙමින් පවසා ඇත.

පොලිසිය හා ජනතාව තිබු සම්බන්ධතාවය දුරස්ව තිබු නමුත් යුක්තිය මෙහෙයුම හරහා මහජනතාව නැවතත් පොලිසිය සමඟ කිට්ටු සබඳතාවයකින් කටයුතු කිරීම ආරම්භ වු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"පොලිස් නිලධාරින් යනු මහජනතාව සමඟ ඉතාමත් සමීපව කටයුතු කළ යුතු පිරිසක්. ඒ අතරින්ද රථ වාහන පොලිසිය ජනතාව සමග ඉතාම සමීප මෙහෙවරක නිරතවනවා. පසුගිය කාලය තුළ පොලිසියත් මහජනතාවත් සමඟ පැවති සබඳතාවයේ මඳ දුරස්ථභාවයක් දක්නට ලැබුණා. පසුගියදා ආරම්භ කෙරුණු යුක්තිය මෙහෙයුමත් සමග මහජනතාව නැවතත් පොලිසිය සමඟ කිට්ටු සබඳතාවයකින් කටයුතු කිරීම ආරම්භ වී තිබෙන බව පෙනී යනවා.”

ජනතාව නැවතත් පොලිසිය කෙරෙහි පවතින විශ්වාසනීයභාවය ශක්තිමත් යන හෙයින් පොලිසියද තවදුරටත් ජනතාව සමඟ වඩාත් සුහදශීලීව කටයුතු කරමින් ඒ සබඳතාවය ශක්තිමත් කරගැනීමට කටයුතු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

සීසීටීවී කැමරා තාක්ෂණය  කලකට ඉහත පොලිස් දෙපාර්තමේන්තුව වෙත  හඳුන්වා දුන් තාක්ෂණික පද්ධතියක් වුවත් එය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම කාලින අවශ්‍යතාවයක් බව පවසන ඇමැතිවරයා මෙය රථවාහන පොලිසිය වෙත විශාල ශක්තියක් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙම වැඩපිලිවෙලත් සමගම ජනතාව සමග කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව රථ වාහන පොලිස් නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් ලබාදීම කඩිනම් පියවර ගත යුතු යැයි ද ටිරන් අලස් අමාත්‍යවරයා කියා සිටියේය.

ජනතාව සමග සුහදශීලීව කටයුතු කරන අතරම නීතියද නිවැරදිව ක්‍රියාත්මක කරමින් වැරදි සඳහා නියමිත දඬුවම් ලබාදිය යුතු බව ද හෙතෙම මෙහිදී ප්‍රකාශ කර ඇත.

පුතාට දුන් දඬුවමට ඇමැති තාත්තාගෙන් පැසසුම්

මෑතක දී ටිරාන් අලස් ඇමැතිවරයාගේ පුත්‍රයා මාර්ග නීති කඩ කළ අවස්ථාවේ දී රථ වාහන නිලධාරින් තරාතිරිම නොලබා නීතිය ක්‍රියාත්මක කිරීම අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

“මෑතකදී ගලගෙදර ප්‍රදේශයේදී සිදු වූ මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මගේ පුත්‍රයාගේ මෝටර් රථය නතර කර, ඔහු කවුරුන්ද යන්න පිළිබඳව නොදැනුවත්ව වුවත් අදාල රාජකාරී ඉතාමත් වෘත්තීයමය ආකාරයෙන්, ආචාරශීලීව කතාබහ කරමින් සිදුකර තිබූ ආකාරය පිළිබඳව මගේද විශේෂ අවධානය යොමු වුණා.”

පොලිස් දෙපාර්තමේන්තු සතුව එවැනි පොලිස් නිලධාරීන් සිටීම වැදගත් බව කී ඇමැතිවරයා අනෙකුත් නිලධාරින්ද එලෙස රාජකාරි කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

දැනට පවතින තාක්ෂණය සහ සම්පත් යොදා ගනිමින් කොළඹ ප්‍රදේශයෙන් ආරම්භ කළ මෙම cctv නිරීක්ෂණ වැඩපිළිවෙල දිවයින පුරා ව්‍යාප්ත කළ යුතු බවත් දියුණු රටවල පවතින නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ද අනුගමනය කරමින් තවත් පුළුල් කිරිමට අමාත්‍යංශය පාර්ශවයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට අමාත්‍යවරයා සහතික විය.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ වීරසිංහ ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

klhjailsdf

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...