The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

දකුණේ නිදහස් සමරු දා උතුර සහ නැගෙනහිරට 'කළු දිනයක්'

T

The Leader Desk

February 1, 2024 • 6:27 AM

දකුණේ නිදහස් සමරු දා උතුර සහ නැගෙනහිරට 'කළු දිනයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුවාකරන් සදහන් කළේ දෙමළ ජනතාවට ස්ථිර දේශපාලන විසඳුමක් සදහා හොඳ වැඩ පිළිවෙලක් මේ දක්වාම ක්‍රියාත්මක වී නොමැති බවයි. "දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවා.
  • අපේ ඥාතීන්ට වෙච්ච දේ ගැන කවුරුත් ඇත්ත කියන්නේ නැහැ.
  • අම්මලා 220කට වඩා අපිට නැතිවෙලා.
  • ඒ නිසා තමයි අපි පෙබරවාරි 4 වැනිදා කළු දිනයක් ලෙස ප්‍රකාශ කරන්නේ." එම මාධ්‍ය හමුව සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් සහරාජන් සුගන්ධි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි කේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපළාත පුරා කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 

බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය පසුගිය සතියේ අනාවරණය කළේ පෙබරවාරි 4 වැනිදා කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. 

යාපනය විශ්වවිද්‍යාලය තුලදී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙබරවාරි 4 වැනිදා උතුරු නැගෙනහිර පුරා කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ, යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. තුවාකරන් සදහන් කළේ දෙමළ ජනතාවට ස්ථිර දේශපාලන විසඳුමක් සදහා හොඳ වැඩ පිළිවෙලක් මේ දක්වාම ක්‍රියාත්මක වී නොමැති බවයි. 


"දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙනවා. පැවැත්ම සැක සහිතයි. තර්ජන දිගටම. ආණ්ඩු සහ පාලකයන් වෙනස් වෙනවා. නමුත් දෙමළ ජනතාවට ස්ථිර දේශපාලන විසඳුමකට හොද වැඩපිලිවෙලක් අද දක්වාම ක්‍රියාත්මක වෙලා නැහැ. එය කට වචනයක් විතරයි. ඒ නිසා අපි පෙබරවාරි 4 වැනිදා උතුරු නැගෙනහිර පුරාම කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා." 


ශිෂ්‍ය සංගම් නායකයා එහිදී තව දුරටත් අවධාරණය කර තිබුනේ දේශපාලන විසඳුමක් ලැබෙන තුරු දෙමළ ජනතාව දිගටම අරගල කළ යුතු බවයි. 

"විවිධ නව නීති මගින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්, අරගල වැළැක්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. දේශපාලන විසදුම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය, උතුරු නැගෙනහිර අනවසර පදිංචි කිරීම්, ඉඩම් අල්ලාගෙන විහාරස්ථාන පිහිටුවීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ඒ නිසා විසඳුමක් ලැබෙන තුරු දෙමළ ජනතාව දිගටම අරගල කළ යුතු කියන එක තමයි සත්‍යය." 


මඩකලපුව මාධ්‍ය සමාජයේ මාධ්‍ය හමුව

මඩකලපුව මාධ්‍ය සමාජයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අම්පාර දිස්ත්‍රික්කයේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි තම්බිරාසා සෙල්වරානි මාතාව සදහන් කළේ අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලය (OMP) මෙන්ම ආණ්ඩුවේ අලුත්ම සත්‍යය සමගිය සහ සංහිඳියා කොමිසම (TURC) ද දෙමළ ජනයා රැවටීම වෙනුවෙන් බවයි. 

"අපි අවුරුදු 14ක් අපේ අරගලය කරගෙන යනවා. කොච්චර ජනාධිපතිවරු ආවත් ගියත් අපිට නිදහසක් නෑ. කොහොම නමුත්, අපි තවමත් නිදහස් නෑ. අපේ ඥාතීන්ට වෙච්ච දේ ගැන කවුරුත් ඇත්ත කියන්නේ නැහැ. අම්මලා 220කට වඩා අපිට නැතිවෙලා. එවැනි වටපිටාවක් තුළ තමයි අපි ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටින්නේ. OMP, TURC ඔක්කොම බොරු. මේවා අපිව රවට්ටන්න. දරුවන්ට සහ පාසල් සිසුන්ට නිදහසක් නැහැ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට අපට නිදහසක් නෑ. ඒ නිසා තමයි අපි පෙබරවාරි 4 වැනිදා කළු දිනයක් ලෙස ප්‍රකාශ කරන්නේ." 

එම මාධ්‍ය හමුව සදහා මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් සහරාජන් සුගන්ධි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි කේ. සෙබස්තියන් දේවිද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. 

ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ උතුරු නැගෙනහිර දෙපළාතේ දිස්ත්‍රික්ක අටම නියෝජනය කරමින් පෙබරවාරි 4 වැනිදා මඩකලපුවේදී දැවැන්ත විරෝධයක් පැවැත්වීමටත් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමය තිරණය කර ඇති බවයි. 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණේ නිදහස් සමරු දා උතුර සහ නැගෙනහිරට 'කළු දිනයක්' | The Leader