මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන්

පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු ජූජකවරුන්ට අපහාස කළේ යැයි විරෝධය දක්වමින් මීගමුව පිටිපන මීසම් හතරක ජනතාව ඊයේ (25) පෙරවරුවේ විරෝධය දැක්වූහ.

අගරදගුරු හිමියන්ට සහයෝගය දක්වමින් පැවැති එම විරෝධතාවට තලාහේන, පාසියවත්ත, මංකුලිය සහ පිටිපන වන මීසම් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් මීගමුව ශුද්ද වූ කානික්කා දේවමාතාවගේ දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර තලාහේන, පාසියවත්ත සහ මංකුලිය වන මීගම්වල කතෝලික පූජවරු සහ ජනතාව පෙළපාලියකින් එම දේවස්ථානයට පැමිණ විරෝධය දැක්වූහ.

එහිදී ජනතාව පිටිපන එක්සත් ධීවර සමිතියේ පිරිසට එරෙහිව කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාඳ කරමින් විරෝධය දැක්වූහ.

අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට, සියලුම ජූජකතුමන්ලාට සහ පිටිපන කතෝලික ජනතාවට විරුද්ධව කළ අසත්‍ය ප්‍රකාශවලට සහ අපහාසවලට බලවත් විරෝධය දක්වන බව එහිදී ජනතාව පැවසූහ.

‘අධිකරණ නියෝගයට ගුරු කරමු, අපි කාදිනල් හිමිපණන් සමඟයි සහ ටික දෙනෙක් බුක්ති විදින ලෙල්ලමේ ආදායම පිටිපන ධීවරයන්ට දෙන්න’ යනුවෙන් සටහන් තැබූ පුවරු ද ජනතාව අත තිබුණි.

එම විරෝධතාවට සහභාගි වූ අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා පියතුමා පැවසුවේ පිටිපන එක්සත් ධීවර සමිතියේ චෝදනාව සත්‍යද අසත්‍යද යන්න ඔවුන්ට විරෝධය දැක්වීමට පැමිණ සිටි විශාල ජනතවගෙන් පැහැදිළි වන බවයි.

ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය පිළිබඳව ගැටලුවක් හේතුවෙන් පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට විරෝධය දක්වමින් පසුගිය සතියේ කොළඹදී අගරදගුරු නිවස අසළ විරෝධතාවක් පැවැත්වූහ.


ලෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපොළ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගිය දා නියෝග කළේ ය.

ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහි ව අගරදගුරු හිමිපාණන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළව ය.

ඒ පිළිබඳ කතෝලික සභාවේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පළ කරමින් ලෙල්ලමේ ධීවරයන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට පසුගිය දා ‍‍විරෝධතාවක් ද පැවැත්වූ නමුත් කතෝලික සභාව කියා සිටියේ, ලෙල්ලමෙන් සුළු පිරිසක් ලබන වාසිය බහුතර ධීවර ප්‍රජාවට ලබාදීමේ අරමුණින් තමන් නෛතික ක්‍රියාදාමයකට යොමු වූ බව ය.

කෙසේ වෙතත් කතෝලික රදගුරු හිමිපාණන් සමඟ නඩුමඟට එළැඹ සිටින ලෙල්ලමේ ධීවර පාර්ශ්වය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්, තමන්ට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීය.

මේ අතර ධිවර සංවිධාන කිහිපයක නියෝජිතයින්  ද ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිද්ධියට අදාල කරුණු පැහැදිලි කිරීමක් කළේය.


සබැඳි පුවත් :
පිටිපන ලෙල්ලම: කොළඹ අගරදගරු මැදුර සහ ධීවරයින් අතර ආරවුල කුමක් ද?

මිගමු 'ලෙල්ලමට' භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්