The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර

T

The Leader Desk

February 26, 2024 • 3:53 AM

  පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනුවත් කිරීමේ විශේෂ වගකීමක් ශිෂ්‍ය භටයන් වෙත පැවරෙන බව පොලිසිය බාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
  • ඒ වෙනුවෙන් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමෙන් අනතුරුව පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව බොරලන්ද පොලිස් ශිෂ්‍ය භට ඒකකයේ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමට එක්වු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේය.
  • “ශිෂ්‍යයෙකු ලෙස ලබා ගන්නා විනය අනෙකුත් ශිෂ්‍යයින් සමගද බෙදා ගන්නා ලෙස මා ඔබෙන් ඉල්ලීමක් සිදු කරනවා.
  • ඔවුන් කටයුතු කරන්නේ අනාගතය බාර ගැනීමට සිටින දූ දරුවන්ගේ අනාගතය අඳුරු කර දැමීම සඳහායි.” පොලිස් ශිෂ්‍ය භට බලකායට නව නිල ඇඳුමක් හඳුන්වා දීමට සැලසුමක් ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනුවත් කිරීමේ විශේෂ වගකීමක් ශිෂ්‍ය භටයන් වෙත පැවරෙන බව පොලිසිය බාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ වෙනුවෙන් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමෙන් අනතුරුව පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව බොරලන්ද පොලිස් ශිෂ්‍ය භට ඒකකයේ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමට එක්වු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේය.

“ශිෂ්‍යයෙකු ලෙස ලබා ගන්නා විනය අනෙකුත් ශිෂ්‍යයින් සමගද බෙදා ගන්නා ලෙස මා ඔබෙන් ඉල්ලීමක් සිදු කරනවා. අප විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තුලින් සිදු කරන්නේද පාසල් දූ පුතුන් වැරදි සිදු කරන මිනිසුන්ගෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක්. විශේෂයෙන් පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් පාසල් ආශ්‍රිතව සහ එම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරත වන පිරිස් අත්අඩංගුවට ගැනීම අපගේ ඉලක්කයයි. ඔවුන් කටයුතු කරන්නේ අනාගතය බාර ගැනීමට සිටින දූ දරුවන්ගේ අනාගතය අඳුරු කර දැමීම සඳහායි.”

පොලිස් ශිෂ්‍ය භට බලකායට නව නිල ඇඳුමක් හඳුන්වා දීමට සැලසුමක් ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 උත්සවය සභාව අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

WhatsApp Image 2024 02 26 at 8.56.30 AM


වරක් හර්මන් ලූස් සම්මානය දිනු රාජකීය විදුහල් ශිෂ්‍යභට කණ්ඩායමේ සාජන් වත්මන් අගමැති..

"පාසල්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් යනු කුඩා කල සිටම මා ඉතාමත් ප්‍රිය කළ පිරිසක්. වයස අවුරුදු හතේ සිට විසි එක දක්වාම මා පාසලක් තුළ ජීවත් වූ කෙනෙක්. විදුහල්පතිවරයකු මෙන්ම ගුරුවරයකු ලෙස කටයුතු කළ මාගේ පියා රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩයේ පුහුණුකරු ලෙස කටයුතු කළා. ශිෂ්‍ය භටයින් වෙනුවෙන් පිරිනැමූ හර්මන් ලූස් සම්මානය ආනන්ද, නාලන්ද විද්‍යාල සියල්ල පරාජය කරමින් රාජකීය විද්‍යාලයට දිනාගන්නට එම වසරේ හැකියාව ලැබුණා. එම වර්ෂයේ ශිෂ්‍යභට කණ්ඩායමේ සාජන්වරයා ලෙස කටයුතු කළේ වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

 ඉන් අනතුරුව එවකට කූඹි කැලේ යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයේ කොළඹ ඩී.එස්.සේනායක විද්‍යාලය මගේ පියා විසින් ආරම්භ කරනු ලැබුවා. එවකට පැවැත්වුණේ පන්ති පහක් පමණයි. විද්‍යාලය ඉදිකිරීමට එම ප්‍රදේශය එළිපෙහෙළි කරනු ලැබුවේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම විසින්. ශිෂ්‍යයෙකුට පැවතිය යුතුම  විනය, වැඩ කිරීමේ හැකියාව ආදී ගුණාංග ශිෂ්‍ය භට පුහුණුව තුළින් මනාව වර්ධනය වනවා. පසු කලෙක මාද ශිෂ්‍ය භටයකු ලෙස විවිධ ක්‍රියාකාරකම් වලට දායක වී තිබෙනවා. මගේ පියා විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වුණා. එහිදී ද පියා එම අමාත්‍යංශයේ කටයුතු කළ ආකාරය පිළිබඳ විවිධ අත්දැකීම්  ලැබීමේ අවස්ථාව මට හිමි වුණා.''

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාශයේ අධ්‍යක්ෂ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය චින්තක ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු අසංග කරවිට, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

(චතුරංග මේදිස්) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර | The Leader