The Leader News
BREAKING
Top Ad
පුවත්

කතානායක විශ්වාස භංගයට අනුරලාගේ සහ ඩලස්ලාගේත් සහාය

T

The Leader Desk

February 27, 2024 • 2:18 PM

කතානායක විශ්වාස භංගයට අනුරලාගේ සහ ඩලස්ලාගේත් සහාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත.
  • මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ, එම විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම සහාය පළ කරන බවයි.
  • මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් සිරිතරන් පැවසූවේ පක්ෂය ඉදිරියේදී රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
  • ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද පැවසුවේ යෝජනාවට සහාය පළකරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ, එම විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම සහාය පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් සිරිතරන් පැවසූවේ පක්ෂය ඉදිරියේදී රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද පැවසුවේ යෝජනාවට සහාය පළකරන බවයි.

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබේ. ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමග ජන බලවේගය පක්ෂය පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මේ සතියේදී බාරදීමට නියමිතය.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...