leader s

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන

විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසුවේ, එම විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම සහාය පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් සිරිතරන් පැවසූවේ පක්ෂය ඉදිරියේදී රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද පැවසුවේ යෝජනාවට සහාය පළකරන බවයි.

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබේ. ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගත් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව සමග ජන බලවේගය පක්ෂය පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මේ සතියේදී බාරදීමට නියමිතය.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්