පරාටේ නීතිය සම්බන්ධව යම් සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට

බලාපොරොත්තු වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ හරහා පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේය.

“ව්‍යාපාරිකයන් මෙන්ම මූල්‍ය ආයතන ද අර්බුදයට පත් නොවන ආකාරයට අප කටයුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බන්ධව යම් සංශෝධනයක් අප ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම මතය තුළ සිටිනවා.”


රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ගලයන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 602ක් පමණ ඉක්මන් බව මෙන්ම ඉන් බොහෝ ණය බොල් ණය ලෙස කපා හැරිම නිසා ආර්ථිකයට හානි සිදුවුයේ රටේ මුල්‍ය පාලනයක් නොතිබු නිසා බවයි ඇමැතිවරයා පවසන්නේ.


එම ණය ප්‍රමාණය රටේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙදවීමට හැකිවූවා නම් එම ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිව තිබු බවටයි ඇමැති විජයදාස රාජපක්ෂ විශ්වාසය පළ කරන්නේ.

ණය පහසුකම ලබාදීම අධීක්ෂණ ක්‍රමයක් යටතේ සිදු කළයුතු බව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තීරණය කර ඇති බව මෙන්ම ඒ සම්බන්ධව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.
 

 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්