The Leader News
BREAKING
Top Ad
පුවත්

මහජනතාවට වෙන පීඩා ගැන දුමින්දගේ අප්‍රසාදය

T

The Leader Desk

February 28, 2024 • 6:59 AM

මහජනතාවට වෙන පීඩා ගැන දුමින්දගේ අප්‍රසාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුමින්ද දිසානායක සිය අප්‍රසාදය පළ කර තිබේ.
  • ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මැදවච්චිය පෙරියකුළම ප්‍රධාන මාර්ගයේ සිට පෙරියකුළම වාන දක්වා මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.
  • බීජ දුන්න කෙනොට පොහොර දෙන්න ඒන කියන එක ආයේ හොයලා බලන්න දෙයක් නෑනේ.” ඇමැතිවරු මෙන්ම ද නිලධාරින් ද මෙම තත්වය සඟවන බවත් නියමිත වෙලාවට ගොවීන් අතට ආධාර ලබා නොදීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට මෙන්ම පීඩාවට පත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
  • මේවා ණය මේවාට පොලිය ගෙවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දුමින්ද දිසානායක සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මැදවච්චිය පෙරියකුළම ප්‍රධාන මාර්ගයේ සිට පෙරියකුළම වාන දක්වා මාර්ගය ප්‍රථිසංස්කරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.

ප්‍රදේශයේ ජනතාවට පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේදී ගොවීන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ SAPP ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කළ බඩඉරිඟු ව්‍යාපෘතියේ බිම් සකස් කිරීමේ මුදල් තවම තමන් වෙත නොලැබුණු බවත්, බඩඉරිඟු මිළ සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර දෙන ලෙසත් ය.

“බඩඉරිඟු ව්‍යාපෘතියේදී ගොවීන්ට රුපියල් ලක්ෂයක ආධාර දුන්නා. හැබැයි බිම් සකස් කරන මුදල් දෙන්න ඕන බිම් සකස් කරද්දී මිසක් අස්වනු නෙලද්දී නෙමෙයිනේ. ව්‍යාපෘති වලදී අඩුපාඩු යන්නේ මිනිස්සුන්ගේ පිටින්, ඔයාලගේ වාර්ථාවල් වල හරියනවා, බඩුත් බෙදලා, ඇටත් බෙදලා, පොහොරත් බෙදලා ව්‍යාපෘතිය ඉවර වෙද්දී සල්ලිත් දීලා, හැබැයි ඕන වෙලාවට නෙමෙයි, අපිට පොහොර ටික දෙන්න බැරි වුණා ඕන වෙලාවට, ඔඩර් කලේ නෑ ඕන වෙලාවට, ගෙනාපූ පොහොර ටික හරි වෙලාවට බෙදුවේ නෑ, ඒකෙත් අරෙහේ සල්ලි එකතු වෙන්න ඕන, මෙහෙ සල්ලි එකතු වෙන්න ඕන, අරක නෑ, මේක නෑ කිය කිය හිටියා, මම කොච්චර ඒ දවස් වල කිව්වාද? ඕන පොහොර ටික මෙහෙට ගෙනත් තියන්න කියලා. බීජ දුන්න කෙනොට පොහොර දෙන්න ඒන කියන එක ආයේ හොයලා බලන්න දෙයක් නෑනේ.”

ඇමැතිවරු මෙන්ම ද නිලධාරින් ද මෙම තත්වය සඟවන බවත් නියමිත වෙලාවට ගොවීන් අතට ආධාර ලබා නොදීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට මෙන්ම පීඩාවට පත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මේක හරි වෙලාවට දුන්නා නම් අපිට කියන්න පුලුවන් මේක මේ විදිහට වෙන්න ඕන කියලා. මේවා ණය මේවාට පොලිය ගෙවනවා. හරි වෙලාවට මේවා නොකරන එක හරි අපරාධයක්. වගාවට බිම් සකස් කරපු මුදල හෙට එයි, අනිද්දා එයි, කාගේද අඩුව, කෘ.ප.නි.සගේ, ඩී.ඕගේ, ප්‍රා.ලේගේ අඩුව කියනවා, ඒවා මේ මිනිස්සුන්ට වැඩක් තියෙනවාද? ඒක නිළධාරීන්ගේ වැඩක්.

මේ SAP ව්‍යාපෘතියට ගොවිජන සේවා එකෙන් උදව් කලේ නෑ, කීප දෙනෙක් විතරයි උදව් කලේ, දුක, අමාරුකම තේරෙන අය විතරයි උදව් කලේ. ඒකට හේතුව මේ ව්‍යාපෘතියෙන් ඒ.අයි මහත්තයාලට දීමනාවක් දෙනවා, ඒ දීමනාව කෘ.ප.නි.සලාට නෑ කියලා තමයි එ අය උදව් කරේ නැත්තේ. මේ අයට රජයෙන් පඩි ගෙවනවා. ඒ අයට ගිහින් සීනි විකුණන්න කිව්වේ නෑ අපි. ඒ අයට කිව්වේ කෘෂිකර්ම වැඩකට උදව් කරන්න කියලා.” යැයි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

 

duminda 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...