The Leader News
BREAKING
Top Ad
පුවත්

තිස් වසරකින් නුදුටු අම්මා නොදැකම සාන්තන් චෙන්නායි රෝහලේදී දෑස් පියා ගනී

T

The Leader Desk

February 28, 2024 • 3:26 PM

තිස් වසරකින් නුදුටු අම්මා නොදැකම සාන්තන් චෙන්නායි රෝහලේදී දෑස් පියා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලාපොරොත්තු සුන්වී මවකගේ සිහිනය සැබෑ වූයේ නැත.
  • සාන්තන් ලෙසින් ප්‍රචලිත තිල්ලෙයිඅම්බලම් සුදේන්දිර රාජා ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ උඩුප්පිඩි වාසී තම වියපත් මව බලා ගැනීමට සැලසුම් කර තිබූ බදාදා (28) උදෑසන මියගිය බව චෙන්නායි මහ රෝහල විසින් ප්‍රකාශ කරන ලදී.
  • බරපතල අක්මා රෝගයකින් පීඩා විඳි ඔහු තිරුචිරප්පල්ලි හි විශේෂ කඳවුරේ සිට රෝහලට මාරු කර යවා ඇත.
  • තම වයෝවෘද්ධ මව සමඟ සිටීමට ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නිවසට ආපසු යවන ලෙස ඔහු කළ ඉල්ලීම සතියකට පෙර ඉන්දීය රජය විසින් අනුමත කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

බලාපොරොත්තු සුන්වී මවකගේ සිහිනය සැබෑ වූයේ නැත.

සාන්තන් ලෙසින් ප්‍රචලිත තිල්ලෙයිඅම්බලම් සුදේන්දිර රාජා ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ උඩුප්පිඩි වාසී තම වියපත් මව බලා ගැනීමට සැලසුම් කර තිබූ බදාදා (28) උදෑසන මියගිය බව චෙන්නායි මහ රෝහල විසින් ප්‍රකාශ කරන ලදී.

motherසිය ජීවිතය අවසන්වීමට පෙර සිය පුත්‍රයා දැකීමට දශක තුනක් පුරා බලාසිටි සාන්තන් ගේ මෑණියන්


රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවකු වූ සාන්තන් වසර 32ක් සිරගතව සිට 2022 නොවැම්බර් 11 වැනි දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද අතර, මරා දමන ලද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නමින් වන චෙන්නායි රජයේ මහ රෝහලේදී පෙරවරු 7.50 ට පමණ මිය ගියේය.

 

බරපතල අක්මා රෝගයකින් පීඩා විඳි ඔහු තිරුචිරප්පල්ලි හි විශේෂ කඳවුරේ සිට රෝහලට මාරු කර යවා ඇත. තම වයෝවෘද්ධ මව සමඟ සිටීමට ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නිවසට ආපසු යවන ලෙස ඔහු කළ ඉල්ලීම සතියකට පෙර ඉන්දීය රජය විසින් අනුමත කරන ලදී. සාන්තන් අද නැවත සියරට බලා පැමිණීමට නියමිතව තිබුණි.

 

නමුත් සවස් වරුවේ ගුවන් යානයකට යාමට පෙර ඔහු අලුයම මිය ගියේය. ජනවාරි 27 වැනි දින චෙන්නායි රෝහලට ඇතුළත් කරන ලද සාන්තන් නිරන්තර අධීක්ෂණය යටතේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටියේය.

ඔහුගේ මරණය තහවුරු කළේ රෝහලේ පීඨාධිපති වෛද්‍ය ඊ.තනිරාජන්

“ඔහු ඊයේ (අඟහරුවාදා) රාත්‍රියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පසුබෑමකට ලක් විය,” යි ඔහුගේ මරණය තහවුරු කළ රෝහලේ පීඨාධිපති වෛද්‍ය ඊ. තේනිරාජන් පැවසීය.

“එයාට සිහිය නැතිවෙලා අපි ප්‍රතිකාර කරමින් හිටියා. අද (බදාදා) උදේ 4.30 ට පමණ ඔහුට හෘදයාබාධයක් ඇති වුනා. CPR (හෘද පුනර්ජීවනය) ක්‍රියාවලියකින් පසුව පුනර්ජීවනය ඔහු ආධාරකයේ සිටියේ වෙන්ටිලේටරයකයි. නමුත් වැඩිදුර ප්‍රතිකාරවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ ඔහු පෙරවරු 7.50 ට අභාවප්‍රාප්ත වුණා.”

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය තේනිරාජන් පැවසුවේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට ඉදිරි පියවර ගන්නා බවයි.

සබැඳි පුවත් :

රජීව් ඝාතනයේ වැරදිකරු ලංකාවට
රජීව් ඝාතන නඩුවෙන් නිදහස් වූ සාන්තන් ඉන්දියාව තවමත් ගෙදර එවා නෑ

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...