The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
පුවත්

කාන්තා දිනයේ ‘රැවටිලිකාර’ OMP කාර්යාලයට දෙමළ මව්වරුන්ගේ විරෝධය

T

The Leader Desk

March 12, 2024 • 5:34 PM

කාන්තා දිනයේ ‘රැවටිලිකාර’ OMP කාර්යාලයට දෙමළ මව්වරුන්ගේ විරෝධය  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අත් නොහරින බව යළිත් වරක් අවධාරණය කරන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි නොමනාපය පල කර තිබේ.
  • මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරූ උතුරු නැගෙනහිර දෙමළ මවුවරුන් චෝදනා කළේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය තමන්ට අමතරව ජාත්‍යන්තරය ද රවට්ටන බවයි.
  • "අපි OMP කාර්යාලයට එරෙහිව උද්ඝෝෂණ කරන විට ඔවුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා බලහත්කාරයෙන් ලිපි යවලා තියනවා.
  • අතුරුදහන් සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා 2017 වසරේ ජගත් කාන්තා දිනයේ ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර හතක් සපිරෙන දිනයේත් වීදි බසිමින් ඔවුන් ඉල්ලා සිටියේ යුක්තිය ඉටුකරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අත් නොහරින බව යළිත් වරක් අවධාරණය කරන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි නොමනාපය පල කර තිබේ.

 මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරූ උතුරු නැගෙනහිර දෙමළ මවුවරුන් චෝදනා කළේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය තමන්ට අමතරව ජාත්‍යන්තරය ද රවට්ටන බවයි.

 "අපි OMP කාර්යාලයට එරෙහිව උද්ඝෝෂණ කරන විට ඔවුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා බලහත්කාරයෙන් ලිපි යවලා තියනවා. ඒ ලියුම්වලට ආවේ නැත්නම් ගෙයින් ගෙට ගිහින් ලියාපදිංචි කරලා, නැතිනම් වාහනයක් යවලා එයාලව ගෙන්නලා ඒ අය ගැන වාර්තා කරගෙන ජාත්‍යන්තරය රවට්ටලා අපේ ඥාතීන්වත් රවට්ටමින් මේ කාර්යාලය වැඩ කරගෙන යනවා."

 උතුරු හා නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් මාර්තු 8 වැනි දා පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට වටරවුමේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණ දෙමළ මවුවරුන් දියත් කළ  විරෝධතාවයට එක්ව සිටි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් සිවානන්දන් ජෙනීටා මාතාව ඒ බව සදහන් කළාය.

 අතුරුදහන් සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා 2017 වසරේ ජගත් කාන්තා දිනයේ ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර හතක් සපිරෙන දිනයේත්  වීදි බසිමින් ඔවුන් ඉල්ලා සිටියේ යුක්තිය ඉටුකරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

 "හමුදාව විශ්වාස කරලා බාර දීපු ළමයි කොහොමද අතුරුදහන් උනේ, ජාත්‍යන්තරයේ අද කාන්තා දිනයද - කාන්තාව යටපත් කිරීමේ දිනයද?, අඩු තරමින් UNRCH55 වැනි සැසි වාරයේදී හරි අපිට සාධාරණය ඉටු වෙයිද?, කල් මරන්න එපා - හරි පරීක්ෂණයක් ඕනෑ,”යනුවෙන් සඳහන් සටන්පාඨ පෙරටු කරගනිමින් ඔවුන් විරෝධතා දක්වා තිබේ.

womens day 2024

 

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...