The Leader News
BREAKING
Top Ad
පුවත්

හෙළි නොකළ IMF ලියවිලි සුමන්දිරන්ට ලබා දීමට ජනපති එකඟ වෙයි

T

The Leader Desk

March 13, 2024 • 3:11 AM

 හෙළි නොකළ IMF ලියවිලි සුමන්දිරන්ට ලබා දීමට ජනපති එකඟ වෙයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡාවකට සහභාගිවූ එකම විපක්ෂ මන්ත්‍රීවරයාට පොරොන්දුවක් ලැබී තිබේ.
  • ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වූ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ තීරණාත්මක රැස්වීමක්’ ලෙසින් හඳුන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ හමුවට කරන ලද ආරාධනය පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂය විසින්ම වර්ජනය කරන ලදී.
  • කෙසේවෙතත්, පක්ෂ නායකයකු නොවන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාර්තු 11 පැවති එම සාකච්ඡාවට ‘විපක්ෂය නියෝජනය කරමින්’ සහභාගී වූ බව ජනාධිපති කාර්යාංශය විසින් ප්‍රකාශ කර තිබුණි.
  • තාක්ෂණික ආධාර වාර්තා (Technical Assistance Reports) කියලා IMF ආණ්ඩුවට දෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡාවකට සහභාගිවූ එකම විපක්ෂ මන්ත්‍රීවරයාට පොරොන්දුවක් ලැබී තිබේ.

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වූ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ තීරණාත්මක රැස්වීමක්’ ලෙසින් හඳුන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා තිබූ හමුවට කරන ලද ආරාධනය පාර්ලිමේන්තුවේ සමස්ත විපක්ෂය විසින්ම වර්ජනය කරන ලදී.  

කෙසේවෙතත්, පක්ෂ නායකයකු නොවන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මාර්තු 11 පැවති එම සාකච්ඡාවට ‘විපක්ෂය නියෝජනය කරමින්’ සහභාගී වූ බව ජනාධිපති කාර්යාංශය විසින් ප්‍රකාශ කර තිබුණි.  

“අපි සැලකිලිමත් වෙන කාරනා කීපයක් මම මතු කළා. තාක්ෂණික ආධාර වාර්තා (Technical Assistance Reports) කියලා IMF ආණ්ඩුවට දෙනවා. මේ වගේ නිර්දේශ දෙන්නේ ඇයි කියලා තියෙන්නේ ඒවායේ තමයි. ඒක රටට ප්‍රසිද්ධ කරලත් නෑ. අද දින එකඟ වුනා ඒවා මට දෙනවා කියලත්, විපක්ෂයේ ඉන්න අනිකුත් පක්ෂ නායක තුමන් ඉල්ලුවොත් ඒ ගොල්ලන්ටත් දෙනවා කියලා. ඒක බැලුවට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේ වැඩසටහනට අපිට උදව් කරන්න පුලුවන්ද බැරිද කියලා,” යි සුමන්දිරන් මන්ත්‍රීවරයා සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාංශය ඉදිරිපිටදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.    

 පසුව දෙමළ මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රීවරයා හෙළි කළ පරිදි  ඔහු සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයා විසින් කරන ලද පෞද්ගලික ආරාධනයක් අනුව විනා පක්ෂ නියෝජිතයකු ලෙසින් නොවේ.  


“මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අදාළ විශ්ලේෂණාත්මක දත්ත වාර්තා මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයටත්, පාර්ලිමේන්තුවටත් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය,” යි ජනාධිපති කාර්යාංශය නිවේදනය කර තිබේ.

එහි සඳහන් පරිදි, ‘දෙමළ ජාතික සන්ධානය (TNA)’ ලෙස ජනාධිපතිගේ කාර්යාලය විසින් වැරදි ලෙස නම්කොට ඇත්තේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා නියෝජනය කරන පක්ෂයයි.

ඔහු සාමාජිකත්වය දරන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසුවේ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා හමුවීමට යන බව කල්තියා දැන නොසිටි බවයි.  

ජනවාරියේ පැවති පක්ෂ සම්මේලනයේදී නායකත්වය සඳහා පවත්වන ලද නිලවරණයෙන් එම් ඒ සුමන්දිරන් පරදවා ජයගත් ITAK සභාපති ශ්‍රීධරන් සිවඥානම් මන්ත්‍රීවරයා ජනපති-සුමන්දිරන් හමුව පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය.  

 එසේවෙතත්, ජනපති ආරාධනයෙන් IMF සමග ඉදිරියේ පැවැත්වීමට නියමිත “සාකච්ඡා සඳහා සහභාගි වීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්  සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ දී රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාධනීය සහ නිවැරදි වැඩපිළිවෙලක් වෙනුවෙන් තම සහාය ලබාදෙන බවද පැවසීය,” යි ජනාධිපති කාර්යාංශය විසින් නිවේදනය කර තිබේ.

 
ජනාධිපතිවරයා ඇතුළු රජයේ නියෝජිතයන් සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග කොළඹදී සාකච්ඡා කරන  අවස්ථාවේ ඔහුගේ පක්ෂ නායකයා සිටියේ මහාසිවරාත්‍රී දිනයේ වවුනියාවේ වෙඩුක්කනාරිමලේ ආදි ලිංගේශ්වර ශිව දේවාලයේ පුද පුජා පැවැත්වූ හින්දු බැතිමතුන්ට එරෙහි පොලිස් ප්‍රචණ්ඩතාව හෙලා දකින විරෝධතාවකට යාපනයේ නල්ලුර්හිදී සහභාගී වෙමිනි.  

අත් අඩංගුවට ගන්නා ලද කෝවිලේ පූජක තුමන් ඇතුළු අට දෙනකු වහාම නිදහස් කොට ආගම ඇදහීමේ අයිතිය තහවුරු කරන ලෙසද විරෝධතා කරුවෝ ආණ්ඩුවට බලකර සිටියහ.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ IMF දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රමුඛ විශේෂඥ මණ්ඩලයක්  ජනවාරියේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයකින් පසු නිකුත් කළ නිවේදනය පහතින්  

IMF Staff Concludes Visit to Sri Lanka


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...