The Leader News
BREAKING
තොරතුරු ඉල්ලීමේදී රාජ්‍ය ආයතනවලට හිතුමතේ ගාස්තු අය කළ හැකි ද?●මචාඩෝ වෙනිසියුලාවට පැමිණෙයි: කැරකස් දේශපාලන සමීකරණය අලුත් වෙයි●අජිත් තිලකසේන ගේ නිර්මාණ පිළිබඳ මතවාද දෙකක්●ගෝලීය කම්පන හමුවේ ආර්ථිකයට මාස තුනේ සැලසුමක්●‘මම තනියම’ ජාත්‍යන්තර සම්මාන ලබයි●මයික්‍රොසොෆ්ට් සේවකයින් හැටදහසකට ස්වේච්ඡා ඉවත්වීමේ වන්දි පැකේජයක්●ආටානාටියට අනුව ලියැවුණු වස් කවිය සහ බෞද්ධ සංස්කෘතිය●සෙන්ට්‍රල් බෑන්ක් ඉන්දීය මහ බැංකු ගිණුමෙන් කෝටි 14ක අබිරහස් මංකොල්ලයක්●ඕස්ට්‍රේලියානු සංචාරක සටන: ජෙට්ස්ටාර් පෙරළියට ශ්‍රීලංකන් ප්‍රතිචාරය●මානව හිමිකම් නිර්දේශ හමස්පෙට්ටියට: කොමිසමෙන් දැඩි බලතල ඉල්ලීමක්●
Top Ad
පුවත්

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වලදමා ඇත්තේ LTTE සෙබල සිරුරු

T

The Leader Desk

March 15, 2024 • 2:42 PM

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වලදමා ඇත්තේ LTTE සෙබල සිරුරු  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අස්ථි කොටස් අනූව දශකය මැද භාගයේ අවිධිමත් ලෙස වල දමන ලද විමුක්ති කොටි සෙබල සෙබළියන්ගේ බවට සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ අධිකරණයට දැනුම් දී තිබේ.
  • පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මුලතිව් අධිකරණයට බාර දෙන ලද පිටු 35 ක අතුරු වාර්තාවෙන් නිගමනය කර ඇත්තේ කොක්කුතොඩුවායි සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද සිරුරු වල දමා ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රාජ්‍ය පාලනයේ නියුතු 1994-1996 අතර කාලයේය.
  • වින්දිතයන්ගේ දිවි තොර වීමට පෙර ඔවුන්ට ගිනිඅවි ගැටුමකට මුහුණ දීමට සිදුවී තිබෙන බව ද මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ සඳහන් ය.
  • මහාචාර්යවරයාගේ අතුරු වාර්තාවට අනුව මෙම සටන්කාමීන් වල දැමීමේ සිද්ධියේ දිනය 1994ට පෙර හෝ 1996 ට පසුව සිදුවී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

අස්ථි කොටස් අනූව දශකය මැද භාගයේ අවිධිමත් ලෙස වල දමන ලද විමුක්ති කොටි සෙබල සෙබළියන්ගේ බවට සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ අධිකරණයට දැනුම් දී තිබේ.

පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මුලතිව් අධිකරණයට බාර දෙන ලද පිටු 35 ක අතුරු වාර්තාවෙන් නිගමනය කර ඇත්තේ කොක්කුතොඩුවායි සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද සිරුරු වල දමා ඇත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රාජ්‍ය පාලනයේ නියුතු 1994-1996 අතර කාලයේය.  

2023 සැප්තැම්බර් හා නොවැම්බර් අතර දින 21 ක් තුල මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරි කනගසබාපති වාසුදේවගේ ද සහභාගිත්වයෙන් අදියර දෙකක කැනීම්වලින් අනතුරුව ගොඩගන්නා ලද ස්ත්‍රී සහ පුරුෂ ඇටසැකිලි 40ක් ආශ්‍රිතව එළැඹ ඇති ප්‍රධාන නිගමන අනුව වලදැමූ අගලේ වැතිර සිටින මළවුන් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ සටන්කරුවන් වන අතර එම සිරුරු  වලදමා ඇත්තේ රහසිගතවය.  

වින්දිතයන්ගේ දිවි තොර වීමට පෙර ඔවුන්ට ගිනිඅවි ගැටුමකට මුහුණ දීමට සිදුවී තිබෙන බව ද  මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ සඳහන් ය.

මහාචාර්යවරයාගේ අතුරු වාර්තාවට අනුව මෙම සටන්කාමීන් වල දැමීමේ සිද්ධියේ දිනය 1994ට පෙර හෝ 1996 ට පසුව සිදුවී නැත.  

එමනිසා ගොඩගන්නා ලද මෙවලම්වලින් යෝජනා කෙරෙන පරිදි මෙම සිද්ධිය 1994 හා 1996 අතර යම් දිනයක සිදුවූ බවට ඔහු නිගමනය කර තිබේ.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් 2023 ජුනි අගදී මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කැබලි අහම්බයෙන් හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

දැනට හාරා ඇති අගලට අමතරව මුලතිව් කෝකිලායි මහා මාර්ගය යටටද විහිදෙන තවත් භූමි ප්‍රමාණයක සිරුරු වල දමා ඇති බවට විද්‍යුත් චුම්බක සෝදිසියකින් නිර්ණය කර ඇති විමර්ශකයෝ සියලු කැනීම් නිමාවූ පසු අංග සම්පූර්ණ වාර්තාවක් නිකුත් කිරීමට අපේක්ෂා කරති.  

ප්‍රතිපාදන නෑ

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මෑතම සොයාගන්නා ලද සමූහ සුසානය වන කොක්කුතොඩුවායි වලේද ඉදිරි විමර්ශන කටයුතු ඇනහිට ඇත්තේ පොරොන්දු වූ මුදල් නැති කමිනි.  

සමූහ සුසානය සම්බන්ධ නඩුව මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ පසුගිය මාර්තු 4 වැනි  සඳුදා විභාගයට ගන්නා ලද අවස්ථාවේදී ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අධිකරණයට දැනුම් දුන්නේ යැයි නීතිඥ ශාන්තිප්‍රගාසම් නිරංජන් මාධ්‍යවේදීන්ට හමුවේ ප්‍රකාශ කර තිබුනි.

අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මුදල් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කොට ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණකාධිකාරී මයිල්වාගනම් සෙල්වරත්නම් අධිකරණයට දැනුම් දුන් බව නීතිඥවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ වලදමා ඇත්තේ LTTE සෙබල සිරුරු | The Leader