නම මසකට ඉහත දී මුලතිව් දිස්ත්‍රික්කයෙන් මතුවූ අලුත්ම සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද සිරුරු කොටස්

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති සමයේ වලදමන ලද කොටි සටන්කාමීන්ගේ බව හෙළි වෙද්දී, එකොලොස් වසරකට පෙර මන්නාරමෙන් හමුවේ සමුහ මිනි වලක කාල නීර්ණ කටයුතු තව දුරටත් කල් යමින් පවතී.

ජලනල කාර්මිකයන් විසින් අහම්බෙන් පාදාගත් වන්නියේ කොක්කුතොඩුවායි හි මෙන්ම තිරුකේතීස්වරමේ ද වැඩ ඇනහිට ඇත්තේ මුදල් නොමැති කමිනි.

මන්නාරම තිරුකේතීස්වරම් සමූහ සුසානයෙන් 2013 දී ගොඩගත් සිරුරු 82 ක කාබන් කාල නිර්ණය සඳහා අවශ්‍ය වියදම පිළිබඳ විස්තර පසුගිය මාසයේ අධිකරණය විසින් අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලයෙන් (OMP) ඉල්ලා සිටියත් එම තොරතුරු තවමත් ලබා දී නැතැයි අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න මන්නාරම අධිකරණයට දැනුම් දුන් බවයි නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

 "අස්ථි කොටස් සාම්පල් C14 පරීක්ෂණ සදහා යැවීමට නියමිතව තිබුනත් ඒකට මුදල් සැපයීමේ පහසුකම් සැලසීම සදහා අතුරුදහන්වුවන්ගේ කාර්යාලය ටෙන්ඩර් කැදවලා තිබුනා. අද ( මාර්තු 11) ඔවුන්ගේ පිළිතුරු ලබා දීමට නොහැකි බව කියලා ඔවුන් තව වාරයක් ඉල්ලා සිටි නිසා මේ නඩුව මැයි මාසේ 13 වැනිදා නැවත කැදවන්න නියමිතයි," යනුවෙන් නීතිඥ වී එස් නිරංජන් සඳහන් කළේය.

 2013 වසරේ දෙසැම්බර් 17 වැනිදා මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වල හමුවිය.

 දෙසැම්බර් 20 වැනිදා මන්නාරම පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නඩුවක් ගොනු කළ අතර අධිකරණ නියෝග පරිදි සිදු කළ කැනීම හමුවේ මිනිස්  සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි.  


බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් වෙනුවෙන් එකොලොස් වසරක් පුරා එම නඩුව වෙනුවෙන් මන්නාරම  අධිකරණය හමුවේ  පෙනී සිටින නීතිඥ වී එස් ශාන්තිප්‍රගාසම් නිරංජන් පවසන්නේ 2024 පෙබරවාරි 14 වැනිදා නඩුව  කැදවු අවස්ථාවේ කාබන් පරීක්ෂණය සදහා අවශ්‍ය වියදම් ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම්  කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටි බවයි.


කාබන් 14 පරීක්ෂණය සදහා අවශ්‍ය අස්ථි කොටස් නියැදි වෙන්කර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තබා ඇති බව සදහන් කරන අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න පවසන්නේ කාල නීර්ණ කටයුතු සදහා එම අස්ථි කොටස් ඇමැරිකාවට රැගෙන යෑමට තමන් සුදානමින් සිටින නමුත් රජයේ වග කිය යුතු බලධාරීන් තවමත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී නොමැති බවයි.

 මුලතිව් සමූහ සුසානයේ සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් පසුගියදා  මුලතිව් අධිකරණයට බාර දෙන ලද පිටු 35 ක අතුරු වාර්තාවෙන් නිගමනය කර තිබුනේ පසුගිය වසරේ කොක්කුතොඩුවායි සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද සිරුරු 1994-1996 අතර කාලයේ වලදමන ලද LTTE සටන්කාමීන්ගේ බවයි. 

  

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image