The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

වන්නියේ තවත් සමූහ සුසානයක පරීක්ෂණ කල් යයි

T

The Leader Desk

March 15, 2024 • 3:15 PM

වන්නියේ තවත් සමූහ සුසානයක පරීක්ෂණ කල් යයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති සමයේ වලදමන ලද කොටි සටන්කාමීන්ගේ බව හෙළි වෙද්දී, එකොලොස් වසරකට පෙර මන්නාරමෙන් හමුවේ සමුහ මිනි වලක කාල නීර්ණ කටයුතු තව දුරටත් කල් යමින් පවතී.
  • ජලනල කාර්මිකයන් විසින් අහම්බෙන් පාදාගත් වන්නියේ කොක්කුතොඩුවායි හි මෙන්ම තිරුකේතීස්වරමේ ද වැඩ ඇනහිට ඇත්තේ මුදල් නොමැති කමිනි.
  • "අස්ථි කොටස් සාම්පල් C14 පරීක්ෂණ සදහා යැවීමට නියමිතව තිබුනත් ඒකට මුදල් සැපයීමේ පහසුකම් සැලසීම සදහා අතුරුදහන්වුවන්ගේ කාර්යාලය ටෙන්ඩර් කැදවලා තිබුනා.
  • අද ( මාර්තු 11) ඔවුන්ගේ පිළිතුරු ලබා දීමට නොහැකි බව කියලා ඔවුන් තව වාරයක් ඉල්ලා සිටි නිසා මේ නඩුව මැයි මාසේ 13 වැනිදා නැවත කැදවන්න නියමිතයි," යනුවෙන් නීතිඥ වී එස් නිරංජන් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපති සමයේ වලදමන ලද කොටි සටන්කාමීන්ගේ බව හෙළි වෙද්දී, එකොලොස් වසරකට පෙර මන්නාරමෙන් හමුවේ සමුහ මිනි වලක කාල නීර්ණ කටයුතු තව දුරටත් කල් යමින් පවතී.

ජලනල කාර්මිකයන් විසින් අහම්බෙන් පාදාගත් වන්නියේ කොක්කුතොඩුවායි හි මෙන්ම තිරුකේතීස්වරමේ ද වැඩ ඇනහිට ඇත්තේ මුදල් නොමැති කමිනි.

මන්නාරම තිරුකේතීස්වරම් සමූහ සුසානයෙන් 2013 දී ගොඩගත් සිරුරු 82 ක කාබන් කාල නිර්ණය සඳහා අවශ්‍ය වියදම පිළිබඳ විස්තර පසුගිය මාසයේ අධිකරණය විසින් අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලයෙන් (OMP) ඉල්ලා සිටියත් එම තොරතුරු තවමත් ලබා දී නැතැයි අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න මන්නාරම අධිකරණයට දැනුම් දුන් බවයි නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

 "අස්ථි කොටස් සාම්පල් C14 පරීක්ෂණ සදහා යැවීමට නියමිතව තිබුනත් ඒකට මුදල් සැපයීමේ පහසුකම් සැලසීම සදහා අතුරුදහන්වුවන්ගේ කාර්යාලය ටෙන්ඩර් කැදවලා තිබුනා. අද ( මාර්තු 11) ඔවුන්ගේ පිළිතුරු ලබා දීමට නොහැකි බව කියලා ඔවුන් තව වාරයක් ඉල්ලා සිටි නිසා මේ නඩුව මැයි මාසේ 13 වැනිදා නැවත කැදවන්න නියමිතයි," යනුවෙන් නීතිඥ වී එස් නිරංජන් සඳහන් කළේය.

 2013 වසරේ දෙසැම්බර් 17 වැනිදා මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වල හමුවිය.

 දෙසැම්බර් 20 වැනිදා මන්නාරම පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නඩුවක් ගොනු කළ අතර අධිකරණ නියෝග පරිදි සිදු කළ කැනීම හමුවේ මිනිස්  සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි.  


බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් වෙනුවෙන් එකොලොස් වසරක් පුරා එම නඩුව වෙනුවෙන් මන්නාරම  අධිකරණය හමුවේ  පෙනී සිටින නීතිඥ වී එස් ශාන්තිප්‍රගාසම් නිරංජන් පවසන්නේ 2024 පෙබරවාරි 14 වැනිදා නඩුව  කැදවු අවස්ථාවේ කාබන් පරීක්ෂණය සදහා අවශ්‍ය වියදම් ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම්  කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අතුරුදහන් තැනැත්තන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටි බවයි.


කාබන් 14 පරීක්ෂණය සදහා අවශ්‍ය අස්ථි කොටස් නියැදි වෙන්කර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තබා ඇති බව සදහන් කරන අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න පවසන්නේ කාල නීර්ණ කටයුතු සදහා එම අස්ථි කොටස් ඇමැරිකාවට රැගෙන යෑමට තමන් සුදානමින් සිටින නමුත් රජයේ වග කිය යුතු බලධාරීන් තවමත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී නොමැති බවයි.

 මුලතිව් සමූහ සුසානයේ සිරුරු ගොඩගැනීමේ කටයුතු විමර්ශනයට පුරෝගාමී වී සිටි වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින් පසුගියදා  මුලතිව් අධිකරණයට බාර දෙන ලද පිටු 35 ක අතුරු වාර්තාවෙන් නිගමනය කර තිබුනේ පසුගිය වසරේ කොක්කුතොඩුවායි සමූහ සුසානයෙන් ගොඩගන්නා ලද සිරුරු 1994-1996 අතර කාලයේ වලදමන ලද LTTE සටන්කාමීන්ගේ බවයි. 

  

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...