The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

T

The Leader Desk

March 20, 2024 • 3:36 AM

 වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
  • නීතිඥ කනගරත්නම් සුගාස් වවුනියාව දිසා අධිකරණය ඉදිරිපිටදී මාර්තු 19 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ සැකකරුවන් නිදහස් වුවද අසාධාරණයට එරෙහි අරගලය දිගටම පවතින බවයි.
  • "අද දවසේ චෝදනා පත්‍රය ඉදිරිපත් කළ යුතු පොලීසිය එය ඉදිරිපත් නොකළ නිසා අපි උසාවියට බරපතළ ලෙස කරුණු ඉදිරිපත් කළා.
  • ඒක නිසා මේක පදනම් විරහිත නඩුවක් නිසා එයාලාව නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලීම් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

චෝදනා පත්‍ර ගොනු කිරීමට පොලිසිය අසමත් වීම නිසා අධිකරණය විසින් මුදා හරින ලද්දේ, කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනාය.

නීතිඥ කනගරත්නම් සුගාස් වවුනියාව දිසා අධිකරණය ඉදිරිපිටදී මාර්තු 19 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ සැකකරුවන් නිදහස් වුවද අසාධාරණයට එරෙහි අරගලය දිගටම පවතින බවයි.

"අද දවසේ චෝදනා පත්‍රය ඉදිරිපත් කළ යුතු පොලීසිය එය ඉදිරිපත් නොකළ නිසා අපි උසාවියට බරපතළ ලෙස කරුණු ඉදිරිපත් කළා. මේ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු චෝදනා සොයමින් සිටි පොලීසිය දැන් අපරාධයක් සොයමින් ඉන්නවා. ඒක නිසා මේක පදනම් විරහිත නඩුවක් නිසා එයාලාව නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලීම් කළා. අපේ ඉල්ලීම පිලි අරගෙන සැකකරුවන් සියළු දෙනාම නඩුවෙන් නිදහස් කරලා තියෙනවා. අසාධාරණයට එරෙහි අපේ අරගලය දිගටම පවතිිනවා."

 වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි  ආදි ලිංගේස්වර කෝවිලේ  මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.


අධිකරණ නියෝග හා පුරා විද්‍යා පනතට අනුව හවස 6 න් පසු එම භුමියේ පුජාවන් තැබිය නොහැකි බවට පොලීිසිය හින්දු භක්තිකයන්ට දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකා කටයුතු කළ බවට චෝදනා කරමින් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

බන්ධනාගාරගත කර සිටි හින්දු භක්තිකයන් අට දෙනා වහාම නිදහස් කරන ලෙස බල කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම විරෝධතා දියත් විය.

පොලිසිය විසින් බොරු චෝදනා නගා හින්දු බැතිමතුන් අත් අඩංගුවට ගෙන උසාවිය නොමග යැවූ බවට  සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු විරෝධතාකරුවන් දිගින් දිගටම චෝදනා කර තිබුනි.

මන්ත්‍රීවරයාද පූජා භූමියේදී පහර කෑමට ලක්වනු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට තිබේ.

හින්දු බැතිමතුන් අට දෙනා නිදහස් කරන ලෙස බලකරමින් දෙමළ ජනතා නියෝජිතයන් මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුව තුලදී ද විරෝධතාවයක් දියත් කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ඔවුන්ගේ අරගලයට සහාය පළ කර තිබුනි.

පළාතේ දෙමළ  ජනතාව අද වන විට වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස  හඳුන්වන මෙම සිද්ධස්ථානය අතීතයේ වඩ්ඩමාන පර්වත විහාරය ලෙස හඳුන්වන ලද බවට සිංහල බෞද්ධයන් අතර මතයක්ද පවතී.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...