The Leader News
BREAKING
Top Ad
පුවත්

ඉන්දීය ධීවර කොල්ලය නවතන පොරොන්දු ඉල්ලා යාපනයේ උපවාසයක්

T

The Leader Desk

March 20, 2024 • 4:19 AM

ඉන්දීය ධීවර කොල්ලය නවතන පොරොන්දු ඉල්ලා යාපනයේ උපවාසයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආක්‍රමණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් දියත් කරන ලද අරගලයට පිළිතුරු නොලද දෙමළ ධීවරයන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
  • මාරාන්තික උපවාසයට එක්ව සිටින යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනයේ ලේකම් සෙබමාලෙයි ඇන්ටන් සෙබරාසා අවධාරණය කරන්නේ වග කිව යුතු බලධාරියකු පැමිණ තම ගැටළුව විසදීමට පොරොන්දු දෙන තෙක් උපවාසය අත් නොහරින බවයි.
  • නමුත් ඔවුන් අප වෙනුවෙන් කොතැනකවත් හඬ නැගූ බවක් පෙන්නට නෑ.
  • එම ස්ථානයේ උපවාසයක් ආරම්භ කිරීමට ඉඩ දිය නොහැකි බවට පොලිස් නිලධාරීන් ධීවර යන්ට දැනුම් දීමෙන් පසුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමීපයේ පිහිටි ජෝන් බොස් කෝ විද්‍යාලය ඉදිරිපිට දී උපවාසය ආරම්භ කිරීමට ධීවර යන් පියවර ගත් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආක්‍රමණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් දියත් කරන ලද අරගලයට පිළිතුරු නොලද දෙමළ ධීවරයන් පිරිසක් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ යාපනය දිස්ත්‍රික් ධීවර කර්මාන්ත සමුපකාර සමිති සම්මේලනය එකතුව මාර්තු 19 වැනිදා යාපනයේ ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය ඉදිරිපිට දී මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ඉන්දීය ධීවර යාත්‍රා නවතාලීමට හැකියාවක් නොමැති බවට නාවික හමුදාපතිවරයා ද  පවසා තිබියදීය.

මාරාන්තික උපවාසයට එක්ව සිටින යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනයේ ලේකම් සෙබමාලෙයි ඇන්ටන් සෙබරාසා අවධාරණය කරන්නේ වග කිව යුතු බලධාරියකු පැමිණ තම ගැටළුව විසදීමට පොරොන්දු දෙන තෙක් උපවාසය අත් නොහරින බවයි.

"අපිට නිසි විසඳුමක් ලැබෙනකල් උපවාස අරගලය අනිවාර්යෙන්ම මැරෙනකං දිගටම කරනවාමයි. එය ඕනෑම අයෙක් වෙන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ අපේ දෙමළ සියලුම මන්ත්‍රීවරුන්ට අපිව  හමුවීමට අවශ්‍ය නම් මෙහි පැමිණ හමුවෙන්න පුළුවන්. නමුත් ඔවුන් අප වෙනුවෙන් කොතැනකවත් හඬ නැගූ බවක් පෙන්නට නෑ. ධීවර ඇමැති හරි, අපේ ජනාධිපතිතුමා හරි එහෙම නැතිනම් මේ රටේ වගකිවයුතු නායකයෙක් ඇවිල්ලා අපට හරි පොරොන්දුවක් දෙන තුරු අපි මෙතැනින් නැගිටින්නේ නැති බව අපි තරයේ ප්‍රකාශ කරනවා."

යාපනය මර්දඩි හන්දියේ සිට යාපනයේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණි යාපනය දිස්ත්‍රික් ග්‍රාමීය ධීවර සංවිධාන සම්මේලනය සහ යාපනය දිස්ත්‍රික් ධීවර කර්මාන්ත සමුපකාර සමිති සම්මේලනයේ ධීවරයන් එහිදී සාමකාමී විරෝධයක් දියත් කරමින් එම ස්ථානයේ මාරාන්තික උපාවසය ආරම්භ කිරීමට උත්සාහ ගෙන තිබුනි.

එම ස්ථානයේ උපවාසයක් ආරම්භ කිරීමට ඉඩ දිය නොහැකි බවට පොලිස් නිලධාරීන් ධීවර යන්ට දැනුම් දීමෙන් පසුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමීපයේ පිහිටි ජෝන් බොස් කෝ විද්‍යාලය ඉදිරිපිට දී උපවාසය ආරම්භ කිරීමට ධීවර යන් පියවර ගත් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.


ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ මසුන් මැරීම නතර කිරීම සදහා වහාම පියවර ගන්නැයි බලකරමින් උතුරේ ධීවර යන් පසුගිය සමයේ ඉල්ලීම් මෙන්ම විරෝධතා රැසක් දියත් කළත් ඉන් ප්‍රතිළුලයක් අත් නොවු බව පවසන ධීවරයන් අවධාරණය කරන්නේ එවැනි තත්වයක් යටතේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බවයි.


නාවික හමුදාපතිවරයා පවසන්නේ සිය ගණනින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වන ඉන්දීය යාත්‍රා නවතාලීම සඳහා ‘ප්‍රමාණය ඉක්මවා බලය පාවිච්චි කිරීමේ’ හැකියාවක් නොමැති බවයි.

දි අයිලන්ඩ් පුවත්පත සමග නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මාර්තු 16 වැනිදා සදහන් කර තිබුනේ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම දේශපාලන බලපෑම් වලට ද හේතු වන බවයි.

"ධීවර යාත්‍රා සිය ගානක් අල්ලන එක ප්‍රායෝගිකව කරන්න බැහැ. ඒ වගේම මේ අත්අඩංගුවට ගැනිලි දේශපාලන බලපෑම් වලට හේතු වෙනවා. අපි හැම දෙයක් ගැනම හිතල බලන්න ඕනෙ."


කලු කොඩි විරෝධයක්


ලංකා මුහුදේ මත්ස්‍ය අස්වැන්න ඉන්දීය ධීවරයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නෙලා ගන්නා බැවින් මෙරට ධීවර යන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවටත් උපවාසකරුවෝ  වැඩි දුරටත් අවධාරණය කරයි.

ඉන්දිය ධීවරයන් විසින් මෙරට මුහුදේ  සිදු කරන මත්ස්‍ය සම්පත කොල්ලකෑම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස බල කරමින් මාර්තු 4 වැනිදා යාපනය මුහුදේ කලු කොඩි විරෝධයක් මෙන්ම  උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම ධීවරයන් එකතුව මාර්තු 6 වැනිදා යාපනයේදී උද්ඝෝෂණයක්  දියත් කිරීමටත් කටයුතු කර තිබුනි.



fasting1fasting2

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...