The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

වන්නියේ කඳවුරු ලාගත් ඉඩම් ආපසු නොදෙන බව හමුදාව ඉඩම් හිමියන්ට කියයි

T

The Leader Desk

March 29, 2024 • 4:57 AM

වන්නියේ කඳවුරු ලාගත් ඉඩම් ආපසු නොදෙන බව හමුදාව ඉඩම් හිමියන්ට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන්නි ආඥා මුලස්ථානයට ගිය හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, ඉඩම් හිමියන් මුණ නොගැසීම පිටව ගිය පසු සෙසු හමුදා නිලධාරීන් ඉඩම් හිමියන්ට දැනුම් දී ඇත්තේ හමුදා ආඥා මූලස්ථානයක් ඉදි කර තිබෙන භුමිය නිදහස් කළ නොහැකි බවයි.
  • සිය පාරම්පරික ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබා දීමට කෙරෙන යෝජනාව ප්‍රතික්ෂේප කරන දෙමළ මාතාවක් සදහන් කළේ, හමුදා නිලධාරීන්ගේ එම ප්‍රකාශයත් සමග සිය බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බවයි.
  • අක්කර දෙකක හිමිකරුවන්ට ඒ අක්කර දෙකක් දීලා ඇතුලේ නිවාස ව්‍යාපෘතියක් හදනවා කියලත් එහිදී අපිට කිව්වා.
  • මේක සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන්වීමක්." යුද හමුදාපතිවරයා මාර්තු 27 වැනිදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණෙන බව සැලවීමත් සමග සිය ඉඩම් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධයක් දියත් කිරීමට එම ඉඩමේ හිමිකරුවන් කටයුතු සුදානම් කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


වන්නි ආඥා මුලස්ථානයට ගිය හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ, ඉඩම් හිමියන් මුණ නොගැසීම පිටව ගිය පසු සෙසු හමුදා නිලධාරීන් ඉඩම් හිමියන්ට දැනුම් දී ඇත්තේ හමුදා ආඥා මූලස්ථානයක් ඉදි කර තිබෙන භුමිය නිදහස් කළ නොහැකි බවයි.

සිය පාරම්පරික ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබා දීමට කෙරෙන යෝජනාව ප්‍රතික්ෂේප කරන දෙමළ මාතාවක් සදහන් කළේ, හමුදා නිලධාරීන්ගේ එම ප්‍රකාශයත් සමග සිය බලාපොරොත්තු සම්පුර්ණයෙන්ම විනාශ වී ගිය බවයි.

"එයාලා අපිට පින්තුර දාලා සිතියම් ඇඳලා පෙන්නනවා අණදෙන කාර්යාලය කියන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මුලතිව්වල තිබිය යුතුම දෙයක් කියලා. මේ අණදෙන කාර්යාලය මැදින් තියාගෙන ආරක්‍ෂිත ඉඩම් දෙනවාලු. අක්කර දෙකක හිමිකරුවන්ට ඒ අක්කර දෙකක් දීලා ඇතුලේ නිවාස ව්‍යාපෘතියක් හදනවා කියලත් එහිදී අපිට කිව්වා. මේක සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන්වීමක්."

යුද හමුදාපතිවරයා මාර්තු 27 වැනිදා මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණෙන බව සැලවීමත් සමග සිය ඉඩම් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධයක් දියත් කිරීමට එම ඉඩමේ හිමිකරුවන් කටයුතු සුදානම් කර තිබුනි.

හමුදාපතිවරයා මුණගැසී ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉඩම් හිමියන් පස් දෙනකුට එදින හවස තුනට පමණ  අවස්ථාව ලබා දෙන බවට එම මුලස්ථානයේ හමුදා ප්‍රධානින් පොරොන්දු වීමෙන් අනතුරුව දෙමළ ජනයා විරෝධය දියත් කිරීම නතර කර තිබේ.

 

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යුද හමුදාපතිවරයා එදින ඉඩම් හිමියන් සමග සාකච්ඡා නොපැවැත්වු අතර ඔහු පස්වරු පහට පමණ ගුවනින් එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

 

පසුව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු රාත්‍රී 7.45 ට පමණ විරෝධතාවයට පැමිණ සිටි ඉඩම් හිමියන් පස් දෙනකු සමග සාකච්ඡා කර එම මුලස්ථානය මුලතිව්හි තබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ මාතාව මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් කියා සිටියේ සිය පාරම්පරික ඉඩම වෙනුවට මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය දෙපස විකල්ප ඉඩම් ලබා දෙන බව හමුදා ප්‍රධානින් පැවසුවත් විකල්ප ඉඩම් ලබා ගැනීමට තමන් සුදානම් නොමැති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කළ යුතු බවයි.

"මේ ජනතාවගේ ජීවත් වෙන  නේවාසික ඉඩම් ප්‍රශ්නකාරී තත්වයෙන් තියෙන්නේ. මේක ගැන අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතුයි. විකල්ප ඉඩමක් ගන්නවා නම් කලින්ම ගන්න තිබුනා. අපි විකල්ප ඉඩම් බලාපොරොත්තු වෙන්නේ නෑ."

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ කේපාපුලව් හි පමණක් දෙමළ දෙමළ පවුල් 62 ට අයත් ඉඩම් අක්කර 170ක් හමුදා කඳවුර සඳහා බලහත්කාරයෙන් අල්ලා ගත් බවයි.  

 

යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් 2017 වසරේ මාර්තු 1 වැනිදා කේපාපුලව්හි පිහිටි මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිරිපිටදී ඉඩම් හිමියන් විසින් දියත් කළ විරෝධතා මාලාවක් හමුවේ අදියර දෙකක් යටතේ ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබුනි.

එහෙත් ආගමික ස්ථාන, ක්‍රීඩා පිටි, පොදු ශාලා, නිවාස සහ කෘෂිකාර්මික ඉඩම් පිහිටි භුමියක් අත්පත්කරගනිමින් යුද හමුදාව ආරක්ෂක සේනා මුලස්ථානය ඉදිකොට ඇති බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත්  පවසන්නේ.

සිය කෘෂිකාර්මික ඉඩම්ද යුද හමුදාව විසින්  අත්පත්කරගැනීම නිසා දෙමළ ජනතාවගේ ආදායම්ද හමුදාව විසින් භුක්ති විදින බවට චෝදනා කරන ඉඩම් හිමියන් අවධාරණය කරන්නේ යුද්ධය අවසන් වී වසර 15 ක් ගතවී ඇතත් දෙමළ ජනයා තවමත් යුද අනාථයන් ලෙස ජීවත් වන බවයි.

 

mulathiv land390423094


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...