The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

උසාවි අණ මායිම් නොකර වාඩිලා සිටින ගොවීන් එළවීමට මඩකලපුවේ පෙළපාලි

T

The Leader Desk

April 2, 2024 • 4:29 PM

උසාවි අණ මායිම් නොකර වාඩිලා සිටින ගොවීන් එළවීමට මඩකලපුවේ පෙළපාලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිටස්තර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරමින් මඩකලපු නගර මධ්‍යයේ විරෝධතාවක් දියත් කර තිබේ.
  • තමන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම් ඉල්ලා මාස හයකට වැඩි කාලයක් අඛණ්ඩ අරගලයක නිරතව සිටින මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන්ගේ විරෝධතාවයට දින 200 ක් සම්පුර්ණ වු අප්‍රේල් 1 වැනිදා ඔවුන් ඇතුළු පිරිස් නගර මධ්‍යයේ උද්ඝෝෂණය කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • අඛණ්ඩ විරෝධයේ නිතරව සිටින කිරී ගොවීන්ට අමතරව ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහායද එම උද්ඝෝෂණයට හිමිව තිබේ.
  • මඩකලපුව සිත්තාන්ඩි විනාගයර් කෝවිල අසල සිට මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිට දක්වා පා ගමනින් පැමිණි විරෝධතා කරුවන් “අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරනු, මයිලත්තමඩු, මාදවනෙයි අපේ සම්පතයි, ඕනෑ, ඕනෑ, යුක්තිය ඕනෑ, කිරි හරකුන් ඝාතනය නොකරනු’ ආදී සටන් පාඨ කියමින් විරෝධය දියත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
පිටස්තර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරමින් මඩකලපු නගර මධ්‍යයේ විරෝධතාවක් දියත් කර තිබේ.

තමන් මුහුණ දී සිටින ගැටළුවට විසදුම් ඉල්ලා  මාස හයකට වැඩි කාලයක් අඛණ්ඩ අරගලයක නිරතව සිටින මයිලත්තමඩු, මාදවනෙයි කිරි ගොවීන්ගේ විරෝධතාවයට දින 200 ක් සම්පුර්ණ වු අප්‍රේල් 1 වැනිදා ඔවුන් ඇතුළු පිරිස් නගර මධ්‍යයේ උද්ඝෝෂණය කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

අඛණ්ඩ විරෝධයේ නිතරව සිටින කිරී ගොවීන්ට අමතරව ප්‍රදේශයේ ආගමික නායකයන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහායද එම උද්ඝෝෂණයට හිමිව තිබේ.

මඩකලපුව සිත්තාන්ඩි විනාගයර් කෝවිල අසල සිට මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිට දක්වා පා ගමනින් පැමිණි විරෝධතා කරුවන් “අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරනු, මයිලත්තමඩු, මාදවනෙයි අපේ සම්පතයි, ඕනෑ, ඕනෑ, යුක්තිය ඕනෑ, කිරි හරකුන් ඝාතනය නොකරනු’ ආදී සටන් පාඨ කියමින් විරෝධය දියත් කර ඇත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මයිලත්තමඩු, මාදවනෙයි භුමියේ නීති විරෝධි ආකාරයෙන් රැදී සිටිමින් ගොවිතැන් කරන සියළු දෙනා එම භුමියෙන් ඉවත් කරන ලෙස 2022 වසරේ නොවැම්බර් 08 වැනිදා මඩකලපුව මහාධිකරණය විසින් පොලීසියට, මහවැලි සංවර්ධන අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද බවයි.

මඩකලපුව සිත්තාන්ඩි පාසල ඉදිරිපිටදී 2023 වසරේ සැප්තැම්බර් 15 වැනි සිකුරාදා දෙමළ කිරි ගොවීන් මුල් වරට විරෝධතාව ආරම්භ කර තිබුනේ සැප්තැම්බර් 13 වැනිදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ගොවි කමිටු රැස්වීමේදී විසදුම් ලබා දීමට තමන්ට නොහැකි බව දිස්ත්‍රික් ලේකම් කමලාවතී පද්මරාජා පැවසීමෙන් පසුවයි.

අඛන්ඩ විරෝධතාවයේ නිරත කිරි ගොවියන් පෙන්වා දෙන්නේ සිය ගවයන් තණකොළ කෑම සදහා භාවිත කළ ඉඩම් අක්කර දෙදාස් පන්සීයක් පමණ භුමි භාගයක් සිංහල ගොවීන් විසින් වගා කටයුතු වෙනුවෙන් මුලින් අත්පත්කරගෙන තිබුනත් තමන් අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින සමය තුළ තවත් ඉඩම් අත්පත්කරගෙන ඇති බවයි.

මඩකලපුව, මයිලත්තමඩු, මාදවනෙයි ප්‍රදේශයේ පිහිටි තෘණ භුමිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර ආණ්ඩුකාරධුරය සඳහා පත් කරන ලද වියත් මග ක්‍රියාකාරිණි අනුරාධා යහම්පත් විසින් මෑතකාලීනව පදිංචි කළ සිංහල පවුල් 150 ට පමණ බඩ ඉරිඟු ඇතුළු බෝග වගා කිරීම සඳහා පවරා දීමත් සමග පාරම්පරිකව කිරි ගවයන් පාලනය කරන්නන් සහ වගාකරුවන් අතර පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම ගැටුම් ඇති වී තිබුනි.

කිරි ගොවීන් පෙන්වා දෙන්නේ ගවයන්ට කැවීම සඳහා භාවිත කළ අක්කර 6000 ක භුමියෙන් සරුසාරෙට තණකොළ වැවෙන අක්කර 2500 ට වැඩි  ප්‍රදේශයක් සිංහල ගොවියන් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි.

මයිලත්තමඩු මාදවනෙයි කිරි ගොවි සමිතියේ සභාපති සීනිතම්බි නිමලන් චෝදනා කරන්නේ අඛණ්ඩ විරෝධතා දියත් වන දින 200 ක කාලය තුලදී සිංහල ගොවීන්  තෘණ භුමිය වෙත වල් නාශක යෙදීම සහ තෘණ භුමි ගිනි තැබීමෙන් ආහාර හිඟ වීම නිසා කිරි ගවයන් 1000 ට වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇති අතර වෙඩ් තැබීම්, හක්ක පටස් සහ විදුලි රැහැන් ඇදීමෙන් කිරි ගවයන් 750 ට වැඩි පිරිසක් ඝාතනය කොට ඇති බවයි.

සිංහල පවුල් 160 ට අයත් පුද්ගලයන් 300 දෙනෙකු තෘණ භුමිය තුළ බලහත්කාරයෙන් ජීවත් වන බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.


උසාවි නියෝග
 
සිය අධිකාරියට අයත් භුමියක් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් පිටස්තරයන් පිරිසක් තාවකාලික නිවාස ඉදිකර වගා කටයුතු කරන බවට මහවැලි සංවර්ධන අධිකාරිය ගිය වසරේ සැප්තැම්බර් 22 ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොවැම්බර් 13 වැනිදා  නියෝග කර  තිබුනේ නැගෙනහිර පළාතේ කිරි ගවයන්ට තණ කෑම සදහා වෙන්කර තිබෙන භුමියේ බලහත්කාරයෙන් වාඩි ලා ගොවිතැන් කටයුතු කළ සිංහලයන් දහතුන් දෙනකුට එම භුමියෙන් ඉවත් වන ලෙසයි.

මහවැලි සංවර්ධන අධිකාරිය ගොනුකළ නඩුව නොවැම්බර් 10 වැනි සිකුරාදා විභාගයට ගත් අවස්ථාවේ, ඉඩම් වල අයිතිය තහවුරු කිරීම සදහා නීත්‍යනුකූල ලියකියවිලි පවතීනම් නොවැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ එම ලේඛන ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා මෙම පුද්ගලයන් 13 දෙනාට එදින නියෝග කර තිබුනි.
 

ඉඩම් අයිතිය තහවුරු කිරීම සදහා බලය ඇති රජයේ නිලධාරියකු නිකුත් කළ ලේඛන 2023 වසරේ  නොවැම්බර් 13 වැනිදා අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට සිංහල ගොවීන්ට නොහැකි වු අතර ඒ අනුව එම භුමියෙන් ඉවත් වන ලෙස එරාවුර් සංචාරක අධිකරණයේ මහේස්ත්‍රාත් අන්වර් සදාත් නියෝග කළේය.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එසේ වුවත් සිංහල ගොවීන් මේ දක්වා එම භුමියෙන් පිටව ගොස් නොමැති බවයි.

කිරි ගොවින් මුහුණ දී සිටින ඉඩම් ගැටළුවට විසදුම් ලබා ගැනීම සදහා 2020 වසරේ අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ අතර 2021 වසරේ දී  මහවැලි සංවර්ධන අධිකාරිය සිංහල ගොවින් එම ස්ථානයෙන් ඉවත් කරන බවට සහතිකයක් ලබා දුන් පසු නඩුව අවසන් වු නමුත් ඒ පොරොන්දුද දැන් පුස්සක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පසුගිය වසරේ පවසා තිබුනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2023 ඔක්තෝබර් 15 වැනි ඉරිදා කිරි ගොවි ගැටළුවට විසදුම් සෙවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවැත්වු සාකච්ඡාවට එක්ව සිටි තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කිරි ගොවීන්ගේ ඉඩම් අත්පත්කරගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් ඉවත් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොලිසියට සහ මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

නඩු පැවරීමක් ගැන දැනගන්නට නැතත්, ඉන් පසුව ජනාධිපතිවරයා නැගෙනහිර පලාතේ සංචාරයක නිරත වු අවස්ථාවේ සිය ගැටළු වලට විසදුම් ඉල්ලා විරෝධතා දියත් කළ කිරි ගොවීන්ට පොලීසිය විසින් පහර දී තිබුනි.
 
protest

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...