ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය ‘රට ගොඩනඟන නුවණ‘ යන තේමාව යටතේ සමගි බුද්ධි

මණ්ඩපයේ මෙම වසරේ ජාතික සම්මේලනය කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි ඊයේ (7) පස්වරුවේ පැවැත්වීය.

මෙය සමගි බුද්ධි මණ්ඩපයේ දෙවැනි වාර්ෂික සමුළුවයි.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනයට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක විද්වත්හු මෙන්ම විදේශ විශ්වවිද්‍යාල ද නියෝජනය කරමින් දේශකයෝ සහභාගි වී සිටියහ.

සමගි බුද්ධි මණ්ඩපයේ සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ. එම්. ආනන්ද ජයවික්‍රම සමුළුවේ ඉලක්ක, අරමුණු සහ ප්‍රගතිය පිළිබඳව සභාව දැනුවත් කළේය.

මුඛ, ව්‍යාධි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් බී. දිසානායක සමුළුවේ පිළිගැනීමේ කතාව කළේය.

මෙම සමුළුවට විදේශ ආරාධිත දේශකයන් ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතාන යන රටවල්වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු විධායක අධ්‍යක්ෂ ඉන්දීය ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා සහ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ, දකුණු ආසියානු අධ්‍යයන ආයතනයට අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ පරීක්ෂණ සහකාර මහාචාර්ය තිලක් අබේසිංහ යන මහත්වරු ද මෙහිදී දේශන පැවැත්වූහ.

එහිදී විශේෂ දේශන පැවැත්වූ ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා සහ මහාචාර්ය තිලක් අබේසිංහ යන මහත්වරු හදුන්වාදීම නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි. එල්. පීරිස් කිරීම කැපී පෙනුණි.

 ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා ඉන්දියාව ආර්ථික ඉහළට ගෙන ඒමට කටයුතු කළ ආකාරය උදාහරණ සහිතව ද, මහාචාර්ය තිලක් අබේසිංහ සිංගප්පූරුව ආර්ථික වශයෙන් ඉහළට ඒමට යොදාගත් උපක්‍රම ද, ඉදිරිපත් කරමින් දේශන පැවැත්වූහ.

 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය උපුල් අබේරත්න මෙම සමුළුවේ සංවාදාත්මක සාකච්ඡාවේ මුලසුන දරමින් රාජ්‍ය පාලනය, රාජ්‍ය ප්‍රතිපත්ති සහ පරිපාලනය පිළිබඳව අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරායිස් මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සමුළුවට අදහස් එකතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ. සර්ජූන්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. භාස්කරන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශ්‍රියානි ගුණරත්න මෙහිදී විවිධ පැතිකඩයන් යටතේ අදහස් දැක්වූහ.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සභාපති ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ විද්වත් සාකච්ඡාව මෙහෙයවීය.

රජරට විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතානී බුලන්කුලම මෙහිදී ස්තූති කතාව කළාය.

(lankadeepa.lk -යොහාන් භාසුර)

සබැඳි පුවත් :
ඉන්දීය අගමැතිගේ උපදේශකයෙක් 'සමගි බුද්ධි මණ්ඩපය'ට එක්වේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්