The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනයට නීති විරෝධී ලෙස ආයුධ යොදාගත් හැටි ජාත්‍යන්තරයට හෙළි වේ

T

The Leader Desk

April 13, 2024 • 8:39 AM

ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනයට නීති විරෝධී ලෙස ආයුධ යොදාගත් හැටි ජාත්‍යන්තරයට හෙළි වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආකාරය ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් සිය නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
  • උතුරේ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් පරාජය කර වසර 15කට පසුවත් එම පළාත් දැඩි ලෙස හමුදාකරණය වී පවතින බව පෙන්වා දෙන මෙම වාර්තාව, මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් 60,000ක් පමණ හමුදා භට පිරිසක් ඉතිරිව සිටින බව නිරාවරණය කරයි.
  • ඒ අනුව එම කලාපයේ සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම එක් සොල්දාදුවකු යොදවා ඇති අතර, එය ලෝකයේ වැඩියෙන්ම හමුදාකරණය වූ ප්‍රදේශ වලින් එකක් බවට පත්ව ඇති බව එමගින් අවධාරණය කර තිබේ.
  • එසේම හමුදාව දිගින් දිගටම සාමාන්‍ය ජනයාට අයත් ඉඩම් අල්ලාගෙන සිටීම හේතුවෙන් දෙමළ ජනයා දහස් ගණනක් අවතැන්ව ඇති බවත් අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආකාරය ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් සිය නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය විසින් ‘ඕනෑම විරෝධතාවක් මර්දනයට  සූදානම්’ - ශ්‍රී ලංකාවේ විරෝධතා සම්බන්ධයෙන් පොලිසිය යෙදවීමේදී නීති විරෝධී අවි භාවිතය -යන වාර්තාව නිකුත් කරමින්, 2022 මාර්තු සහ 2023 ජුනි අතර  මෙරට  තුළ පවත්වන ලද විර‍ෝධතා 30 ක දී ආරක්ෂක අංශ විසින් සිය බලය යෙදූ ආකාරය විශ්ලේෂණයකට භාජනය කර ඇත.

මෙම විශ්ලේෂණයට අනුව ආරක්ෂක අංශ විසින් පොදුවේ අනිසි ලෙස කඳුළු ගෑස්, ජල කාලතුවක්කු සහ බැටන් ප්‍රහාර භාවිත කිරීමේ රටාවක් පෙන්නුම් කරන අතර, අවම වශයෙන් ඉහත සදහන් විරෝධතා 30 න් 17 කදී ම ආරක්ෂක අංශ වල හැසිරීම, බලය භාවිත‍ කිරීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර නීතීන්ට සහ ප්‍රමිතීන්ට අනුකූල නොවූ බව මෙම වාර්තාව මගින් වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ.


ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය අතරතුරදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ ඥාතීන් විසින් 2017 වසරේ  සිට අඛණ්ඩව සංවිධානය කරනු ලැබු  සාමකාමී විරෝධතාවයන්ට එල්ල කරනු ලැබූ බාධා කිරීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන මෙම වාර්තාව, උතුරු - නැගෙනහිර  පළාත්වල  ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් ද හෙළි කර ඇත.



“ඔවුන් හදිස්සියේම වතුර ප්‍රහාර එල්ල කරන් පටන් ගත්තා. විරෝධතාකරුවන් ඉලක්ක කරගන්න වතුර විදින ජෙට් එක විවිධ පැති වලට හැරෙව්වා. එක පාරම වතුර විදින ජෙට් එක මගේ මූණ පැත්තට හැරුනා. මගෙ ඇහැට දරුණු වතුර පාරක් වැදුනා. මගේ ඇස් ඉදිමිලා ටික වෙලාවක් යනකල් මට මුකුත් පේන්නේ නැතුව ගියා,” යි යුද්ධයේ අවසානයත් සමග වසර 15 කට පෙර බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූ සිය සැමියා වෙනුවෙන් සත්‍ය සහ යුක්තිය ඉල්ලා අරගල කරන එක් විරෝධතාකාරියක්, උතුරේ අතුරුදහන් වූවන්ගේ පවුල් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එල්ල වූ ප්‍රහාරයක සිය අත්දැකීම් විස්තර කර ඇත්තේ  එලෙසිනි.

උතුරේ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් පරාජය කර වසර 15කට පසුවත් එම පළාත් දැඩි ලෙස හමුදාකරණය වී පවතින බව පෙන්වා දෙන මෙම වාර්තාව, මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් 60,000ක් පමණ හමුදා භට පිරිසක් ඉතිරිව සිටින බව නිරාවරණය කරයි.

ඒ අනුව එම කලාපයේ සෑම සිවිල් වැසියන් දෙදෙනකු සඳහාම එක් සොල්දාදුවකු යොදවා ඇති අතර, එය ලෝකයේ වැඩියෙන්ම හමුදාකරණය වූ ප්‍රදේශ වලින් එකක් බවට පත්ව ඇති බව එමගින් අවධාරණය කර තිබේ.

එසේම හමුදාව දිගින් දිගටම සාමාන්‍ය ජනයාට අයත් ඉඩම් අල්ලාගෙන සිටීම හේතුවෙන් දෙමළ ජනයා දහස් ගණනක් අවතැන්ව ඇති බවත් අවධාරණය කරයි.

2022 සහ 2023 කාලය තුළ දකුණේ 'අරගලය' විරෝධතා ව්‍යාපාරයන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ බාධා කිරීම් ද මෙම වාර්තාව සකස් කිරීමේදී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය අවධානයට ගෙන තිබේ.

“අපිට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ගැහුවට පස්සෙ අපි විසිරිලා ගියා. එහෙම විසිරිලා යනකොටත් එයාල පන්නගෙන ඇවිත් අපිට පහර දුන්නා. මගෙ පිටට බැටන් පොල්ලකින් ගැහුවා,” යි වෘත්තියෙන් මාධ්‍යවේදියකු ද වන එක් විරෝධතාකරුවකු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සමග ප්‍රකාශ කර ඇත.


ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් උල්ලංඝණය කරමින්, පොලිසිය විසින් විරෝධතාකරුවන්ගේ පිටුපස සිට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත්, කඳුළු ගෑස් භාවිත කිරීමේ දී  ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර අනුගමනය නොකරමින් පොලීසිය දිගින් දිගටම පාසල් අසල සහ ‍පැහැදිලි පිටවීමක් ‍‍නොමැති ප්‍රදේශ වලට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර එමඟින් ළමයින් සහ අවට සිටින පිරිස් නිකරුණේ රසායනික ද්‍රව්‍ය වල බලපෑමට නිරාවරණය වූ බව, මෙම වාර්තාව හෙළිදරව් කරයි.  



“ආරම්භයේ සිටම, ශ්‍රී ලංකා ‍පොලීසිය 2022-23 විරෝධතා වෙත ප්‍රවේශ වූයේ ඒවා නීති විරෝධී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් ඒවා මර්දනය කිරීමට බලය යෙදවිය යුතු බවත් උපකල්පනය කරමිනි. සාමකාමීව උද්ඝෝෂණ කිරීමට මිනිසුන්ට අයිතියක් ඇති බවත්, විරෝධතා සඳහා පහසුකම් සැළසීමට සහ විරෝධතා ආරක්ෂා කිරීමට බලධාරීන්ට යුතුකමක් ඇති බවත් හඳුනා ගැනීමට පොලිසිය අසමත් වී තිබේ. ඒ වෙනුවට ඔවුන් ‍‍බොහෝ දුරට සාමකාමී විර‍ෝධතාකරුවන් ඉලක්ක කර, ලුහුබැඳ ගොස් පහර දී ඇතැ,’’ යි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ස්මෘති සිං පවසයි.

විරෝධතා පාලනයට හමුදාව යෙදවීම සාමාන්‍යයෙන් සුදුසු නැති බව පෙන්වා දෙන වාර්තාව, එසේ තිබියදීත්, රටේ දකුණේ විරෝධතා කිහිපයකදීම විරෝධතා මර්දනයට හමුදා නිලධාරීන් යෙදවීම දක්නට ලැබුණු බව ප්‍රකාශ කරයි.

මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ පොලිස්පති යන සියලු දෙනාටම මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් විමර්ශනය කිරීමේ බලය ඇතත්, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ ආරක්ෂක අංශ විසින් මෙසේ පුළුල් මානව හිමිකම් කඩකිරීම් කර තිබියදීත්, 2022 සහ 2023 වසර තුළ දී විරෝධතා මර්දනයට නීතිවිරෝධී ලෙස බලය යෙදීම සම්බන්ධයෙන් එකදු පොලිස් නිලධාරියකුට හෝ හමුදා සාමාජිකයකුට හෝ විරුද්ධව නඩු පවරා නැති බව මෙම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.

වධහිංසා පැමිණවීම හෝ වෙනත් කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විශ්වසනීය චෝදනා සියල්ල සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශනයක් සිදු කර සාධාරණ නඩු විභාගයකින් අනතුරුව වගකිවයුතු සියලු නිලධාරීන් හට ජ්‍යෙෂ්ටත්වය නොසළකා දඬුවම් පැමිණවීම (මරණ දණ්ඩනයට ලක් නොකර) සහතික කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නීතිපතිවරයාට නිර්දේශ කරයි.


එසේම සාමකාමීව රැස්වීමේ නිදහස සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීමටත් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ක්‍රියාකිරීමටත් ශ්‍රී ලංකා බලධාරීන් යොමු කිරීමට, තමන් සතු සියලුම ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ කලාපීය ඉඩ ප්‍රස්ථා භාවිතා කරන මෙන් ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාවයන්හි නියැලී සිටිනආණ්ඩු ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඉල්ලා සිටී. 

 


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...