The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

ඉන්දීය හමුදාවට විරුද්ධව අහිංසාවාදී සටනින් මියගිය මාතාවක් සැමරේ

T

The Leader Desk

April 22, 2024 • 2:07 PM

 ඉන්දීය හමුදාවට විරුද්ධව අහිංසාවාදී සටනින් මියගිය මාතාවක් සැමරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ මාතාවක් උතුරු, නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණය කර තිබේ.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය, කිලිනොච්චිය, මඩකලපුවේ මෙන්ම යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාලය තුලත්, ත්‍රිකුණාමලයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) කාර්යාලයේත් අප්‍රේල් 19 වැනිදා මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා පූපති මෑණියන් වෙනුවෙන් අනුස්මරණ පැවැති බවයි.
  • පූපති මෑණියන්ට උපහාර පිනිස දෙමළ ජාතික ජනතා පෙරමුණ අප්‍රේල් 13 වැනිදා යාපනයෙන් ආරම්භ කළ උපහාර පෙළපාලි රථය ද මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය හරහා අප්‍රේල් 18 වැනිදා මඩකලපුව වෙත ළඟා වී තිබේ.
  • පූපති මෑණියන් සිහි කරමින් අප්‍රේල් 19 වැනිදා කිලිනොච්චියේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ සංවිධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවඥානම් ශ්‍රී ධරන්ගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මක උපවාසයක්ද ක්‍රියාත්මක වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ මාතාවක් උතුරු, නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණය කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය, කිලිනොච්චිය, මඩකලපුවේ මෙන්ම යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාලය තුලත්, ත්‍රිකුණාමලයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) කාර්යාලයේත් අප්‍රේල් 19 වැනිදා මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා පූපති මෑණියන් වෙනුවෙන් අනුස්මරණ පැවැති බවයි.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී පූපති මෑණියන් වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා සිදු කළ අනුස්මරණය සංවිධානය කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි.

පූපති මෑණියන්ට උපහාර පිනිස දෙමළ ජාතික ජනතා පෙරමුණ අප්‍රේල් 13 වැනිදා යාපනයෙන් ආරම්භ කළ උපහාර පෙළපාලි  රථය ද  මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය හරහා අප්‍රේල් 18 වැනිදා මඩකලපුව වෙත ළඟා වී තිබේ.

මඩකලපුවේ නාවලඩි ග්‍රාමයේ ඉදිකර තිබෙන පූපති මෑණියන්ගේ ස්මාරකය අසලදී අප්‍රේල් 19 වැනිදා දෙමළ ජාතික පක්ෂ වල නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පූපති මෑණියන්ගේ පවුගේ සාමාජිකයන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසීන් ද ඇය අනුස්මරණය කර මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර පිදීමට කටයුතු කර ඇත.

පූපති මෑණියන් සිහි කරමින් අප්‍රේල් 19 වැනිදා කිලිනොච්චියේ දී  ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ සංවිධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවඥානම් ශ්‍රී ධරන්ගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මක උපවාසයක්ද ක්‍රියාත්මක වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.


“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය. ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ  ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.


එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය  උපවාසය නිමා වුයේ  ජීවිතයට සමු දෙමිනි.ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.

අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇයට පුද කරමින් කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.

මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.


amma

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...