The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

කැඳ දන්සල නිසා සිරගත කළ දෙමළ හතරදෙනාට ඇප

T

The Leader Desk

May 17, 2024 • 2:55 PM

කැඳ දන්සල නිසා සිරගත කළ දෙමළ හතරදෙනාට ඇප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරමින් ලබාගත් උසාවි නියෝගයක් අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි දෙමළ ජාතිකයන් සිව් දෙනා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
  • කැඳ තහනම ඉවත් කරගැනීම සඳහා මෙන්ම රිමාන්ඩ් ගත කර සිටි සිව් දෙනාට ඇප ලබා ගැනීම සදහා ද අධිකරණයේ කරුණු දැක්වීමට මුස්ලිම් නීතිඥයන් පිරිසකගේ සහාය හිමිව තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • සබැඳි පුවත් : මුතුර් උසාවිය පැනවූ කැඳ තහනම දවස් හතරින් ඉවතට 'මුල්ලිවයික්කාල් කන්ජි' නොහොත් කැඳ යනු මොනවාද?
  • යුද සමයේ මියගිය හා අතුරුදන් වූ පුද්ගලයන් ගැන සංවේදී ලෙස ක්‍රියාකල යුතුයි - කරු නැගෙනහිර කැඳ දන්සලක් වැසීමේ පොලිස් උත්සාහය අසාර්ථකයි ‘ත්‍රස්තවාදය’ට විරුද්ධව වෙසක් මාසයේ කැඳ දන්සලකට උසාවි තහංචි කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කරමින් ලබාගත්  උසාවි නියෝගයක් අනුව පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි දෙමළ ජාතිකයන් සිව් දෙනා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලීසිය විසින් මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා, කමලේස්වරන් විජිතා, සෙල්ව විනෝද් සුජානි යන කාන්තාවන් තිදෙනා  හා නවරත්න රාසා හරිහර කුමාර් යන සිව් දෙනා,  එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත නිදහස් කිරීමට මුතුර් මහේස්ත්‍රාත් තස්ලීන් ෆවුසාන් මැයි 17 වැනිදා නියෝග කළ බවයි.

අත්අඩංගුවට ගත් සිව්දෙනාට මැයි 16 වැනිදා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ නඩු ගොනු කර තිබු පොලීසිය අද එය වෙනස් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු ගොනු කිරීමත් සමග ඔවුන්ට ඇප ලබා ගැනීමට නීතිඥ නාගරාජා මෝහන් සමත් වු බව ඔවුහු වැඩි දුරටත් පවසති.

දෙමළ ජාතිකයන් සිව් දෙනා ප්‍රචණ්ඩ ලෙස අත් අඩංගුවට ගැනීමට මග පෑදු මුතුර් අධිකරනයේ තහනම් නියෝගය දින හතරක් තුලදී ඉවත් කරගැනීමට නීතිඥ කනගරත්නම් සුගාෂ් ප්‍රමුඛ නීතිඥවරුන් මැයි 16 වැනිදා  සමත්ව තිබුනි.

කැඳ තහනම ඉවත් කරගැනීම සඳහා මෙන්ම රිමාන්ඩ් ගත කර සිටි සිව් දෙනාට ඇප ලබා ගැනීම සදහා ද  අධිකරණයේ කරුණු දැක්වීමට මුස්ලිම් නීතිඥයන් පිරිසකගේ සහාය හිමිව තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.


සබැඳි පුවත් :

මුතුර් උසාවිය පැනවූ කැඳ තහනම දවස් හතරින් ඉවතට

'මුල්ලිවයික්කාල් කන්ජි' නොහොත් කැඳ යනු මොනවාද? එය සකස් කරන්නේ ඇයි?

මුල්ලිවයික්කාල් කැඳ දන්සැල් තහනම් කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?

යුද සමයේ මියගිය හා අතුරුදන් වූ පුද්ගලයන් ගැන සංවේදී ලෙස ක්‍රියාකල යුතුයි - කරු 

නැගෙනහිර කැඳ දන්සලක් වැසීමේ පොලිස් උත්සාහය අසාර්ථකයි

‘ත්‍රස්තවාදය’ට විරුද්ධව වෙසක් මාසයේ කැඳ දන්සලකට උසාවි තහංචි

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...