The Leader News
BREAKING
ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී තිලක් පෙරේරා දැයෙන් සමුගනී●විශ්‍රාමික වැටුප් අර්බුදය ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක්●ඇත් ඝාතන නඩු සකසන දුර්වලතා ගැන මහාධිකරණයෙන් රතු එළියක්●විප්ලවය සහ පාලනය ගැන මිලින්දගෙන් අනතුරු ඇඟවීමක්●හරිත විදුලි ලිපිගොනු හිරවෙද්දී ඩීසල් මාෆියාවෙන් බිල ඉහළට●චීන යුවාන් ගිණුම් පියවීම: ආර්ථික ස්වාධීනත්වයට නව අභියෝගයක්ද?●ජාතික විදුලිබල පද්ධතියේ බිඳවැටීම: තාක්ෂණික ගැටලුවක්ද, කළමනාකරණ දුර්වලතාවක්ද?●මහජන බැංකුවේ දැවැන්ත ලාභය යට සැඟවුණු අවදානම●වසර 20ක ආර්ථික දැක්මක්: එජාප ‘හරිත පත්‍රිකාව’ කරළියට●සංවිධානාත්මක අපරාධ පනත ගැන නාමල් සහ හර්ෂණ පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ●
Top Ad
පුවත්

පාලිතගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ - රවී කරුණානායක

T

The Leader Desk

May 29, 2024 • 9:28 AM

පාලිතගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ - රවී කරුණානායක 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රකාශය පක්ෂයේ මතය නොවනබව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.
  • ව්‍යවස්ථානුකුලව නියමිත කල වකවානුවේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ එම මැතිවරණයට ඉදිරිපත් වන බව රවී කරුණානායක සඳහන් කරයි.
  • මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමඟම සියලු දේශපාලන පක්ෂ තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබිණි. මෙම ප්‍රකාශය තම මහලේකම්වරයා හරහා ඉදිරියට දමා මහජනතාවගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ දැයි දේශපාලන පක්ෂ තුළ බරපතල සැකයක් මතුව ඇත.
  • එහෙත් කොළඹ දිස්ත්‍රික් එජාප නායක රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබුණේ එය රංගේ බණ්ඩාරගේ පුද්ගලික ප්‍රකාශයක් මිස වෙන දෙයක් නොවන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකාශය පක්ෂයේ මතය නොවනබව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

ව්‍යවස්ථානුකුලව නියමිත කල වකවානුවේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර නිර්දේශපාලනික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ එම මැතිවරණයට ඉදිරිපත් වන බව රවී කරුණානායක සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර විසින් “ජාතිය බේරා ගැනීම සඳහා” ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය යෝජනා කළේ යැයි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

එහිදී රංගේ බණ්ඩාර තවදුරටත් පැවසුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් සමඟ රජය ගිවිසුම්වලට එළඹ ඇති බවත්, මෙම අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය බවත්ය. 

ආර්ථිකය ස්ථාවර කිරීම හැමදේටම වඩා වැදගත් යැයි රංගේ බණ්ඩාර අවධාරණය කළේය.

“ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අපි යෝජනා කරනවා, එය කළ හැකි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එයයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.



මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමඟම සියලු දේශපාලන පක්ෂ තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වී තිබිණි. 

මෙම ප්‍රකාශය තම මහලේකම්වරයා හරහා ඉදිරියට දමා මහජනතාවගේ ප්‍රතිචාරය පරීක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ දැයි දේශපාලන පක්ෂ තුළ බරපතල සැකයක් මතුව ඇත.

එහෙත් කොළඹ දිස්ත්‍රික් එජාප නායක රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබුණේ එය රංගේ බණ්ඩාරගේ පුද්ගලික ප්‍රකාශයක් මිස වෙන දෙයක් නොවන බවය.

“මේක ජනාධිපතිතුමාගේ තීරණයක් නෙවෙයි” රවී කරුණානායක කීවේය.

ජනතා විශ්වාසය රැකගෙන කටයුතු කිරීම මිස වෙනත් ක්‍රමවලට වැඩකර පලක් නැති බව ද රවී කරුණානායක අවධාරණය කළේය.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...