The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

දකුණු ආසියාවේ දැවැන්තම ඥාන සංහාරයකට හතලිස් තුන් අවුරුද්දයි

T

The Leader Desk

June 2, 2024 • 11:13 AM

දකුණු ආසියාවේ දැවැන්තම ඥාන සංහාරයකට හතලිස් තුන් අවුරුද්දයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත 2024 ජුනි 1 වැනි දින යාපනය පුස්තකාලාධිපතිනි සිවකරන් අනුෂියාගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය මහනගර සභාවේ කොමසාරිසා එස්.
  • ක්‍රිෂ්නේන්ද්‍රන්ගේ සහභාගීත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය පියනමක් සමරමිනි.
  • පුෂ්පදීපානුස්මරණය සදහා පුස්තකාලයේ කාර්යමණ්ඩලයට අමතරව පාඨකයන්ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
  • රනිල්ගේ සමාව මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද යාපනය පුස්තකාලය එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගිනි තැබීම සම්බන්ධයෙන් 2018 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):


අලුතින් 2003 දී විවෘත කරන ලද පුස්තකාලය ඇතුලත 2024 ජුනි 1 වැනි දින යාපනය පුස්තකාලාධිපතිනි සිවකරන් අනුෂියාගේ ප්‍රධානත්වයෙන් සහ යාපනය මහනගර සභාවේ කොමසාරිසා එස්. ක්‍රිෂ්නේන්ද්‍රන්ගේ සහභාගීත්වයෙන් අනුස්මරණය පවත්වා ඇත්තේ මුල් පුස්තකාලයේ නිර්මාතෘ සහ එහි විනාශය නිසාම අවසන් ගමන් ගිය පියනමක් සමරමිනි.

සිය පතපොත සහ නිවස 1933 දී දන් දෙමින් පුස්තකාලයට මුලපිරූ කේ.එම් චෙල්ලප්පා සහ දකුණින් ආ මැරයන්ගේ ප්‍රහාරයෙන් පුස්තකාලය ගිනිගනු දැක වැළඳුනු හෘදයාබාධයකින් තම ජීවිතයද නිමවූ  ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ගුරුවර වාග් විශේෂඥ හයසින්ත් සින්ගරායර් ඩේවිඩ් පියතුමා ආලේඛ්‍ය ඡායාරූප අබියස කාර්ය මණ්ඩලය විසින් මල් පුදා පහන් දල්වන ලදී.

පුෂ්පදීපානුස්මරණය සදහා පුස්තකාලයේ කාර්යමණ්ඩලයට අමතරව පාඨකයන්ද එක්ව සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

එදින පස්වරුවේ දෙමළ ජාතික ජනතා පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් පුස්තකාල ගොඩනැගිල්ල අබියත  පැවති අනුස්මරනයකට දෙමළ සහ මුස්ලිම් දෙපිරිසම එක්ව සිටිනු දක්නට ලැබිණ.

සිරිල් සහ ගාමිණී

දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 97,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමේ ඥාන සංහාරය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක ඇමැති දේපල යාපනයේ සිටියදීයි.

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ වත්මන් විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාසයි.

රනිල්ගේ සමාව


මානව වර්ගයාට අහිමිව ගිය මිල කළ නොහැකි සම්පතක් ලෙසින් විද්‍යාර්ථීන් විසින් අගය කරන ලද යාපනය පුස්තකාලය එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ගිනි තැබීම සම්බන්ධයෙන් 2018 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ සමාව අයැද තිබුනි.

“අපේ කාලේ පුස්තකාලේ ගිනිතිබ්බා. අපි ඒ ගැන කනගාටු වෙනවා. සමාව ඉල්ලා සිටිනවා,” යි රනිල් වික්‍රමසිංහ අගමැති වරයා 2018  දෙසැම්බර් 6 දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම වසරේ  අයවැය විවාදයට සහභාගි වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන්ද සමාව ඉල්ලා සිටින ලෙස රනිල් වික්‍රමසිංහ එදින  අභියෝගයක්ද කළේය.

යුද සමයේ පල්ලි සහ කෝවිල් විනාශ කර දමන ලද බව රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුව හමුවේ එදින  වැඩි දුරටත් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.

ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී.

ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් මේතාක් කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත.

 ag 1

ah 56

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...