දෙමළ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ත්‍රස්ත විමර්ශන පොලිසිය දිගින් දිගටම සිදු කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස උතුරේ ජනතා

නියෝජිතයකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා දිනක් ගතවීමටත් මත්තෙන් නැගෙනහිර පළාතේ තවත් ක්‍රියාකාරීන් දෙදෙනකු ත්‍රස්ත පොලීසිය වෙත කැඳවා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ජුනි මස 11 සහ 12 යන දිනයන්හි මඩකලපුව පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) ඒකකය වෙත පැමිණෙන ලෙස ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපු දිස්ත්‍රික් තරුණ අංශයේ හිටපු සභාපතිට හා දෙමළ තරුණ ජනතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරවරයාට දැනුම් දී ඇති බවයි.

සිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා විසින් ජුනි 4 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කරන ලද ලිපියක් එදිනම පාර්ලිමේන්තුවේද සභා ගත කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ත්‍රස්ත පොලිසිය දිගින් දිගටම විමර්ශන හා තර්ජන කරමින් දෙමළ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බවට අනතුරු අඟවා තිබුනි.


මෙම අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස ඉල්ලා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුනේ ගතවූ තුන් මාසය තුල පමණක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (CTID) විසින් කැඳවනු ලැබූ දෙමළ හත් දෙනකු පිළිබඳ විස්තරද ලබා දෙමිනි.

ඊට පසු දින වු ජුනි 05 වැනිදා කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිගේ අත්සනින් යුතුව නිකුත් කළ  "පොලිස් 265 " පනිවිඩ පෝරමය මගින් දෙමළ තරුණ ජනතා  ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ජීවරත්නම් තවේස්වරන් වෙත දැනුම් දී ඇත්තේ ‘විමර්ශන කටයුත්තක් සදහා’ දෙමළ තරුණ ජනතා ව්‍යාපාරයට අයත් පොත් පත්ද රැගෙන ජුනි11 හා 12 වන දින දෙකේ උදෑසන 8 ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපු උප ඒකකය වෙත පැමිණෙන ලෙසයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපු ඒකකයේ ස්ථානාධිපතිගේ අත්සනින් යුතුව ජුනි 6 වැනිදා නිකුත් කළ  "පොලිස් 265 " පනිවිඩ පෝරමය මගින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපු දිස්ත්‍රික් තරුණ අංශයේ හිටපු සභාපති ලෝහිතරාජා දීපාකරන් ට දැනුම් දී ඇත්තේ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජුනි11 වැනි දින  උදෑසන 9 ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපු උප ඒකකය වෙත පැමිණෙන ලෙසයි.

උතුරු නැගෙනහිර දෙමළ ජාතික භූමිකාවල නිරත බොහෝ ක්‍රියාකාරීන්ගේ සමාජ සහ දේශපාලන කටයුතු වලට තර්ජනය හා අඩම්තේට්ටම් වන ආකාරයෙන් ගෙන යන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පුළුල්ව ක්‍රියාත්මක වීම ජනාධිපතිගේ රජය සම්බන්ධයෙන් සෘනාත්මක මතයක් ඇති කර ඇති මොහොතේ වත්මන් සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජුනි 4 වැනිදා ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුනි.



සබැඳි පුවත් :
ත්‍රස්ත මර්දන පොලිසිය යොදවා ‘දෙමළ ජන ජීවිත විනාශ කිරීමේ සැලසුමක්’

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image