The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

ජනපතිට කිව්වත් නොනැවතී ත්‍රස්ත පොලිසිය දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් පසුපස

T

The Leader Desk

June 8, 2024 • 6:20 AM

ජනපතිට කිව්වත් නොනැවතී ත්‍රස්ත පොලිසිය දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් පසුපස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජිතයකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා දිනක් ගතවීමටත් මත්තෙන් නැගෙනහිර පළාතේ තවත් ක්‍රියාකාරීන් දෙදෙනකු ත්‍රස්ත පොලීසිය වෙත කැඳවා තිබේ.
  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ජුනි මස 11 සහ 12 යන දිනයන්හි මඩකලපුව පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) ඒකකය වෙත පැමිණෙන ලෙස ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපු දිස්ත්‍රික් තරුණ අංශයේ හිටපු සභාපතිට හා දෙමළ තරුණ ජනතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරවරයාට දැනුම් දී ඇති බවයි.
  • මෙම අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස ඉල්ලා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුනේ ගතවූ තුන් මාසය තුල පමණක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (CTID) විසින් කැඳවනු ලැබූ දෙමළ හත් දෙනකු පිළිබඳ විස්තරද ලබා දෙමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජිතයකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා දිනක් ගතවීමටත් මත්තෙන් නැගෙනහිර පළාතේ තවත් ක්‍රියාකාරීන් දෙදෙනකු ත්‍රස්ත පොලීසිය වෙත කැඳවා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ජුනි මස 11 සහ 12 යන දිනයන්හි මඩකලපුව පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ (CTID) ඒකකය වෙත පැමිණෙන ලෙස ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපු දිස්ත්‍රික් තරුණ අංශයේ හිටපු සභාපතිට හා දෙමළ තරුණ ජනතා ව්‍යාපාරයේ සම්බන්ධිකාරවරයාට දැනුම් දී ඇති බවයි.

සිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා විසින් ජුනි 4 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමු කරන ලද ලිපියක් එදිනම පාර්ලිමේන්තුවේද සභා ගත කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව ත්‍රස්ත පොලිසිය දිගින් දිගටම විමර්ශන හා තර්ජන කරමින් දෙමළ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බවට අනතුරු අඟවා තිබුනි.


මෙම අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස ඉල්ලා ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුනේ ගතවූ තුන් මාසය තුල පමණක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය (CTID) විසින් කැඳවනු ලැබූ දෙමළ හත් දෙනකු පිළිබඳ විස්තරද ලබා දෙමිනි.

ඊට පසු දින වු ජුනි 05 වැනිදා කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිගේ අත්සනින් යුතුව නිකුත් කළ  "පොලිස් 265 " පනිවිඩ පෝරමය මගින් දෙමළ තරුණ ජනතා  ව්‍යාපාරයේ සම්බන්ධිකාරක ජීවරත්නම් තවේස්වරන් වෙත දැනුම් දී ඇත්තේ ‘විමර්ශන කටයුත්තක් සදහා’ දෙමළ තරුණ ජනතා ව්‍යාපාරයට අයත් පොත් පත්ද රැගෙන ජුනි11 හා 12 වන දින දෙකේ උදෑසන 8 ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපු උප ඒකකය වෙත පැමිණෙන ලෙසයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපු ඒකකයේ ස්ථානාධිපතිගේ අත්සනින් යුතුව ජුනි 6 වැනිදා නිකුත් කළ  "පොලිස් 265 " පනිවිඩ පෝරමය මගින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපු දිස්ත්‍රික් තරුණ අංශයේ හිටපු සභාපති ලෝහිතරාජා දීපාකරන් ට දැනුම් දී ඇත්තේ විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජුනි11 වැනි දින  උදෑසන 9 ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ මඩකලපු උප ඒකකය වෙත පැමිණෙන ලෙසයි.

උතුරු නැගෙනහිර දෙමළ ජාතික භූමිකාවල නිරත බොහෝ ක්‍රියාකාරීන්ගේ සමාජ සහ දේශපාලන කටයුතු වලට තර්ජනය හා අඩම්තේට්ටම් වන ආකාරයෙන් ගෙන යන විමර්ශන සහ අත්අඩංගුවට ගැනීම් පුළුල්ව ක්‍රියාත්මක වීම ජනාධිපතිගේ රජය සම්බන්ධයෙන් සෘනාත්මක මතයක් ඇති කර ඇති මොහොතේ වත්මන් සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජුනි 4 වැනිදා ශිවඥානම් ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුනි.



සබැඳි පුවත් :
ත්‍රස්ත මර්දන පොලිසිය යොදවා ‘දෙමළ ජන ජීවිත විනාශ කිරීමේ සැලසුමක්’

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...