The Leader News
BREAKING
ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරයි●ඥානසාර හිමිට සමාව දීමට දිලිත්ගෙන් ජනපතිට යෝජනාවක්●නවසීලන්ත වැඩ වීසා ක්‍රමයට දැඩි සීමා පැනවීමේ සූදානමක්●බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නව ඉතිහාසයක්: AI කටහඬින් සැකසුණු පළමු දේශනය●අහසේ කරණම් ගසන ටෙස්ලා රෝඩ්ස්ටර්: තාක්ෂණික විප්ලවයක්ද?●හෙග්සෙත්ගේ සජීවී විකාශන සැලසුම ජනපති ට්‍රම්ප් නවත්වයි●කාවන්තිස්ස හස්තිරාජයා දැයෙන් සමුගනී: අලි–මිනිස් ගැටුමේ ඛේදවාචකය●යුක්‍රේන ඩ්‍රෝන සීමා කිරීමේ නියෝගය ධවල මන්දිරයෙන් බව හෙළිවෙයි●සුපර් ලීග් තරග ජනතාවට සමීප කරන්න ශ්‍රී ලංකා පාපන්දු - Dialog Play හවුලක්●FIFA ලොක්කා ඉන්ෆන්ටීනෝ සමාව ගනී: පුටුවත් අස්ථිරයි!●
Top Ad
පුවත්

උතුරේ මාධ්‍යවේදියකුගේ නිවසකට ගිනි ප්‍රහාරයක්

T

The Leader Desk

June 13, 2024 • 3:46 PM

උතුරේ මාධ්‍යවේදියකුගේ නිවසකට ගිනි ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම ගිනි තැබීමෙන් යාපනය පදනම් කරගත් නිදහස් මාධ්‍යවේදී තම්බිතුරෙයි ප්‍රදීපන්ගේ යතුරුපැදිය ගිනි ගෙන ඇති අතර ඔහුගේ සහෝදරයකුට අයත් ත්‍රිරෝද රථයටද පහර දී එම පිරිස දැඩි හානි සිදු කර ඇති බවයි.
  • යාපනය අච්චුවේලියේ, පත්තමේනිහි කාලි කෝවිල ආසන්නයේ පිහිටි සිය නිවසේ ජීවත් වන මාධ්‍යවේදී තම්බිතුරෙයි ප්‍රදීපන් සිය මාධ්‍ය සගයන් සමග පවසා ඇත්තේ ජුනි 13 වැනිදා අළුයම 12.15 ට පමණ යතුරු පැදි දෙකකින් සිය නිවසට පැමිණි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිවසේ ඉදිරි කොටසට ගිති තැබු බවයි.
  • ගින්නෙන් නිවසේ ඉදිරි කොටසේ තිබු බඩු භාණ්ඩ ඇතුළු දේපල රැසකට හානි සිදුව ඇති අතර මාළු ටැංකිය හා නිවසේ ජනේල වලටද හානි සිදුව තිබේ.
  • නාදුනන පිරිස විසින් සිදු කළ පහර දීම් හේතුවෙන් නිවසේ ගේට්ටුවටද දැඩි හානි සිදුව ඇති බව පෙන්වා දෙන මාධ්‍යවේදියා තව දුරටත් පවසන්නේ "සංක්‍රාන්තික ලිංගික හැගීම් වැරදි ලෙස නිරූපනය නොකරන්න" යනුවෙන් දෙමළ බසින් මුද්‍රිත පත්‍රිකාවක්ද එම පිරිස විසින් සිය ඉඩමේ දමා ගොස් තිබු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි හානි පමුණුවා තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ එම ගිනි තැබීමෙන් යාපනය පදනම් කරගත් නිදහස් මාධ්‍යවේදී තම්බිතුරෙයි ප්‍රදීපන්ගේ යතුරුපැදිය ගිනි ගෙන ඇති අතර ඔහුගේ සහෝදරයකුට අයත් ත්‍රිරෝද රථයටද පහර දී  එම පිරිස දැඩි හානි සිදු කර ඇති බවයි.

යාපනය අච්චුවේලියේ, පත්තමේනිහි කාලි කෝවිල ආසන්නයේ පිහිටි සිය නිවසේ ජීවත් වන මාධ්‍යවේදී තම්බිතුරෙයි ප්‍රදීපන් සිය මාධ්‍ය සගයන් සමග පවසා ඇත්තේ ජුනි 13 වැනිදා අළුයම 12.15 ට පමණ යතුරු පැදි දෙකකින් සිය නිවසට පැමිණි පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  නිවසේ ඉදිරි කොටසට ගිති තැබු බවයි.

ගින්නෙන් නිවසේ ඉදිරි කොටසේ තිබු බඩු භාණ්ඩ ඇතුළු දේපල රැසකට හානි සිදුව ඇති අතර මාළු ටැංකිය හා නිවසේ ජනේල වලටද හානි සිදුව තිබේ.

නාදුනන පිරිස විසින් සිදු කළ පහර දීම් හේතුවෙන් නිවසේ ගේට්ටුවටද දැඩි හානි සිදුව ඇති බව පෙන්වා දෙන මාධ්‍යවේදියා තව දුරටත් පවසන්නේ "සංක්‍රාන්තික ලිංගික හැගීම් වැරදි ලෙස නිරූපනය නොකරන්න" යනුවෙන් දෙමළ බසින් මුද්‍රිත පත්‍රිකාවක්ද  එම පිරිස විසින් සිය ඉඩමේ දමා ගොස් තිබු බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයා අච්චුවේලි පොලීසියට පැමිණිලි කර ඇති අතර පොලීසිය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

තම්බිත්තුරෙයි ප්‍රදීපන් යාපනයේ සිට මාධ්‍ය ආයතන කිහිපයකටම ප්‍රවෘත්ති සම්පාදනය කරන ප්‍රමුඛ පෙලේ නිදහස් මාධ්‍යවේදියෙකි.

 

mzxcsw33

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...