leader s

යුද්ධයෙන් දෙමාපියන් අහිමි වූවද සියළු බාධක ජය ගනිමින් විශ්වවිද්‍යාල සිසු නායකයකුද වු දරුවකු යුද්ධයෙන්ම මිය යෑම තේමා කරගනිමින්

නවකතාවක් ලියු දෙමළ කලා සාහිත්‍ය සංසදයේ සභාපතිවරයාගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) ප්‍රශ්න කර තිබේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ කිලිනොච්චි, පරන්තන් ඒකකයට ජුනි 16 වැනිදා කැදවා මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත්තේ ‘ත්‍රස්තවාදියා’  (பயங்கரவாதி) නවකතාව ලිවීම තුළ කොටි සංවිධානය නැවත නිර්මාණය කිරීමේ අදහසක් පවතීද යන්නයි.

nadugal jaffna


ජී ජී සරත් ආනන්ද විසින් ස්මාරක ශිලාවත යනුවෙන් සිංහලට නගන ලද යුද්ධාවසානයෙන් පසුව උතුරේ ලියැවුණු පළමු නවකතාව සේ සැලකෙන නඩුගල් (நடுகல்) කෘතියේ කතුවරයා ලෙසින් දීපචෙල්වන් මහත් පාඨක, විචාරක අවධානය දිනාගත්තෙකි.


‘ත්‍රස්තවාදියා’ නවකතාව එල්.ටී.ටී.ඊ ය නැවත පණ ගැන්වීමේ අරමුණින් ලියැවුණු එකක් දැයි ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වැඩි දුරටත් විමසා ඇත්තේ, නවකතාවේ ‘මාරන්’ නැමැති චරිතය කවුද යන්න සහ ඔහු මේ වන විට කොහේ සිටින කෙනෙක්ද යන්නයි. නවකතාවේ ඇතුලත් හමුදා චරිත සම්බන්ධයෙන්ද ත්‍රස්ත මර්දන පොලීසිය ඔහුගෙන් විමසා තිබේ.

කතුවර ප්‍රදීපන් දීපචෙල්වන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට ප්‍රකාශ කර ඇත්තේ සිය නව කතාවේ එන සියළු චරිත මනඃකල්පිත බවයි.

එම නවකතාව තුළ එල්.ටී.ටී.ඊ ය යළි පණ ගැන්වීමේ අදහස් තිබේද යන්න පිළිබඳවද ත්‍රස්ත මර්දන පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ කතුවරයා අවධාරණය කර ඇත්තේ එවැනි අදහසක් සිය නවකතාව තුල නොමැති අතර අතීතයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් නව කතාව තුළ කතා බස් කෙරෙන බවයි.


යාපනය විශ්වවිද්‍යාලයේ ඇතැම් ශිෂ්‍ය නායකයන් සහ සිසුන් ඝාතනයට ලක්වීම පසුබිම කරගෙන තමන් විසින් මනඃකල්පිත ලෙස මාරන් නැමැති චරිතය නිර්මාණය කළ අතර යුද්ධයෙන් මව සහ පියා අහිමි වන මාරන් සියළු බාධක ජයගනිමින් සරසවි වරම් ලබා අනතුරුව එහි සිසු නායකයෙකු බවටද පත්ව යුද්ධයෙන්ම මිය යෑම පදනම් කරගනිමින් මෙම නවතකාව නිර්මාණය කර ඇති බවත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ තව දුරටත් පැහැදිලි කර තිබේ.


“මගේ නවකතාව යුද්ධයෙන් මව සහ පියා අහිමි වූ දරුවකු එයින් මිදී අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාලයට යන බවත් එහි ශිෂ්‍ය නායකයා වූ තරුණයා පසුව යුද්ධයෙන් මිය යන බවත් මම පැහැදිලි කළා,” යි කතුවරයා සිය මාධ්‍ය සගයන් සමග පවසා ඇත.

කුමන තත්වයක් යටතේවත් අධ්‍යාපනය අත් නොහරින සිය නවකතාවේ මාරන් චරිතය තුළින් අධ්‍යාපනය පිළිබඳව කතා කරන බව පොලීසියට පැහැදිලි කර ඇති කතුවරයා තව දුරටත් අවධාරණය කර ඇත්තේ අනාගතයේදී යුද්ධය, මරණය, විනාශය සිදු නොවිය යුතු බව ඒත්තු ගැන්වීමට මෙම නවකතාව රචනා කළ බවයි.

සිය නවකතාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් තමන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට වැඩි දුරටත් කළ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් මාධ්‍ය සගයන්ට විස්තර කර ඇත්තේ පහත අයුරිනි.


“හමුදාවේ වැරදි කළ සාමාජිකයන් අතර හොද හමුදා නිලධාරීන් ගැනත්, විමුක්ති කොටින් බේරා ගත් හමුදා සෙබළුන් ගැනත් ත්‍රස්තවාදීයා නවකතාවෙන් කතා කරන බවත්, සිංහල ජනතාව මෙය කියවා බැලුවහොත් දෙමළ ජනතාව තේරුම් ගැනීමට පාර කැපෙනවා හැර කිසි විටෙක ජාතිබේද ඇති නොකරන බවත් මම පෙන්වා දුන්නා.“


දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය අලිමංකඩ ප්‍රදේශයේ මාසයක් තිස්සේ සිදු කළ ප්‍රහාරයක් පාදක කරගනිමින් ජ්‍යෙෂ්ඨ දෙමළ ලේඛක නා.යෝගේන්ද්‍රන් විසින් රචිත ‘34 නාට්කලිල් නීන්දික්කඩන්ද නෙරුප්පාරු (34 දිනක් තුල අග්නි ගංගා තරණය)’ නව කතාව එළිදැක්වීමේ උත්සවය සංවිධානය කිරීම ගැනත් දෙමළ කලා සාහිත්‍ය සංසදයේ වන මාධ්‍යවේදී හා ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) යේ  කිලිනොච්චි, පරන්තන් ඒකකයට කැදවා අප්‍රේල් 11 වැනිදා  පැය දෙකහමාරකට අධික කාලයක් ද ප්‍රශ්න කර තිබුනි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්