The Leader News
BREAKING
ශ්‍රීලන්කන් ගුවන් ආසන පද්ධතියට 'බොට්' ප්‍රහාරයක්; මගීන්ට අර්බුදයක්●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සෙවීමට විද්‍යාත්මක වාර්තාවක්●ඊශ්‍රායල මැතිවරණයෙන් නෙතන්යාහු පෙරමුණට: බල අර්බුදය යළි කරළියට●යුරෝපය කැළඹූ තරුණ නැගිටීම: විසඳුම් සොයන ජන පරපුර●හිස් වූ කැදැල්ලේ තනිවෙන ආදරණීය අම්මාවරුන්●ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට●හෝටල් සේවිකාවට අතවර චෝදනා: ඉන්දීය පිහිනුම් ශූරයාට ජීවිතාන්ත තහනම් අවදානමක්●සෙම්මනි වාර්තාවේ නිගමනවලට එරෙහිව අධිකරණය හමුවේ විරෝධයක්●ආසියා-පැසිෆික් සුව සමුළුවේදී ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්●දේශීය ඖෂධවලට ලෝකය දිනන අලුත් වෙළඳපොළක්●
Top Ad
පුවත්

මාධ්‍යවේදීන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඉල්ලයි

T

The Leader Desk

June 20, 2024 • 3:11 PM

මාධ්‍යවේදීන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරන්තරයෙන් වාර්තා කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස එක්සත් ජාතීන්ට උතුරෙන් පුළුල් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
  • එම විරෝධතාවයට එක්ව සිටි බහුජන සංවිධාන වල නියෝජිතයන්ගේද අත්සන් සහිතව විරෝධතාවය අවසානයේ යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණගතයන් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට ඔවුන් සන්දේශයක් බාර දී ඇත්තේ එම ලිපිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට යොමු කරන ලෙස ඉල්ලමිනි.
  • ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැක ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.
  • යාපනය අච්චුවේලි, මාවිත්තපුරම් සහ කිලිනොච්චියේ පදිංචිකරුවන් තිදෙනකු වන ඔවුන් ජුනි 19 වැනිදා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි ඔවුන් තව දුරටත් පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරන්තරයෙන් වාර්තා කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස එක්සත් ජාතීන්ට උතුරෙන් පුළුල් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනයේ නිදහස් මාධ්‍යවේදි  තම්බිදුරෙයි ප්‍රදීපන්ගේ නිවසට එල්ල වු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා දියත් කළ විරෝධතාවයකින් අනතුරුව උතුරු පළාතේ මාධ්‍යවේදීන්, දේශපාලන නියෝජිතයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, අතුරුදහන් වුවන්ගේ මව්වරුන් සහ වෘත්තිය සමිති නියෝජිතයන් මෙම ඉල්ලිම සිදු කළ බවයි.

මාධ්‍යවේදී තම්බිදුරෙයි ප්‍රදීපන්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අච්චුවේලි පොලීසිය විසින් ජුනි 18 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනා ජුනි 19 වැනිදා අධිකරණය විසින් ඇප මත නිදහස් කළ දිනයේම මාධ්‍යවේදියාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා යාපනය බස් නැවතුම් පොල ඉදිරිපිටදී පැවැත්වු විරෝධතාවය සංවිධානය කර තිබුනේ උතුරු පළාතේ මාධ්‍යවේදීන් විසිනි.

එම විරෝධතාවයට එක්ව සිටි බහුජන සංවිධාන වල නියෝජිතයන්ගේද අත්සන් සහිතව විරෝධතාවය අවසානයේ යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණගතයන් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට ඔවුන් සන්දේශයක් බාර දී ඇත්තේ එම ලිපිය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට යොමු කරන ලෙස ඉල්ලමිනි.


ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැක ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.


මාධ්‍යවේදීන්ට එල්ල වු ප්‍රහාර පිළිබදව ස්වාධින පරීක්ෂණ සදහා සහාය දීම සහ පහසුකම් සැපයීම මෙන්ම වගකිවයුත්තන්ගේ වගඋත්තර දායකත්වය සහතික කිරීම සදහා මැදිහත් වන ලෙසත් ඉල්ලා සිටින එම සන්දේශය මගින් තව දුරටත් ඉල්ලා සිටින්නේ නීති ආධාර, ආරක්ෂිත නිවාස සහ හදිසි අවශ්‍යතාවලදී ආරක්ෂක පහසුකම්, GPS පහසුකම් ඇතුළු මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් සැලසුම් සදහා උපකරණ සහ සහාය ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව සදහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට යොමු කල ලිපියේ පිටපතක් ඔවුන්  උතුරේ ආණ්ඩුකාරවරියට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ අටවැනි  ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමිනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ජුනි 13 වැනි බ්‍රහස්පතින්දා අලුයම 12.15 ට පමණ යාපනය අච්චුවේලියේ, පත්තමේනිහි පිහිටි දෙමළ මාධ්‍යවේදී තම්බිදුරෙයි ප්‍රදීපන්ගේ නිවසට යතුරුපැදිවලින් පැමිණ හඳුනා නොගත් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිවසට ගිනිතබා ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය විසින් ජුනි 18 වැනිදා සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලද බවයි.

යාපනය අච්චුවේලි, මාවිත්තපුරම් සහ කිලිනොච්චියේ පදිංචිකරුවන් තිදෙනකු වන ඔවුන් ජුනි 19 වැනිදා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි ඔවුන් තව දුරටත් පවසන්නේ.


මාධ්‍යවේදී තම්බිදුරෙයි ප්‍රදීපන්ට යුක්තිය ඉල්ලා යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී දියත් කළ විරෝධයට ප්‍රදේශයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරීන් එක්ව සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සිව්වැනි කුළුන මාධ්‍ය බව අමතක නොකරනු, අපිට ඕනේ යුක්තිය අපිට ඕනේ සත්‍යය, සත්‍ය කිසිදා නොමැරෙයි ආදී සටන් පුවරු අතැතිවයි.


මර්දනය නොකරනු - මර්දනය නොකරනු - මාධ්‍ය නිදහස මර්දනය නොකරනු,  රනිල් ආණ්ඩුවේ - රනිල් ආණ්ඩුවේ මාධ්‍ය නිදහස කෝ?, ප්‍රදීපන්ගේ නිවසට සැලසුම් කළ ප්‍රහාරය හමුදා බුද්ධි අංශයේ  උපායක් ද? ආදී සටන් පාඨ කියමින් ඔවුන් විරෝධතාවය දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බව සදහන් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට යොමු කළ ලිපියට උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි යෝගරාසා කලාරන්ජනී, දෙමළ ජාතික හරිත ව්‍යාපාරයේ සභාපති සහ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන්, යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය සම්පත් පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය දේවනායගම් දේවානන්, ඊළාම් ජනතා විප්ලවකාරී පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ටෙලෝ මාධ්‍ය ප්‍රකාශක ගුරුසාමි සුරේන්ද්‍රන්, හිටපු පළාත් සභා මන්ත්‍රී පී. ගජදීපන්, හිටපු පළාත් සභා මන්ත්‍රී එස්. සුගීර්දන්, මාක්ස්වාදී ලෙනින්වාදී පක්ෂයේ සභාපති සී.කේ සෙන්දිවේල්,  ලංකා ගුරු සංගමයේ උප සභාපති තීබන් දිලීපන්, හඬක් නැතිවුන්ගේ හඬ`සංවිධානයේ සම්බන්ධිකාරක මුරුගයියා කෝමගන් සහ සංක්‍රාන්තික ලිංගිකයන් වෙනුවෙන් ඒංජල් ක්වින්ටන් අත්සන් තබා තිබුනි.


ikjfog44r


සබැඳි පුවත් :
සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමට පොලීසියට ඇති විශේෂඥ කුසලතාව කුමක්ද? - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
දෙමළ මාධ්‍යවේදියකුට එරෙහි මෑත ප්‍රහාරය ‘නිදහස් මාධ්‍යයට මළබෙර වැයීමක්
‘ත්‍රස්තවාදියා’ නවකතාවේ ‘මාරන්’ කවුද? CTID ට ප්‍රශ්නයක්
උතුරේ මාධ්‍යවේදියකුගේ නිවසකට ගිනි ප්‍රහාරයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...