leader s

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය හෙට (21) දිනයේ විවෘත කිරීමට නියමිතයි.
සංවිධායකයින් සදහන් කළේ ඇසළ මහා පෙරහරේ අවසන් දිනයේ උදෑසන, එනම් හෙට පෙරවරු 9.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ස්වර්ණ ප්‍රවේශය විවෘත කරන බවයි.

ඓතිහාසික වටිනාකමක් ඇති කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස පටන් මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදුකරනු ලබයි.

එම චාරිත්‍ර වාරිත්‍ර සුරැකීමේ අරමුණින් ස්වර්ණද්වාරයක් ( golden gate) මෙලෙස ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා සෙබළුන්ගේ ශ්‍රමදාකත්වයෙන් මෙය ඉදිකිරීම විශේෂත්වයකි.

ඇසළ මහා පෙරහරේ අවසන් දිනය හෙට (21) රාත්‍රී පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
Katharagama123

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්