තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ

ඊයේ (29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් පරීක්ෂක නිරෝෂණී හේවා පතිරණ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පති සී.ඩී .වික්‍රමරත්න සහ නීතිපති  ඇතුළු හත්දෙනෙකු නම් කරනු  ලැබ සිටිති.

නීතිඥ නිලංග පෙරේරා මාර්ග⁣යෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.

''පෙත්සම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු අමාත්‍යවරයෙකි. පෙත්සම්කරු පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය මුදල් අවභාවිත කලා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දැනට පවතින මෙම තත්ත්වය තුළ කුමන හෝ තත්ත්වයක් මත පෙත්සම්කරු අත්අඩංගුවට ගැනමේ අවදානමක් පවතී.

එබැවින් පෙත්සම්කරුගේ ආසන්නතම මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.

එහෙයින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.''

 

අවතැන් මුස්ලිම් ජනයාට ඡන්දය දීමට යන්න ප්‍රවාහන පහසුකම් සැපයීම!

nuslim vote

මේ සම්බන්ධයෙන් theleader.lk කල සොයා බැලීමකදී අනාවරණය වුයේ, පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින  අවතැන් වූවන් 12,500 දෙනෙකුට පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා උතුරු පළාතට යාමට ඒමට ප්‍රවාහන  පහසුකම් ලබාදීමට, පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ යටතේ ඇති 'අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ශ්‍රී  ලංගම ඩිපෝවට මුදල් ගෙවීම නීති විරෝධී යැයි සඳහන් කරමිනි.

මෙම අවතැන් වූ පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ  කිරීමට තමන්ගෙ ගම් බිම් සඳහා යාමට අවශ්‍ය  ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලෙස එම අවතැන්වූවන් ගේ සංවිධානය එවකට අගමති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව එම ඉල්ලීම ඉටුකර දෙන ලෙස නැවත පදිංචි කිරීමේ විෂයභාර අමාත්‍යංශයේ ලේකම් වෙත අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක විසින් ලිඛිතව දන්වා තිබේ.

මෙයට අමතරව එම ගෙවීම සිදු කිරීම සඳහා විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර ගෙන් ඉල්ලීමක් කොට එයටද නිසි අනුමැතිය ලබාගෙන ඇත.

'අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය' මගින් පුත්තලම ඩිපෝවට ගෙවන ලද මුදල නීත්‍යානුකූලව හා උපදෙස් වලට අනුකූලව කර ඇති බව රිෂාඩ් බද්දුර්දින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති සිය පෙත්සමෙන් පැහැදිලිව සඳහන් කර ඇත.

 

ලබාගත් මුදල නැවත ගෙවලා :

මෙම මුදල අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලයෙන් ගෙවීමට සිදුව ඇත්තේ,  ඉහත සඳහන් අවතැන් වූවෙකුගේ සංගමයට එම මුදල හදිසියේ ඡන්දදායකයන්ගෙන් එකතු කරගැනීමට නොහැකිව තිබු බැවිනි.

එනමුදු 2019 නොවැම්බර් මස 22 දින එම අවතැන් වූවන්ගේ සංගමය විසින් පුත්තලම ලංගම ඩිපෝවට ගෙවන ලද  මුදල අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කළමනාකරණ ඒකකයට නැවතත් ගෙවා ඇත.

එසේ සියලු කටයුතු නිත්‍යානුකුලව හා විනිවිදභාවයකින් යුතු සිදුකර තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

 

දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනයා :

A Tamil Diaspora Perspective on Sri Lanka – Ilankai Tamil Sangam

දශක ගණනාවක් පුරා අවතැන්ව සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්ණය තවමත් දැවෙන ප්‍රශ්ණයකි.

1990 දී උතුරුකරයෙන් මුස්ලිම් ජනතාව පළවා හැර මේවනවිට දශක 03කට ආසන්නය. 1995 සිටම යාපනය ශ්‍රී ලංකා රජයේ හමුදා යටතෙහි තිබි ඇති මුත් මෙම මුස්ලිම් ජනයා යළි පදිංචි කිරීමට රාජපක්ෂ ආණ්ඩු හෝ යහපාලන ආණ්ඩු අසමත් විය.

එහෙයින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකල යුත්තේ, අවතැන්වූවන්ට ඡන්දය ලබාදීමට CTB බස්රථ ලබාදීම ගැන විමර්ශන කරන මුවාවෙන් මුස්ලිම් දේශපාලන නායකයින් දඩයම් කිරීම නොව, දශක කිහිපයක් තිස්සේ අවතැන්ව සිටින දෙමල හා මුස්ලිම් ජනයාගේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීමය.

කෙසේවුවද මහ මැතිවරණයක් කැඳවා ඇති මොහොතක සිංහල අන්තවාදීන් පිනවීමට උත්සහ කරන රාජපක්ෂවරුන් ගෙන් සුළු ජාතීන්ට එවැනි සහනයක් ලැබේ යයි සිතීම විහිළුවක් විය හැක.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image