The Leader News
BREAKING
රාජිත දිසානායක: 'බිත්තියි වහලෙයි හොඳට තියෙනකොටත් ගිනි ගන්න ගෙවල් තියෙනවා'●මහ බැංකුවේ ඩොලර් ගනුදෙනු පියවීම ලන්ඩනයට: ඇත්ත තත්ත්වය මෙන්න●ඥානසාර හිමිගේ සමාව ගැන මහාචාර්ය ජී.එල්.ගෙන් විශේෂ ප්‍රකාශයක්●ඥානසාර හිමිගේ සමාවේ අවුල: මෛත්‍රී සංඝරත්නයෙන් කොන්දේසි විරහිතව සමාව අයැදියි●කොළඹ වරායට නව ලොජිස්ටික්ස් හබ් එකක්: වරාය අධිකාරියෙන් විවෘත PPP ප්‍රවේශයක්●ණය අර්බුදයට ලංකාවෙන් ලොවටම අලුත් මූල්‍ය විසඳුමක්●ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වය හමුවේ මැක්‍රොන් පාලනය දැඩි අර්බුදයක●නව අපරාධ පනත් කෙටුම්පත ගැන නීති ක්ෂේත්‍රයෙන් අනතුරු ඇඟවීමක්●කාවන්තිස්ස ඛේදවාචකය හමුවේ ඇත් පරපුර සුරැකීමේ ජාතික මෙහෙයුමක්●HSBC සේවා පිලිපීනයට යාමේ අවදානමක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්●
Top Ad
පුවත්

හිස්කබල් හතක් පාදාගත් උතුරේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් දිගටම

T

The Leader Desk

June 3, 2025 • 2:37 PM

හිස්කබල් හතක් පාදාගත් උතුරේ අලුත්ම සමූහ මිනීවලේ කැනීම් දිගටම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මෙම කැණීමේදී මිනිස් හිස් කබල් 7ක් මතුකරගෙන තිබෙනවා.
  • ආනන්දරාජා වෙත අයදුම්පතක් ගොනු කිරීමට නියමිත බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • යාපනය, චෙම්මනියේ සින්ධු පාත්ති හින්දු සුසාන භුමියේ සමූහ මිනීවළක් බවට සැකකෙරෙන ස්ථානයේ කැනීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් ඒඒ ආනන්දරාජාගේ අධීක්ෂණයෙන් පළමුවරට ආරම්භ කර තිබුනේ මැයි 15 වැනිදා එම භුමිය මැන සකස්කර ගැනීමේ කටයුතු කිරීමෙන් පසුවයි.
  • මැයි 16 වැනිදා කැනීම් කටයුතු නිමා කරන විට මිනිස් අස්ථි කොටස් කිහිපයක් එම වළෙන් මතු කරගෙන තිබු අතර පැවැති වැසි සහිත කාලගුණික තත්වය මත නවතා දැමු කැනීම් කටයුතු නැවත ආරම්භ කර ඇත්තේ ජුනි 2 සඳුදායි.
අකුරු ප්‍රමාණය (Font Size):


වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් මැයි 15 වැනිදා කැනීම් ආරම්භ කළ යාපනයේ චෙම්මනියේ හින්දු සුසාන භූමියක පිහිටි සමූහ මිනීවලෙන් ජුනි 01 වැනිදා වන විට එම හිස්කබල් මතුකරගත් බවයි කැනීම් කටයුතු නිරීක්ෂණයේ යෙදී සිටින නීතිඥ වී. එස්. නිරන්ජන් පවසන්නේ.

"මෙම කැණීමේදී මිනිස් හිස් කබල් 7ක් මතුකරගෙන තිබෙනවා. නමුත් එය තවමත් සම්පූර්ණයෙන්ම කැණීම් කර ගොඩට ගත්තේ නැ."


උතුරු නැගෙනහිර දෙපළාතේ පිහිටි හින්දු සුසාන භුමි තුළ මිනිස් සිරුරු භුමදානය කිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන බැවින් මෙලෙස මිනිස් හිස් කබල් කිහිපයක්ම හමුව ඇති මෙම සුසානය, සමූහ සුසාන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා නීතිඥයන් මහේස්ත්‍රාත් ඒ. ආනන්දරාජා වෙත අයදුම්පතක් ගොනු කිරීමට නියමිත බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.


යාපනය, චෙම්මනියේ සින්ධු පාත්ති හින්දු සුසාන භුමියේ සමූහ මිනීවළක් බවට සැකකෙරෙන ස්ථානයේ කැනීම් කටයුතු යාපනය මහේස්ත්‍රාත් ඒඒ ආනන්දරාජාගේ අධීක්ෂණයෙන් පළමුවරට ආරම්භ කර තිබුනේ මැයි 15 වැනිදා එම භුමිය මැන සකස්කර ගැනීමේ කටයුතු කිරීමෙන් පසුවයි.

මැයි 16 වැනිදා කැනීම් කටයුතු නිමා කරන විට මිනිස් අස්ථි කොටස් කිහිපයක් එම වළෙන් මතු කරගෙන තිබු අතර පැවැති වැසි සහිත කාලගුණික තත්වය මත නවතා දැමු කැනීම් කටයුතු නැවත ආරම්භ කර ඇත්තේ ජුනි 2 සඳුදායි.

ddes33
උතුරෙන් හමුවූ සිව්වැනි සමූහ මිනීවල පිහිටි සින්ධු පාත්ති සුසාන භුමියේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීමට යෑමේදී 2025 වසරේ පෙබරවාරි 13 වැනිදා මිනිස් අස්ථියක් හමුව තිබු අතර එම අස්ථි කොටස් පරීක්ෂාව සඳහා යාපනයේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සමග පැමිණි මහේස්ත්‍රාත් ඒ ඒ ආනන්දරාජා විසින් ඒවා මිනිස් සිරුරු කොටස් දැයි විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියාට භාරදෙන ලෙස පෙබරවාරි 20 වැනිදා  පොලිසියට නියෝග කර තිබුනි.

ඔහු වැඩි දුරටත් නියෝග කර තිබුනේ  මැයි 15 වැනිදා කැනීම් කටයුතු ආරම්භ කිරීමටයි.

ඒ  අනුව කැනීම් කටයුතු වෙනුවෙන් මුලික වැඩ කටයුතු සිදු කළ මැයි 15 වැනිදා සුසාන භුමිය වෙත පැමිණ සිටි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  (OMP) විධායක අධ්‍යක්ෂ නීතිඥ ජෙනගානදන් තට්පරන් මාධ්‍යවේදීන් හමුවේ සදහන් කර තිබුනේ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුවන් සහ මිනි වලවල් අතර සම්බන්ධයක් පැවැතිය හැකිය යන පුර්ව උපකල්පනය මත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මෙම කැනීම් කටයුතු සදහා සහාය ලබා දෙන බවයි.

"විවිධ සමූහ මිනීවළවල් සහ අතුරුදහන් වූවන් අතර සම්බන්ධයක් තිබිය හැකිය යන උපකල්පනය මත පදනම්ව අපි දැනටමත් මෙම ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා තියනවා. කොක්කුතොඩුවායි, මන්නාරම සතොස සහ මන්නාරමේ තිරුකේතීස්වරම් ඇතුළු මිනී වළවල් සම්බන්ධ නඩු කැණීම් සහ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අපි එක්ව කටයුතු කරමින් ඉන්නවා."


චෙම්මනියේ සින්ධු පාත්ති හින්දු සුසාන භුමියේ සමුහ මිනී වළක් බවට සැක කෙරෙන ස්ථානයේ  ළමු අධියරේ කැනීම් කටයුතු සදහා මේ වන විටත් අධිකරණ අමාත්‍යාංශය විසින් මුදල් නිදහස් කර ඇති බවත් ඔහු එදින වැඩි දුරටත් පවසා තිබුනි.


"මෙම මිනීවළ කැණීම සඳහා අරමුදල් සපයනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය විසිනි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මේ සඳහා නිර්දේශ ලබා දෙනවා. අධිකරණයේ  අනුමැතිය ඇතිව අයවැයක් සකස් කර අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර, පළමු අදියර සඳහා මුදල් සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා."

සමුහ සුසානයේ දෙවැනි අදියරේ, දෙවැනි දිනයේ කටයුතු ජුනි 03 වැනිදාත් කෙරෙමින් පවතින බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...